ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය හා සාදයට පැමිණි පිරිස අතර ගැටුමෙන් පසු තරුණයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට පැමිණෙන ලෙස චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන්ට ලිඛිතව දන්වා යවා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
මානව හිමිකම් කොමිෂන් සභාව ආරම්භ කළ විමර්ශනයේ දී මේ වන විට ප්‍රදේශවාසීන් රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, විමර්ශන කටයුතු සඳහා අද (18) ද විමර්ශන කණ්ඩායමක් ඇඹිලිපිටියට ගිය බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගත් පසු මානව හිමිකම් කොමිසමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුම බොරුවට හොඳ තෑග්ගක් දෙන්න වටිනවා මාධ්‍ය ප්‍රකාශකට. (නි)
මේ දවස් වල පොලිසියට බොහොම අපලයි වගේ (නි)
පොලිසියත් දෙකට බෙදිලා වගෙයි මේ ප්‍රශ්නයේදී. ඉතින් මොනවා වෙයිද? (නි)
අනේ මන්දා! ලෙඩා මළත් බඩ සුද්ද වෙන්න බේත් දෙන්න ඕනෑවෙලා වගේ සමහරුන්ට (නි)
මේ 21 දෙනා නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම නිසා එක අයෙකු හෝ කිහිප දෙනෙකු විසින් කල වරදට 21 දෙනාම වග කිව යුතු වෙනවා.ඒ හේතුවෙන් සියලු දෙනාටම එකම දඬුවම හිමි වීමේ සම්භාවිතාවක් තිබෙනවා.සාමාන්‍යයෙන් යම් නීති විරෝධී ක්‍රියාවකට යම් පිරිසක් රැස්වී එම වරද කිරීම නීති විරෝධී රැස්වීමක් ලෙස හඳුන්වනවා. එත් නීතිඥයකු යැයි කියාගන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා එය නොදැන සිටීම එතුමාගේ නීති දැනුම පිළිබඳව ලොකු සැකයක් ඇති කරනවා. එසේත් නැතිනම් රජයේ නිලධාරියෙකු ලෙස ජනතාව නොමග යවන සුළු වැරදි ප්‍රකාශයක් කිරීම ඉතාමත් ලොකු වරදක්. ඒ ගැන නිසි තැන්වල අවධානය යොමු කල යුතුයි. අනික නීතිය අවශ්‍යතාවය මත ස්වර්ණමය රීතිය යොදාගෙන අර්ථදැක්වීමේ පරම බලය ගරු අධිකරණය සතුයි.පොලිසියට එවැනි බලයක් දුන්නේ කවුද ? (ස)
මානව හිමිකම් කොමිසම නියම පාරේ යන්නේ දැන්. වෛරී ප්‍රකාශ, මරණ දඬුවම ආදිය ගැන කොමිසම කළ මැදිහත්වීම් උත්කෘෂ්ටය. (නි)