විවාහක දෙදරු මවකට කලකට පෙර කළ අයුතු යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය දරුවන් දෙදෙනා දහම් පාසල් ගෙන යද්දී පොල්ලකින් ගසා ඝාතනය කර ඇතැයි වැලිගම පොලිසිය කියයි.
එම තර්ජනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ ද සිටි සැකකරු (39) ඇප ලබා පැමිණ මින් සතියකට පෙර ඇය මරා දමන බවට කළ තර්ජනය ගැන පොලිසිය කිසිත් කර නැතැයි ඇගේ සැමියා කියයි.
සැකකරුගේ සිරුර ද එල්ලෙමින් තිබිණි. ඔහු සිය දිවි නසා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මොහු හිටපු හමුදා සෙබළෙකි. කන් නොඇසීම නිසා ආබාධිත වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් දරුවන් දෙන්නා. නීතිය වල්වැදිලා (නි)
ධනුක ඔබට බොහොම ස්තූතියි. ඔබ වගේ සිතන අය සිටීමත් වාසනාවක්. බොහෝ අය බලන්නේ මැරුණ ගැහැණිය පැත්තට වැරැද්ද දලා සුද්ද වෙන්න. කොහොම උනත් මේ කාලේ පොලීසිය නිදි තමයි. ලඟදි දවසක අපේ නංගිගේ කාර් එකේ පැති කන්නාඩි හොරෙක් ගලවා ගෙන ගිහින්. ඒ් ගැන පැමිණිලි කරන්න පොලිසියට ගියහම දැන් පොලිසිය වහල කියා හෙට උදේ එන්න කිව්වලු (නදී)
ලංකා තිලක්ට සෑහෙන පිළිතුරු ලැබී තිබෙන නිසා මම වැඩි යමක් නොකියමි. මෙම නරුමයා දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිට ඇප ලබා පැමිණි පසුත් ඇයට කරදර කර තිබෙනවා. ඉන් අනතුරුව ඇය විසින් කරන ලද පැමිණිල්ල තමයි පොලිසිය විසින් නිසියාකාරව විභාග කර නැත්තේ. පොලිසිය පවසන්නේ ඔවුන් ගෙදර යනවිට ඔහු නොසිටි බවයි. මෙය කිසිසේත්ම සැහීමකට පත්විය හැකි නිදහසට කරුණක් නොවේ. ඔහුව සිර භාරයට ගන්නා තුරු ඇයට ආරක්ෂාව සැපයීම පොලිසියේ වගකීමයි. (නදී)
පොඩි ළමයි දෙන්න නම් ගොඩක් පවු (නදී)
පොලිසියේ ඉන්න සියයට හැත්තෑ පහක්ම ඉන්නේ රටේ නිතියට පටහැනිව අසමජ්ඡාති වැඩ වලට යෙදුණු රජයේ වැටුප් ලබන හොරු (නදී)
එල්ලුම් ගහ නොමැති අඩුපාඩුව! (නි)
ඇත්තටම මමත් වැලිගම මේ පොලිසිය තරම් නරක පොලිසියක් ලංකාවෙිම නැතිව ඇති. සිදුකරන කිසිදු පැමිණිල්ලක් සතයකට මායිම් කරන්නේ නැත. හොරකම්, දූෂණ මේ පැත්තේ එමටයි. ඒත් ඇහැක් ඇරලා බලන්නේ නැහැ. මේ අයට ඕන ජරාව කන්න විතරයි. පව් අසරණ පොඩි දරුවෝ. (නදී)
දැන් මේ දරු දෙන්නාගේ අනාගතය කෙබඳු වේද? පොලිසිය මේ පිළිබඳ මොකද කියන්නේ? (නි)
මේ පුද්ගලයාගෙ මනෝකාය බෝතලයකට දමා මුහුදට දාන්න බැරිද මාතර කට්ටඩි මහතෙකුටවත්? (නි)
නීතියේ ආධිපත්‍යය විනාශ වුණ රටක ජීවත්වෙන අසරණ මිනිසුන්ට තෙරුවන්ගේම සරණයි! (නි)
සිරකරුවන් නිදහස් කිරීමේදී මානසික වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කිරීම වැදගත්. සිරගෙය තුළ සිටින කාලය තුළ කර්මාන්ත පුහුණුවක් දීමත් වැදගත්. බටහිර රටවලින් මේ පිළිබඳ වැදගත් දේ උගත හැකිය. (නි)
