බස් ,ත‍්‍රී රෝද රථ,වෛද්‍ය වැඩ වර්ජන, පෙළපාළි ගිය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට කඳුළු ගෑස් එල්ල වීම ආදි සියලූ දේ නිසා ශ්‍රී ලංකාව බරපතල ලෙස මූල්‍ය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අර්බුද ඇති රටක් බවට ලෝක මූල්‍ය විශ්ලේෂකයින් විසින් හඳුනාගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි හා බන්දුල ගුණවර්ධන මහතා අද (4) පුංචි බොරැල්ලේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
පේ‍්‍රමදාස යුගයෙන් පසුව පළාත් පාළන නියෝජිතයින්ට හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට පොලීසියෙන් ප‍්‍රහාරයක් එල්ල වුයේ ඉකුත් සෙනසුරාදා බවත් එය මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වු දැඩි පහරක් බවත් ගුණවර්ධන මහතා කීය.
‘අපි හමුවෙන්න එන අයට අවහිර කරන්න කාටද අයිතිය තියෙන්නේ කියන කාරණය විශාල ගැටලූවක් වෙලා තියෙනවා. දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයායි මමයි මේ අප හමුවීමට එන පළාත් පාලන නියෝජිතයින් ගැන පාර්ලිමේන්තුව පටන් ගන්න කලින් කතානායකවරයාට මේ ගැන දැනුම් දුන්නා. ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ දිගින් දිගටම කල් අරින පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමටයි. පොලිසිය සාමාන්‍යයෙන් කළ යුත්තේ උද්ඝෝෂකයින්ට අවස්ථාව දී ඔවුන්ගෙන් නියෝජිත පිරිසකට පමණක් පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර දීමයි. පොලීසියේ රාජකාරී කරන රාළහාමි මහතුන් මේ අපේ පලාත් පළාන නියෝජතයින්ට ඒක්බද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් හමුවීමට බාධා කළා.එය සිදු කළේ ඉතාම පහත් ආකාරයෙන්. එම විරෝධතාවයේ නිරත වූ පිරිස් හමුවීමට මා පාර්ලිමේන්තු පළමු ගේට්ටුවෙන් යද්දී එහි සිටි රාළහාමි මහත්තයෙක් මටත් බාධා කළා.එලෙස රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුදුන් මල්කඩ වැනි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින්ට හෝ ඔවුන් හමුවීමට එන පිරිස්වලට අදාළ පාර්ලිමේන්තු මාර්ගය මොනයම් හේතුවක් නිසාවත් අවහිර නොකළ යුතුයි. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ගමන් කරන්න තියෙන මාර්ගය මොනම හේතුවක් නිසාවත් අවහිර නොකළ යුතුයි‘ යැයි ද මන්ත්‍රීවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ කතාව..? ඇයි මන්ත්‍රීලා කියන්නේ දෙවිවරුද? ඔහොම නොවෙයි ගහන්න තිබුනේ. අපෝ! දැන් තියෙන සැර... එන්නෙ නැතෑ ඡන්දෙ එහෙම හිඟාකාගෙන මේ පාර... (නි)
