මහජන සාමය අමාත‍්‍යංශයේ ලේකම්ගේ නියෝග පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනකු ද, පොලිස් අධිකාරීවරුන් තිදෙනකු ද සහකාර පොලිස් අධිකාරීවරුන් 21 දෙනකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් හත් දෙනකු ද ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
පොලිසියේ උසස් නිලධාරියකු කීවේ මේ අතර දේශපාලන පළිගැනීම් මත කළ ස්ථානමාරු ද ඇති බවයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්
කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී එම් ඩී ජේ ටී ප්‍රියලාල් මහතා මොණරාගල කොට්ඨාසයට
තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර ඇල්පිටිය කොට්ඨාසයට
කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී ඊ විදිසිංහ උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස
පොලිස් අධිකාරීවරුන්
කේ කවුඩුපිටිය පානදුර සිට අධ්‍යක්ෂ අධිවේගී මාර්ග කොට්ඨාසය
ආර් එම් එස් එස් බී රත්නායක හැටන් සිට කොළඹ දකුණ කොට්ඨාසය
අයි එම් එස් කේ යටවර ගොඩනැගිලි කොට්ඨාසයේ සිට හැටන් කොට්ඨාසය වෙත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd