
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි )
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පෙනී සිටි ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාදී ඔවුන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් බවට වාර්තා ලැබී ඇති බව පවසා කප්පම් මුදල් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලම්පිටිය වේරගොඩ ප්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නමක් පවසා ඔහු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාගෙන ඔවුන් පාස්කු පාරට සම්බන්ධ බවත් ඒ සම්බන්ධව දුරකථන විශ්ලේෂණ වාර්තා ලැබී ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගත යුතු බවට පවසා තිබූ බව පොලිසිය කියයි.
එසේ සිදු නොකිරීමට නම් ලබා දෙන ලද බැංකු ගිණුමට මුදල් බැර කරන ලෙසත් එසේ නොකරන්නේ නම් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට තර්ජනය කර කප්පම් මුදල් ලබා ගැනීමට තැත් කිරීම හා කප්පම් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් කඩවත පොලිස් ස්ථානයට වාර්තා වූ පැමිණිලි තුනක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කර සැකකරු කඩවත පහළ බියන්වල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පම් ගෙවූ පුද්ගලයින්ව බයවුණේ කුමටද? ඔවුන් සැබෑවටම පාස්කු ඝාතනවලට සම්බන්ධද කියාත් සොයාවි යැයි සිතමු...!