දෙන්න තිබුනේ රෙදි ගැළවෙන්න, රට ආපස්සට අදින අය මේ රටින් තුරන් වෙනතෙක් රට හදන්න බැහැ (නි)
මෙතන අදහස් දාන ගොඩක් අයට මම හිතන්නේ අර රුපියල් 1600 හම්බවෙනවා වගේ (බ)
පොලිසිය මොකටද විශේශයෙන් මන්ත්‍රීවරු මායිම් කරන්නේ නීතිය හෑමෝටම පොදුවිය යුතුයි (ර)
හේතුව මොකක් ද කියලත් කිවුවානම් හොඳයි නේද ? ඇයි මන්ත්‍රීලා කියන්නේ දෙවිවරුද? ඔහොම නොවෙයි ගහන්න තිබුනේ. (ර)
පොලීසිය කරන්නේ ඉහලින් එන නියෝග ක්‍රියාත්මක කරන එක. (ර)
කවදාවත් නාන්නේ නැති අයට මේ වතුර ප්‍රහාරය නරකද ? (ර)
ඔය කිසි අවුලක් නැහැනේ මහත්තයෝ ආණ්ඩුව ඇතුලට ගිහිල්ල ඇමතිකමක් ගත්තනම්... බොරුවට විපක්ෂයක් හදාගෙන කරදර වෙනවා. (බ)
හේතුව මොකක් ද කියලත් කිවුවානම් හොඳයි නේද ?පොහොට්ටු විපක්ෂය බලයට කෑදරෙන්, පරණ රංචුව ආපහු උස්සා තැබීම සඳහා, ජනතාව විවිධ ක්‍රම මගින් උසි ගැන්වීම මිසක් වෙන මොකද්ද මොවුන් කරන්නේ ?(බ)
අපි දන්නා තරමින් දැනට පළාත් පාලන ආයතනවල සිටින නියෝජිතයින් කවුරුවත් ආවේ නැහැ. (ර)
ඇත්ත නේන්නම්..?කොච්චර වැරදිද ? අනෙක් රටවල නම් මිනීමැරුම් වලට, හොරමැරකම් වලට, මත්ද්‍රව්‍ය ව්‍යාපාරවලට මන්ත්‍රීවරු සම්බන්ධයි.ඒ රටවල මන්ත්‍රීලා මුලින් බයිසිකලයෙන් යන්නේ. පස්සේ ඒ දේශපාලකයෝ පැජරෝ, ඉඩම්කඩම්, ගන්නවා. පිටරටවල මාලිගා හිමිකරුවෝ වෙනවා. (බ)
පොලිසිය මන්ත්‍රීවරුන්වත් මායිම් කළේ නෑ...ඇයි මන්ත්‍රීවරු කියල උනුත් සාමාන්‍ය මිනිස්සුනේ ඡන්දෙන් පත්වුනාට පස්සේ දෙවිවරු වෙනවද? නීතිය කාහටත් පොදුයි කියල වටහා ගත්තොත් හොදයි දැන්වත් (බ)
මුන්ට ගහල මදි, හම ගහන්න ඕනා. (බ)
ඔය දේශපාලන රස්සාවට වඩා ඔබට ටියුෂන් දෙන එක නම්බුයි. (බ)
නන්දලාල් මෙතන පොහොට්ටු කතාවක් නෙවේ තියෙන්නේ නියමිත කලට පැවැත්වියයුතු පළාත් පාලන මැතිවරණය සාධාරණ හේතුවකින් තොරව දැනට වසර දෙකකටත් වඩා කල් දමා තිබීම ගැන විරෝධතාවයක් මෙයාල දැක්වුවේ. අලුත් ක්‍රමයට මැතිවරණය පැවැත්විය නොහැකිනම් මැතිවරණ කල් නොදමා මෙවරට එය පරණ ක්‍රමයටම පැවැත්විය හැකි නේද? (බ)
ඒකාලේ එහෙම වුනාට දැන් කාලේ එහෙම වන්නේ නැහේ මිනිස්සුන්ට වෙඩි තියන්නේ නැහැ (බ)
ඔය ප්‍රශ්නෙට මහපාරේ දගලන්න ඕනේද.උදේ හවස පාර්ලිමේන්තු කුස්සියේ කන ගමන් විසදගන්න තිබුණු සුළු ප්‍රශ්නයක්නේ. ජනතාව හරක් කියලද හිතන්නේ. (හේ)
අැයි පාර්ලිමේන්තුව වටලන්න නේද අාවේ...ඉල්ලන් පරිප්පු කාලා.......දැන් කියනවා සාකච්ඡාවට ආවලු.(හේ)