මම දන්නවා මේ තීරුවේ ඉන්න අයගෙන් දෝෂාරෝපණ මගේ ප්‍රතිචාරයට එල්ල වෙනවා කියලා. මේ දරුවන් දෙන්න ගැන දුකක් නැති කමටවත් මේ මිය ගිය කාන්තාවට අවමන් කරන අදහසකින්වත් නෙමෙයි මම ඒ ප්‍රතිචාරය දැම්මේ. අහිංසගේ පොලිසිය පැන්ෂන් නැතුව ගෙදර යවන්න ඕන කියපු කතාවට. මේ වගේ අපරාද වලක්වා ගන්න පොලිසියට කල හැකි දෙයක් නැහැ. කල හැක්කේ අපරාද කරුට දඩුවම් පැමිණවීමට ඉඩ සැලැස්වීම පමණයි. කෙනෙකුගේ හිතේ ඇතිවන ආවේගයෙන් වෛරයෙන් සිදු කරන ක්‍රියාවකට යන්නේ බොහොම සුළු මොහොතයි. මේ මනුස්සයාගේ අම්මගේ කතාව ඇහුවම පේන දේ මේ මනුස්සයව යම් චෝදනා මත රිමාන්ඩ් කරවීම ගැන මේ පුද්ගලයා මේ කාන්තාව ගැන තදබල වෙයිරයකින් හිටිය කියන එකයි. සමත මණ්ඩල මගින් විසදිය යුතු ගැටළු උසාවි දක්වා යාමේ ප්‍රතිපලයක් හැටියට තමයි මම මේ මරණය දකින්නේ. නීතියට කටයුතු කරන්න පුළුවන් නීතියේ සීමාව මත මරණ තර්ජනයක් කලත් එ්කට දෙන්න පුළුවන් දඩුවමේ සීමාවක් තියෙනවා. ඒකෙන් පස්සේ ඒ මනුස්සයව නිදහස් කරන්න ඕනා. එහෙම එලියට එන පුද්ගලයා එන්නේ තිබුනට වඩා වයිරයක් හිතේ පුරවා ගෙන. ඒ වගේම හැම සිදු විමකම දෙපැත්තක් තියෙනවා. ඒ නිසා කට්ටිය ඒ දෙපැත්ත ගැනම හිතලා ප්‍රථිචාර දමන්න (නදී)
නීතිය වල් වැදිලා. (නි)
ලංකා තිලක් ඔබ කව්ද යන්න ඉතා පහැදිලියි. ඒ නිසා මම කිසිත් නොකියමි. (නදී)
එල්ලුම් ගහ තිබුනත් වැඩක් වෙන එකක් නැහැ රන්ජිත්. දේශපාලුවෙක් නම් ඔහුට මේක අදාල වෙන්නේ නැතිවෙයි. බලවතෙක් නම් සමාව දීලා ඔහු නිදහස් කරනවා.පොඩි මිනිහට පමණක් නම් ඔය කියන එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙයි (නි)
පොලිසිය අපරාධකරු බලන්න ගෙදර ගියාම ගෙදර ඉඳල නෑ. ඉතින් අනේ ඒ අහිංසක පොලිස් මහත්වරු තම තමන් ගේ ගෙවල් වල ගිහිල්ල. ඒ මිනිහ ඉන්නවද බලන්න. ඒකට බනින්න එපා. (නදී)
ලංකා තිලක් වගේ පිරිමි තව දෙතුන් දෙනෙක් ලංකාවේ හිටියාන් නම් අපේ කාන්තාවට හිමි වන්නේ ඇෆ්ගනිස්ථානයේ කාන්තාවට හිමි තැනටත් පහත තැනක් . දුෂණය වුනොත් එ්ක පිරිමියාගේ අයිතියකි. කාගේ හෝ මන දොළ පිනවන්න අකමැති වුනොත් ජාතික අපරාධයකි. මෙලොවට බිහි වෙන්නේ ඕනෑම පිරිමියෙකුට අකමැත්තෙන් හෝ කැමැත්තෙන් , විවාහක හෝ අවිවාහක වේවා , සැම පිරිමියෙකුටම නතු විය යුතුයි. යමක් සිද්ධ වුනොත් නඩු කියන්න පරීක්ෂණ කරන්න අවශ්‍ය නැත . එය අනිවාර්යයෙන්ම නිසැකවම ගැහැනියගේ වරදයි. අහෝ තිලකේ නොදුටි මොක්පුර ! (ස)
පොලිසි ගැන මම මතක් කරන්නවත් කැමති නැහැ. (නි)
මේවා නීතිය මගින් පමණක් විසදිය නොහැකි විය හැක. මේ රටේ මිනිසුන් අතර උගත් සමාජ දියුනුවක් ඇතිවන තුරුම මෙවැනි දේ අහන්න ලැබේවි? (නදී)
මේ රටේ පොලිසිවල වැඩ ගැන නම් දැන් කතාකරලා වැඩක් නැහැ. (නි)
මේක බරපතල සමාජ ප්‍රශ්නයක්. බොහෝ අය මේකට විරුද්ධ වෙයි. නමුත් මෑතදී වුන අපරාද වලින් වැඩි කොටසක් ආමි එකෙන් පැන ගිය පුද්ගලයන් හෝ ආමි එකෙන් ඉවත් වුන පුද්ගලයන් සම්බන්ද අපරාධ. යුද්ධය අවසන් කල යුධ පෙරමුණුවල විරුවන්ට ඇති ගෞරවයට පවා මෙයින් හානි වන බවයි මගේ අදහස. මේ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කිරීම සමාජ අවශ්‍යතාවයක් (නදී)
හමුදාවලින් පැනපු අය ගැන කියල වැඩක් නැහැ. රජයට මෙවැනි මිනිසුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍යතාවයකුත් නැහැ. පොලිසියට ඇති රාජකාරියෙන් ප්‍රදානම එක දේශපාලුවන්ට කඩේ යාම විතරයි. මේ බව රූපවාහිනිය නැරඹීමේදී දැක ගත හැකි. අපිට කල හැක්කේ එකම දෙයයි. ලබන පාර ඡන්දෙදි වෙනත් කන්ඩායමකට තාවකාලිකව බලය පැවරීමයි. (නදී)
ලංකා තිලක් යනු අමුතුම පුද්ගලයෙකි (නදී)
පොලිසියේ හැටි ඔහොම තමයි. පැමිණිල්ලක් දාපුවම උන් ගනන් ගන්නෙත් නැහැ (නදී)
