නිමන්ති රණසිංහ
එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අද පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
තමන් එක්සත් ජාතික පක්ෂය ප්‍රවර්ධනය කිරීමට මිස එල් ටී ටී ඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීමට මෙම ප්‍රකාශය සිදු නොකළ බවත් තමාට එම ප්‍රකාශයේ බරපතල ස්වභාවය තේරුම් ගියේ සිද්ධියෙන් අනතුරුව ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වයෙන් පසුව බවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරිය සිය ප්‍රකාශයෙන් සඳහන් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයයි තවත් ටිකකුයි ඕන කිව්වලු .....
එක්සත් ජාතික පක්ෂය ප්‍රවර්ධනය කරන්නේ එල්.ටී.ටී. එක කියලා දන්නා අය දන්නවා කොහොමත්...
එහෙනම් ඔය ප්‍රකාශයත් ප්‍රසිද්ධියේම කෙරුවා නම් තමයි හොඳ...
දැන් පොළිසියට යන්න ඕනි නැත්ද? පොළිසිය සැකකරුවන්ගේ ගෙදරටම ඇවිත් ප්‍රශ්නකිරීම් හෝ අදාල පැහැදිලිකිරීම් ලබාගන්නවද?
උතුරේ යම් යම් කණ්ඩායම් දිගින් දිගටම නීතිවිරෝධී ක්‍රියා අපරාධ කරනකොට ඒවායින් පිඩාවට පත්වෙන මිනිස්සුන්ගේ හිත්වලට සමහරු දාන අදහසක් තමයි කොටි හිටියනම් අනේ හොඳයි නේද කියලා. එහෙම කියලා කොටි ආයෙත් ගේන්න දඟලනවා. තවත් සමහරු හදනවා උතුරේ අපරාධ වලක්වන්න ලංකාවේ පොලිසියට බැරි නිසා ඒගොල්ලන්ගේ දෙමල පළාත් පොලිසියක් තමයි මේකට හරියන්නේ කියලා කියන්න. එහෙම කියලා ෆෙඩරල් පොලිසියක් හදාගන්න දඟලනවා. මෙන්න මේකයි අවසාන ප්‍රතිඵලය. අපිට කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා.
කීත් නොයර්ගෙන් කට උත්තර ගන්නේ ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා, විජයකලාගෙන් කට උත්තර ගන්නේ යාපනේට ගිහිල්ලා. පොඩි මිනිහෙක්ගෙන් කට උත්තරයක් ගන්න ඕනේ උනහම තමයි පොලිසියේ ගෙම්බර් බලන්න ඕනේ. ගාල්ලේ මිනිහට අනුරාධපුරේට එන්න කියනවා කට උත්තර දෙන්න. නැත්නම් අධිකරණ නියෝගයක් ගෙන කැඳවනවා කියලා බයත් කරනවා.
අන්තිමට වෙන්නේ ඇත්ත කතාකරන රන්ජන්ලා , සුගන්ධිකලට නඩු වැටිලා හිරේ යන්න වෙන එකත් ප්‍රසිධියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරන විජයකලා නිදහස් වෙන එකයි , තත්වය මෙසේ තිබියදී අප මේ අයව තව දුරටත් විශ්වසකල යුතුද??
සැපදුක් විමසලා යාපනය පැත්තේ පොඩි රවුමක් වෙන්න ඇති. වෙන මොනවද ඉතින්?