ඕකට ඉතින් ඕක අස්සටම රිංගන්න ඕනෙද ? සාමකාමිව විරුද්ධත්වය ප්‍රකාශකරන්න තිබ්බනේ ඔය ලිප්ටන් වටරවුම පැත්තේදී. නැත්තම් නුවර සිට කොළඹට පා ගමනක් සංවිධානය කරන්න තිබ්බනේ. මිනිසුන්ව කුලප්පු කරව කරවා මෙතුමන්ලා තිරය පිටුපස්සේ ඉගෙන රංග පානවා.මේ රටේ මෝඩ මිනිස්සු ඉතින් උන්මත්තකයෝ වගේ ගහ මරාගන්නවා දුරදිග කල්පනා නොකර.(හේ)
සමන් ඔය කියන දේ හරි (හේ)
සමන්, ඔය මැතිවරණ ඉල්ලන්නේ රටට සේවය කරන්න නොවේ, ඉතිරි වෙච්ච කුට්ටි ටික ගන්නයි. අපි මැරිලා ඉපදුනේ නෑ. (හේ)
ඒ ඉස්සර දැන් එහෙම නෑ.(හේ)
පොලිසිය විතරක් නොවෙයි, අපි වුනත් දැන් ඔය අය මායිම් කරන්නේ නැහැ! (බ)
දුක් වෙන්න එපා ඔබ තුමන්ලටත් කාලයක් එයි.(හේ)
මෙතන ගොඩක් අය,තමාගෙ වාසියට අාණ්ඩුව ඡන්දය කල්දැමීම අමතක කරල තියෙනවා. (ර)
ප්‍රදේශීය සභා මන්ත්‍රිවරු නොහිටිය කියල මොකද්ද වෙලා තියන පාඩුව ඒ අය හිටියා කියලා කලේ මොකද්ද . (ර)
මේ ප්‍රශ්න සාමකාමිව විසදන්න බැරිද? (ර)
මනෝජ් ඔයාගේ තර්කයට අපිට එකඟ වෙන්න බෑ. මැතිවරණයකදී සුදුස්සන් තේරීම චන්ද දායකයන්ගේ රාජකාරිය. මැතිවරණයකදී අපි සුදුසු අයව දිනවා නුසුදුස්සන් ප්‍රතික්ෂේප කල යුතුයි. එක මැතිවරණ කල් දැමීමට හේතුවක් නෙවේ. (ර)
අවුරුද්දකට දෙතුන් සැරයක් ඇමරිකාවට ගිහින් ඇවිල්ලා පොල් ගහ ගහා මිනිස්සු මුලාකරන අය කවුද කියලා අපි දන්නවා (නි)
මම මන්ත්‍රී, කියලා ටී ෂර්ට් එකක් ගහගෙන හරි හිටියා නම් මේක වෙන්නේ නැහැනේ. (නි)
අනේ මොන ඡන්දද? බලයට එන්න තියෙන කෑදරකමට ඔහේ කියවනවා. (නි)
අනේ ඔයා මොකුත් දන්නෙම නැහැනෛ්. මතක්කරන්න මහත්තයෝ සරත් ෆොන්සේකාට සහ ශිරාණි බණ්ඩාරනායකට වෙච්ච දේවල් (නි)
ලංකාවේ කරන තරමක් දුෂණයන්ට සම්බන්ධ වන්නේ මැති ඇමතීන්. ඔවුන්ව මායිම් නොකරන තරමට හොඳයි. (නි)
වෙන රටක නම් කඳුළු ගෑස් නෙමෙයි මෙහෙම වනචාරි ලෙස හැසිරෙන මන්ත්‍රීලට වෙඩිතියලා දානවා. (නි)
"ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුදුන් මල්කඩ වැනි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින්ට....." අනේ පොලීසියේ මහත්වරුන්ට ඒ කාලේ ඕගොල්ලෝ බලේ ඉන්නකොට සළකපු ආකාරය අමතක වෙලාද කොහෙද. පළාත් සභාවල විතරක් නොවෙයි දියවන්නාවටත් රිංගාගත් අයට දුම් අල්ලන්න ඒ කාලේ පොලිසියට නියම කරලානේ තිබුනේ. ඒ වරප්‍රසාද දිගටම තියාගන්න ඕනෑ නම් ඒ විදිහට ඉන්න තිබුනනේ. (නි)
හැම අවුරුද්දකම පළාත් පාලන මැතිවරණ තබමින් ඒ කාලේ කරගෙන ගිය නාස්තිය අඩුවෙච්ච එක ගැනවත් සතුටුවිය යුතු නේද? (නි)