මෙි රටෙි නිතියක් හිරියට නැති එක තමයි වරද මොනවා වුනත් අසරණ දරුවෝ දෙන්නෙක් එක්ක දයාබර සැමියෙක් අසරණ වුණා. මේවට ආගමික නායකයොත් වග කියන්න ඔනේ තම තමන්ගේ ආගම නිවැරදිව ප්‍රචාරය කරා නම් මේ වගේ දේවල් අඩු වෙනවා (නදී)
පොලිසිය ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද මම ඉන්න පැත්තේ කෙනෙක් කීප සැරයක්ම කාන්තාවන්ට අතවර කරන්න හදලා අහු වෙලා ගමේ කට්ටිය පොලිසියට බාර දුන්නා. තුන් වෙනි සැරේට බාර දුන්නත් වැඩක් උනේ නැහැ. කිසිම කරදරයක් නැතුව ගෙදර ඉන්නවා ගමේ මිනිස්සුන්ට ගැහැණු ළමයෙක් ගෙදර තනියම දාල යන්න බැහැ. මෙහෙම පොලිසියක් ඕනද කියලත් හිතෙනවා (නදී)
මගේ ගේ හොරු කැඩුවා. සී. සී .ටී. වී. කැමරා පටිගත කරපුවා, හොරාගේ ෆොටෝ, 99% හොර කියලා හිතෙන කෙනාගේ දුරතකන අංකය, ඉන්න තැන පොලීසියට කිවුවා. දැන් දින 35ක් ගතවෙලා. කිසිත් කරලා නැහැ වගේ. මේවා කාට කියන්නද? මේ අසරණයාටත් වුණේ ඒකම තමා. (නි)
ලස්සන අහිංසක කෙලි පොඩ්ඩක්. දෙවියනේ මේවගේ දරුවෙකුට අම්මගේ රැකවරණය අවශ්‍යමනේ. මම දැක්ක ඊයේ ප්‍රවෘත්ති විකාශයක මිනීමරුවාගේ අම්ම පුතාගේ හපන්කම ලොකුවට කියවනවා. (නදී)
ලංකා තිලක්, දැන්නම් මට යමක් නොකියාම බැරිය. ඇත්ත, පොලිසියකට සෑම අපරාධයක්ම මැඩලිය නොහැක. ඇරත්, දඩ කොලයක් ලියු පමණින් සිය වාහනය ඉබේ ගිනි ගන්නා අයුරු දැක බලා ගැනීමටත්, රැකියාව අහිමි වී ගෙදර යාමටත් සිදුවන පොලිස් නිලධාරීන් සිටින රටක කෙසේ නම් මෙවැනි අපරාධ වලක්වන්නද? දේශපාලඥයෝ පසෙකට තබා බස් රියදුරන්ගෙනුත් කම්මුල් පහර කෑමට සිදුවීම කෙතරම් ශෝචනියද? මගේ අදහස නම් අපේ පොලිසියට එක පැන්ෂන් එකක් නොව පැන්ෂන් දෙක තුනක්ම දිය යුතුය.(මුදී)
මෙය අනිවාර්යෙන්ම අනියම් සම්බන්ධයක ප්‍රතිපලයකි. එය විවාහයට පෙර හෝ පසු විය හැක. දුෂකයන් මරාගන මැරෙන්නේ නැත (නදී)
මේවාට කතා කරන්න යන උදවිය වැරදි වෙනවා. ඒ මොකද දැන් මේක මේ බවලතාගේ වැරැද්දකින් වුණ දෙයක් කියන්නත් සභාවේ අය සැදී පැහැදී ඉන්න නිසා. කාන්තාවන්ට වුණ හිරිහැර සම්බන්ධයෙන් මීට පෙර පළවූ පුවත් වලට සමහරු පල කළ අදහස් නිසා මට එහෙම හිතෙන්නේ. (නි)
ඩෑම්, බටහිරින් ඉගෙනගන්න දෙයක් නැහැ. ඒ රටවල හරියට මෙහෙම කරනවා ඇප පිට ඉන්න මිනිසුන්. අපේ සංස්කෘතියේ විදියට කාන්තාවන්ට ගරු කරනවා නම් කොච්චර හොඳද? (නි)
කාන්තාවන් කියන්නේ පිරිමින්ගේ අයුතු යෝජනා වලට ඕනෑම වෙලාවක කැමැත්ත දෙන්න ඉපදුන ජාතියක් ද තිලක් ? ඔබේ අදහසේ හැටියට මේ පුද්ගලයාට හැමෝගෙම අනුකමපාව හිමි වෙන්න ඕන වගේනේ ඔබ කතා කරන්නේ. සමත මණ්ඩලයට පුළුවන් ද තිලක් මේ දාමරික මිනිහාගෙන් එන කරදර වලට මේ දරු පවුලට ආරක්ෂාව දෙන්න. මේක නෝනා මහත්තය එක්ක රණ්ඩු වුන ප්‍රශ්නයක් නෙවෙයි නේ. ඒකනේ ඒ අසරණ කාන්තාව පොලිසියට ගියේ. (නදී)
එල්ලුන කෙනාට කිසිම දේශපාලන සම්බන්ධයක් තිබෙන්න නැතිව ඇති. එහෙම තිබුනා නම් ,මේක කාන්තාව මේ පිරිමියාට අයුතු යෝජනාවක් කල නිසා පිරිමියා තමාගේ ආත්මාරක්ෂාව පිණිස සිදු කල නිරවද්‍ය මිනිස් ඝාතනයක් වෙනවා. (ස)
කිසිම කාන්තාවක් පොලිසියේ පෙනී හිටීමට කැමති නැහැ තිලක්. මේ යන්න ඇත්තේ බැරිම තැන. තමන්ගේ දරු පවුලේ ආරක්ෂාව වෙනුවෙන්. සමත මණ්ඩලයට පුලුවන්ද මේ වගේ නරුමයෙක් ගෙන් වෙන ප්‍රශ්නයකට පවුලකට ආරක්ෂාව දෙන්න. ප්‍රායෝගිකව හිතන්න ලංකා තිලක්. (නදී)
අපෝ! පොලිසිය නම් ගන්න දෙයක් නැහැ. ඕවා අද ඊයේ වෙන දෙවල් නෙමෙයි. මීට වඩා දෙයක් වුණත් එච්චරයි (නි)
අන්තිමට මේ කාන්තාව පිරිමියාට නොහොබිනා යෝජනා කර, ඉන් ලැජ්ජාවට පත් වී , තමන්ම තමාට පොල්ලකින් ගසාගෙන සිය දිවි නසා ගෙන ඇත. දැන් හරි කේස් එක ඉවරයි. (ස)
මොනවද මේ පොලිසිය පිලිබඳ ඇහෙන කතා ? හැමතැනින්ම කියවෙන්නේ මහජයාගේ පැමිණිලි ගණන් ගන්නේ නැතිව ඉවත දාන බව. මේක හොඳ තත්වයක් නෙවෙයි. කවදා හරි රාජ්‍ය ආරක්ෂාවටත් තර්ජනයක් වේවි මේ පැමිණිලි උඩ නිදා ගැනීමේ, ලියා නොගැනීමේ පුරුද්ද. මේක පොලිස්පති තුමාගේ අවධානයට යොමු විය යුතු කාරනාවක් . (ස)
පොලිසිය නම් නිදිම තමයි. සමහර පොලිසියේ අය කටයුතු කරන්නේ නීතිය ඔවුන්ගේ අතේ කියලා හිතාගෙන. මට වුණ අසාධාරණයක් පැමිණිලි කර අදට සතියකට වැඩියි. (නි)
ලංකා තිලක් ඔබේ කියන්නේ දැන් මේ කාන්තාව පොලිසි ගිය එක වැරදි කියලද ? සමත මණ්ඩලයට අරන් යන්න පුලුවන්ද ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න? පොඩ්ඩක් මොලය පාදා ගන්න තිලක්. (නදී)
කෙනෙක් තව කෙනෙක් මරනවා කිවුවහම ඒ කෙනා පොලීසියට ගියවිට ඔවුන් කළයුත්තේ ඒ පැමිණිල්ල විභාග කිරීමයි. ඒ හැර පොලීසියට බැහැ පැමිණිලිකරුට රැකවරණය දෙන්න. මේ මරණය ගැන දුකයි. ඒත් පොලීසියට කරන්න දෙයක් නැහැ. මොකද කෙනෙක්ව හැමදාම හිරේ තියන්න බැහැනේ. (නි)
මේ ලංකා තිලක්, මගේ නෝනාට කවුරු හරි අයුතු යෝජනා කළා නම් මම සමත මණ්ඩලයට නෙවෙයි යන්නේ කෙලින්ම පොලිස්පති තුමා ලඟට. කාන්තාවන් කියන්නේ ඔබ හිතන අයුරින් පිරිමින් ගේ ඕනෑම නොහොබිනා වැඩකදී කටේ මුකවාඩම් බැඳන් ඉන්න ඕන සත්ව කොට්ටාශයක් නෙවෙයි. සමහර විට ඔබේ ගෙදර එහෙම ඇති. (නදී)
දියුණු රටවල 'මරනවා' කිව්වත් රිමාන්ඩ් මාස 3කට. (නි)
මෙන්න මේ ප්‍රශ්නය දැන් වෙන පැත්තකට අදිනවා. කාන්තාව පොලිසියට ගිය එකලු වැරැද්ද . අනේ මේ ලංකා තිලක් ට ඇත්තටම මොලේ අමාරුවක් තිබෙනවා ද කොහෙද ? (නදී)
හොඳ වෙලාවට ලංකා තිලක්ට ට ලංකාවේ නඩු කාර ආසනයක් නොලැබුණේ . එහෙනම් මෙලහකට ඔක්කොම ස්ත්‍රී දුෂකයන් නිදහස්. ඒ මොකද ඔක්කොම සිද්ධ වෙන්නේ කාන්තාවන්ගේ වැරැද්දෙන් නේ. (නදී)
සමහර දේශපාලකයන් විසින් පොලිසියේ කොන්ද කඩා ඇති නිසා එමගින් සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකියි. පව්! අවසානයේ අසරණ දරුවන් දෙදෙනෙක් තවත් අසරණ වුණා. (නි)
මේ මිනීමැරුම සිදුකළ කෙනාට මානසික රෝගයක් තිබෙන්නට ඇති. ආබාධිත ඔහු කාන්තාව මරා සිය දිවි නසා ගත්තේත් එම නිසා වෙන්නට පුලුවන්. (නි)
මේ රටේ බෞද්ධයන්ට සිදුවන මේ වගේ අපරාධ වගකිවයුත්තන් දකින්නේ නැද්ද ? (නි)
මගේ නමින් කවුදෝ තුට්ටු දෙකේ කතාවක් ලියලා. සමහර විට ලංකා තිලක්ම වෙන්න ඇති. (නදී)
අනියම් සම්බන්ධයක් නම් පොලිසි යනවද ? ඇරත් තමන්ගේ සැමියා එක්ක. මෙහෙමත් අපරාධ කතා. (නදී)
රටේ හෑමතෑනම පොලිසිය නිදිද මන්දා (නි)
රොෂාන් , නීති පොතේ පිටු කොච්චර පිරිලා තිබුනත් වැඩක් නැහැ අසරණ වූ මිනිසුන් වෙනුවෙන් , ක්‍රියාවේ යෙදෙන්නේ නැතිනම්. ක්‍රියාවේ නොයෙදීම තමයි දුර්වල කම කියන්නේ. මොන යාන්ත්‍රණ තිබුනත් වැඩක් නැහැ. මිනිසුන් වෙනුවෙන් නැත්නම්. (නදී)
ලංකා තිලක් මේ පුද්ගලයාව සුදු හුණු බාල්දියේ ඔබන එබිල්ල දැක්කාම මට තිලක්ගේ ළඟ ඥාතියෙක් වත් දැයි සිතෙනවා. (නදී)
මොකද ලංකා තිලක් ඔබ මෙච්චර මේ අපරාධ කාරයාව සුද්ධ කරන්නේ ? මේ කාන්තාවගේ චරිතය මොකක් වුනත් ඔබ කොහොමද දරු පවුලක් අනාත කර මේ කල මිනි මැරුම සාධාරණීකරණය කරන්නේ ? (නදී)
පොලිසිය මොනවා හිතුවද දන්නේ නැහැ (නි)
අනේ දෙවියනේ දරුවා දහම් පාසල් එක්ක යනකොට මේ අපරාධය වෙලා තියෙන්නේ. ගුණවත් කාන්තාවක් නෙවෙයි නම් ළමයාව ආගම ධර්මයට යොමු කරයි ද ? මට නම් ලංකා තිලක් ගේ නොහොබිනා ප්‍රකාශ හරිම පිළිකුල්. (නදී)
අනේ ජනක මහත්තයෝ, ඒ වගේ තුට්ටු දෙකේ වැඩ මගේ ලග නැහැ. මගේ අනන්‍යතාව යම් හේතුවක් මත නැති වුනු නිසයි ලංකා තිලක් කියන නම ආවේ. මගේ අදහස් වෙනත් අයගේ නම් වලින් දාල සනාත කරවගන්න තරං මම පිරි හිල නැහැ. මෙතන එල්ල වන විවේචන පිළිගන්න බැරිනම් මම නොලියා මේ තිරුව බලන්නේ නැතුව ඉන්නවා මිසක් නපුන්සක වැඩ කරන්නේ නැහැ. අනුන්ගේ නම් වලින් ලියන අය ඔබතුමා මේ එසැන පුවත් වලින් දැක්කේ අදම වගේ. (නදී)
නීතිය දැන් අබ සරණ වෙලා තියෙන්නේ (නදී)
මට පේන්නේ ලංකා තිලක්ට කවුරු හරි ගැහැණු පරානයක් අමතක නොවෙන පාඩමක් උගන්නලා. එ්කයි ඔය මානසික ලෙඩේ තද වෙලා තියෙන්නේ. පව් අසරණයාට අනුකම්පා කරන්න. (නදී)
බලනකොට කන් ඇහිලා නැත්තේ පොලිසියටනේ (නි)
මෙතන දැන් මළගමකට කණගාටුව ප්‍රකාශ කරන්නත් සභාවේ සමහරුන්ගෙන් අවසර ගන්න වෙලා. කාගේහරි විපතකට අනේ අපොයි කිව්වත් පාඨකයන්ට චෝදනා එල්ල කරන කෙනෙක් මේ අදහස් දමන අය අතර ඉන්නවා (නි)
නිශ්ශංක වගේ අය ගැන තමයි මම කිව්වේ.මේ වගේ උදාහරණ ඕනෑ තරම් පුවතක් බැලුවම ඒකේ අදහස් වල තියෙනවා. ඔහුගේ පරමාර්ථය මේ සිදුවීම ගැන හෝ කාන්තාව ගැන හෝ මව අහිමි දරුවන් ගැන දුක්වීමද? (නි)
පොලිස්පතිතුමනි මේවාට විසඳුම් දෙන්න (නදී)
ධනුක, ඔබ හරි. බොහොම පරිස්සමින් අදහස් පළකළ යුතු මාතෘකාවක්.මම නම් මොකුත් නොකියාම ඉන්නවා. (නි)
ධනුක, ඔයා හරි. අද කාලේ දරු පවුලකට තමන්ගේ පාඩුවේ ජීවත්වෙන්න විදියක් ලංකාවේ නැහැ. එක්කෝ ගැහැණියට කරදර කරයි,නැත්නම් දේපල උදුරා ගනියි. මේකෙදී මියගිය ගැහැණිය වැරදිකරු කරලා ගැළවෙන්න ගොඩක් අය වෙහෙසෙයි. ඒත් ඇත්ත කතාව ගැහැණුන්ගේ ආරක්ෂාව ගෞරවය නොරකින රටක්, පොලිසියක්, සමාජයක් දිනෙන් දින පිරිහෙන බවයි. (නි)
කවුද කසුනි මට බනින්නේ. තොප්පි දාගෙන ඔය බනින කට්ටිය ගැන තමයි මම පැහැදිලිව කිව්වේ. ඒ අය ඉතින් බනින්න එපැයි. නැත්නම් මේක සංවාද මණ්ඩපයක් නෙමෙයිනේ. අනෙක ඉන්ටෙර්නෙට් එකෙන් බැන්නම අගේ ඇලෙන්නේ නැහැනේ. බලන්නකෝ ඔයාට කලින් තියෙන කොමෙන්ට්ස් එක දිහා. (නදී)
පොලෝසියේ කඩි නම් සේවාව සහ පන නැති කම මෙවැනි දේවලට හේතුවයි. (නදී)
දැන් මේ සිද්දියේදී අහිංසක දරුවන් 2 ට අම්මා නැතිවුනා. අනිවාර්යෙන්ම මේක පොලිසියේ මන්ද ගාමී බව නිසා සිදුවුණ වැරැද්දක් විය හැකියි. මම රටේ නායකයා වුවොත් මේ ජරා ගඳ ගහන පොලිසිය විසුරුවා හරිනවා. රැකියාව කරපු කිසිම කෙනෙකුට වන්දි නැහැ. විශ්‍රාමික වැටුප නැහැ. 1% පමණක් වන පොලිසියේ අවංක නිලධාරීන්ට මින් අසාධාරණයක් වේවි. නමුත් කරන්න දෙයක් නැහැ. 99% වන ඉතිරි අයව අසාදු ලේඛනයට ඇතුලු කරනවා දුෂකයෝ හැටියට. උගත් බුද්ධිමත් අවංක තරුණ මොලේ අමාරු නැති රටට සේවයක් කරන්න කැමති අයගෙන් සමන්විත පොලිසියක් පුර්ණ බලතල සහිත පොලිස් කොමිසමක් යටතේ පිහිටුවනවා. කිසිම දේශපාලුවෙකුට පොලිසිය පැත්තේ වත් යන්න බැරිවෙන විදිහට නීති හදනවා. පොලිසියට කිසිම හමුධා නිලධාරියෙක් බදවාගන්නේ නැහැ. පොලිසිය කියන්නේ සිවිල් ආයතනයක් මිසක් හමුදා කණ්ඩයක් නොවෙයි. ඒක ලෝකයේ දියුණු රටවල සම්මතයක් ගෝත්‍රික පාලනයක් තියෙන රටවල්වල හැර. (නදී)
පොලිසියට දෝශාරෝපනය කරන එක වැරදියි. මහජනයාටත් ආරක්ෂාවක් ඕනෑ නම් පොලිසියක් වෙනමම හදාගන්න වෙන පාටයි. හමුදාවේ හිටපු සෙබළුන් සමාජගත වෙනකොට පුනරුත්ථාපනය කළ යුතුයි (නි)
මෙතන වැදගත් කාරණා දෙකක් තියනවා. එකක් තමයි, යුද්දයක් කල සෙබළුන්ගේ මානසික සෞඛ්‍ය ගැන මීට වැඩිය සොයා බැලිය යුතුයි කියන එක. මම දන්නා කීප දෙනෙක් ඉන්නවා යුද්දයට සම්බන්ද වෙච්ච, ඔවුන්ට මානසික ගැටළු තියෙනවා. මේවට ප්‍රතිකාර නොකොළොත් ඉතා දරුණු තත්වයට පත්වෙන්න පුළුවන්. අනික් කාරණය තමයි හැමෝම කියනවා වගේ පොලිසිය කියන්නේ දැන් නිකම්ම නිකන් ගොඩනැගිල්ලක් හා ඒ තුල ඉන්න මිනිස්සු ටිකක් විතරයි. නීතිය ගැන අපරාධ කා රයින්ට තියෙන්නේ බොහොම සැහැල්ලු හැගීමක්. (නදී)
බලධරයිනි, හෘද සාක්ෂියට එකගව මනුශ්‍යත්වයට ගරු කර කාරුණිකව කටයුතු කරන්නේ නම් මැනවි තෙරුවන් සරණයි. (නදී)
පොලිසියට පැමිණිල්ලක් දාන්න ගියාමත් රිසව් ඉන්න අය ඇඟට ගොඩවෙනවා. රටට වැඩක් කළ නිළධාරිත් ඉන්නවා. ඒත් වැඩක් නැති අය වැඩියි (නදී)
ඇත්තටම ධනුක, මමත් දැන් මරණයක් විපතක් සම්බන්ධ පුවතකට කණගාටුව පළකරන්නෙ බොහොම පරිස්සමින්. (නි)
ගැහැනුන්ට විතරක් නෙවෙයි සර්ව සාධාරණව ජීවත්වෙන පිරිමින්ටත් අද රටේ මර බියෙන් ජීවත්වෙන්න වෙලා තියෙන්නේ. මොනවා හරි අපරාදයකට පොලිසියට පැමිණිල්ලක් කරනවට වඩා ඇඟට ගුණයි දේවාලයකට ගිහින් දෙවියන්ට කියන එක. රටේ වැඩි හරියක් ඉන්නේ හොරු තක්කඩින්ටම රට ගිහින්. පොඩි මනුස්සයටනම් කිසි සරණක් නැහැ. (නදී)
සල්ලාලලා ඇයට ඇත්තටම ආදරය කළාද කියා සිතෙනවා. නැත්නම් ඇයි ඔහුත් මියගියේ? (නි)
අද මේ රාත්‍රියේ මේ මල් කැකුළු දෙකට මොනවා දැනෙනවා ඇතිද? මම ජීවත් වන නිවාස 1000 ක් පමණ ඇති නගරාසන්න නිවාස යෝජනා ක්‍රමයේ වසර 25 කටවත් මෙවැන්නක් සිදුවී නැත. ඔබ සැම මේ මල් කැකුළු දෙක වනුවෙන් මේ ගැන යමක් සිතනු මැන. හැකිනම් ක්‍රියා කරනු මැන. දුව සහ පුතා වෙනුවෙන් හඬමි. වේදනා බර රාත්‍රියකි. (නදී)
මෙහි සැඟවුණ පැත්තක් ඇති කියලා මට හිතෙනවා (නි)
මේ වගේ දේවල් නැති කරන්න නම් උඩ ඉඳලා පහළට ඉන්න නිළධාරීන් හැමෝම නිවැරදිව තමන්ගේ රාජකාරිය කරන්න ඕනෑ. (නි)
මමත් දැන් ප්‍රතිචාර ලියන්නේ හරි පරිස්සමින් (නි)
අහිංසා අර අතුරුදන් වුණා කියපු බ්‍රිතාන්‍ය තරුණිය ගැන ලියපු ඒවා මතක් වෙනවා. අවුරුදු 30ක් තිස්සේ ඉන්නේ පිට රට කිව්වා නේද? ඔයා ඔහෙටම වෙලා ඉන්න. ඔයාට මේ රට සුදුසු නැහැ කොහොමටවත්. ඔයාට මේ රටේ නායක කම දෙන්න පිස්සුවක් මේ රටේ මිනිස්සුන්ට නැහැ. ඔය රටේ තියෙන හොද මානසික රෝහලකින් ප්‍රතිකාර ගන්න. එතකොට ඔය ලෙඩේ හොඳ වේවි. පොලිසියකට කල හැකි යම් සීමාවක් තියෙනවා. මේ මනුස්සයට ඇප දීල එවල තියෙන්නේ උසාවියෙන්. අයුතු යෝජනාවක් කල පලියට උසාවියකට බැහැ මිනිහෙක්ව හැමදාම රිමාන්ඩ් එකේ තියන්න. පොලිසියටත් ඒකට විරුද්ද වෙන්න බැහැ. මිනී මරපු එව්වන්ටත් ඇප දෙනවා නම් මේක මොන වරදක්ද ඇප නොදෙන්න. ඇප දීපු මනුස්සයව ආයෙත් අල්ලලා කූඩු කරන්නත් පොලිසියට බැහැ. මොන රටේවත් එහෙම නීතියක් නැහැ. සිදු වීමකට ගත වෙන්නේ බොහොම සුළු වෙලාවයි. මේ මනුස්සය මරාගෙන මැරිලා තියෙන්නේ. සමහර විට ඒ තරම් දැඩි හිතක් එන්න අපි නොහිතන පැත්තකුත් මේ සිදුවීමේ තියෙන්න පුළුවන්. ගෑනියෙකුට මිනිහෙක්ගේ ආත්මයම විනාශ කරන්න යන්නේ බොහොම සුළු වෙලාවයි. ඒවගේම මිනිහෙක් දෙවියෙක් කරන්නත් තිරිසනෙක් කරන්නත් ගැහැනියෙකුට බොහොම ලේසියෙන් පුළුවන්. ගැහැනු ගැන දන්නා අයට නම් මේ සිදුවීමේ දෙපැත්තක් පේනවා. කොහොම උනත් මේ වගේ සිදුවීම් වලක්වන්න පොලිසියකට බැහැ. මේකට මුළු පොලිසියම පැන්ෂන් නැතුව ගෙදර යවන්න පොලිසිය ඔයාගේ අම්මගේ අප්පාගේ බුදලයක් කියල හිතුවද? (නදී)
අනේ මන්දා, මෙහෙම මිනීමරන්න ගියොත් ඉදිරියට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
මේ දරුවන් දෙදෙනාගේ මුහුණ දෙස බලන විට මගේ සිතේ දරා ගන්න බැරි වේදනාවක් ඇතිවෙනවා. මේ දරුවන් ගැන සිතල වත් ඔහුට ඇය කෙරෙහි කරුණාවක් දක්වන්න තිබුනේ. පවු අහිංසක චූටි දුව. පොලීසිය ගැන කතා කරන්න එපා. අද අපේ රටේ අවාසනාවකට බොහෝ රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වෙලා. (නදී)
රටේ මෙවැනි දේවල් වලට මුලික හේතුව වන්නේ නීතිය හා සාමය ටිකෙන් ටික පිරිහීම වෙන්න පුලුවන් (නි)
එල්ලුම් ගහ නැති තාක් කල් ඔහොම තමයි (නදී)
අනේ! කවදා අහපු කතාද මේ? (නි)
පවු දරුවො දෙදෙනා! (නි)
පුවත් තීරයට ලියන සමහරුන්ට මේක ප්‍රජාතාන්ත්‍රික කතිකාවතක් බව අමතක වෙලා වගෙයි (නි)
අපරාදේ ජීවිත! (නි)
පුදුමාකාර පොලිසියක්නේ! (නි)
ප්‍රධානම හේතුව රටේ නීතියක් නැතිකම. මේ ගැන කියන්න කෙනෙක් නැහැ. කතාව නම් මේක තමයි ලෝකයේ ජීවත් වෙන්න හොඳම රට කියලා. (නි)
බුදු පියාණනි,ජේසුනේ, නැවතත් වඩිනු මැනවි! මේ පුංචි නොදරුවන් දුක් විඳිනවා මේ අකාරුණික සමාජයෙන්. මේ පුංචි අහිංසකයන්ගේ ඇස්වලට කඳුලක් එන්නේ නැහැ, ඒ හිත් ඒ තරමටම බයවෙලා බලාගෙන ඉන්නේ. පුංචි පුතාගෙයි ,දුවගෙයි මුහුණු දෙස බලන්න මිනිසුනේ. මේ ජීවත්වෙන ටිකකාලයට මේ වගේ අපරාධ කරන්න එපා. (නි)
මේ වගේම කතාවක් මමත් දන්නවා. තව සිය ගණනක් වාර්තා නොවී ඇති. මේකයි අද ලංකාවේ සමාජය. මේකයි යථාර්ථය. මේකයි ඇත්ත. හොරුන්, කුඩුකාරයින්, තක්කඩින් තමයි ඉන්නේ එළියට බැහැලා. උගත් වැදගත් මිනිසුන් හැංගිලා. නැත්නම් පිටරටක. අනේ අපේ රටට වෙච්ච දෙයක්! (නි)
පුදුම පොලිසියක්නේ දැන් තියෙන්නේ. (නි)
පැමිණිල්ලක් කර ඒ නිසා රිමාන්ඩ් එකට ගොස් පැමිණ පළිගන්න ප්‍රවණතාවය වැඩි වෙලා. පොලිසියට දෙවනවර පැමිණිලි කරන්න ගියවිට පොලිසියෙන් විවිධ කතා අහන්නත් වෙනවා. මේකට හේතුව තමයි රටේ නීතියේ තිබෙන දුර්වලකම. (නි)
මේ ළමයාගේ පින්තුර ඉවත් කරන්න පින් සිද්ද වෙයි (දී)
අද සිදුවන මෙවැනි නිමක් නැති කණගාටුදායක සිදුවීම් වලින් පෙන්වන්නේ සමාජයේ පිරිහීමයි. (නි)
සමාජයක් දියුණු සහ යහපත් කිරීමේ මඟ කුමක්ද? ඕස්ට්‍රේලියාව වගේ රටවල් මේ අතින් ඉදිරියට ගොස් ඇති බව පෙනෙනවා. ඕස්ට්‍රේලියාව, කැනඩාව, ස්විස්ටර්ලන්තය, නොර්වේ වගේ රටවල ජීවත්වන අපේ අය මේ ගැන හොඳින් දන්නවා ඇති. (නි)
මේ දරුවන්ගේ සහ තරුණ සැමියාගේ මුහුණ දකිනවිට අනේ අපොයි කියැවෙනවා (නි)
මේක නම් මහා සමාජ ව්‍යසනයක්.කාන්තාවකට තමන්ගේ දරු පැටවුන් සහ සැමියා සමඟ යහතින් ජීවත් වෙන්න ඉඩක් නැති හැටි? පාඩුව කාටද? ඒ අසරණ දරු පවුලට නේද? මේ තරුණ පියා දකිනවිට මගේ බාල සහෝදරයා මතක් වෙනවා. හරිම කණගාටුයි. (නි)
මම නම් මේ කනගාටුදායක මරණය කර්මයට බාර කරන්නේ නැහැ. මේක වළක්වා ගත හැකිව තිබුනා. දරු පැටවුන් දකිනවිට මගේ හිතට එන දුක අපමණයි (නි)
තමන්ගේ බිරිය ලෙඩක් දුකක් හැදී මිය යනවා වගේ නෙමෙයි මේ වගේ අපරාධයකට ලක්ව මියයාම. වියපත් වුණාම, දරුවන් ඔවුන්ගේ කැදලි තනාගෙන ගෙදරින් ගියාම ඕනෑම පිරිමියෙකුට දුකට සැපට ළඟ ඉන්නේ බිරිය විතරයි. මමත් සැමියෙක්. මේ තරුණ සැමියාගේ මුහුණ දකිනකොටත් කනගාටුයි. (නි)
කණගාටුයි.ගොඩක් දුක පොඩි දූයි, පුංචි පුතාවයි දකිද්දි. නීතියවත් පොලිසියවත් මොන දේ කළත් එ් අම්මාගෙ සෙනෙහස නැවත ඒ දෙන්නාට කවදාවත් නැහැ. (නි)
අගක් මුලක් නොදැන අදහස් ප්‍රකාශ කරන්න දැන්ම අමාරුයි. (නි)
පොලිසිය වගේම රටේ මහජනතාවත් දැන් ඉන්නේ නින්දේ (නි)
මිනිසුන් විසින් මිනිසුන්වම මරා කන දවසත් මෙහෙම ගියොත් වැඩි ඈතක නැහැ වගෙයි (නි)
පිටිගල මහත්මයාණෙනි, සුළු නිවැරදි කිරීමක්! මෙරට නීතිය ඉතාමත් නිවැරදිව හා ලිඛිතව තියනවා විතරක් නොවෙයි ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයද පැහැදිලිව දක්වා තියෙනවා. නමුත් ක්‍රියාත්මක නොවෙන එක තමයි ගැටලුව (නි)
මෙවැනි අවාසනාවන්ත සිදුවීම් බොහොමයක සම්බන්ධය තියෙන්නේ හමුදාවට සම්බන්ධ කෙනෙකුගේ. (නදී)
ලංකා තිලක්., ඔබතුමා ගැහැනුන් ගැන වෛරයෙන් ඉන්නේ මොකද කියල මම දන්නේ නැහැ., ඒත් මේ පිටුවේ පලවෙන ප්‍රතිචාර දිහා බැලුවම ඔයා මහා විෂකුරු නයෙක් වගේ කියල හිතෙනවා, ඔයාගෙන් ගැහැණියට කිසිම දවසක හොදක් ලියවී නැහැ, මොකෝ කවුරු හරි බවලතියක් බුට් පාරක් වත් දුන්නද.., ''අහෝ දුකකි තමයි'' මේ අසරණ වුන දරු දෙන්නයි මේ සැමියයි දිහා බැලුවම හදවත කිරි ගැහුනා, පොලිසිය ගැන නම් කියන්න දෙයක් නැහැ, අමුතුම ටිකක් තමයි පොලිස් කෝට් එකට යටින් ඉන්නේ නැගනියෙනි ඔබට නිවන් සුව (දී)
අනේ ලංකාවේ පොලිසිය! (නි)
මේ දරු දෙන්නා ගැන අපිට මෙවැනි දුකක් වේදනාවක් දැනෙනවා නම් පියාට කෙතරම් වේදනාවක් දැනෙනවා ඇද්ද? (නි)
මේකට තමයි සමහරුන් ආශ්චර්යය කියලා කියනවා ඇත්තේ (නි)
අනේ ඉතින් පොලීසිය කවදද ඇහැරගෙන හිටියේ (නදී)
මේ ලංකා තිලක්, ඒ වෙලාවේ මට ඉස්සෙල්ලම අදහස් ලියපු දනුක ගේ කටේ මසුරන් දන්නා හිතෙනවා. මෙතන මොන පුවතක් පල වුනත් ඒකේ බවලතෙක් සම්බන්ධ නම් ඔබේ නොහොබිනා කෙළතොළු කට ඉස්සර වෙනවා. තමන්ගේ ගේ නෝනා ඔබ කියන විදියේ නැහැදිච්ච කෙනෙක් නම් මේ තරුණ පිරිමියා මෙහෙම දුක් වේවිද ? මට නම් ඔබේ පහත් ආකල්ප ගැන පුදුමයි. (නදී)
ලංකා තිලක් , ඔබට කවුදෝ කාන්තාවක් එක්ක තිබුන පුද්ගලික තරහක් මෙතන මරණයක් වුන වෙලාවෙත් පිට කරනවා. චී චී ඉතාම නින්දිත පහත් මානසික මට්ටමක් ඔබට තියෙන්නේ. (නදී)
මේකට හේතුව රටේ නීතිය හෑල්ලුවට ලක්වීම සහ සදාචාරය පිරිහීමයි. (නි)
මට පේන හැටියට ලංකා තිලක් මේ පුවත් තීරයට ලියන්නේ , කාන්තාවන් කෙරෙහි තමන්ගේ ඇති මානසික අසහනය පිට කිරීමේ ක්‍රමයක් හැටියට. පේනවනේ ලියල තියන චාරයක් නැති කතා ටික. මේ මියගිය ගිය කාන්තාවට නිවන් සුව. (නදී)
මෙතන මේ මියගිය කාන්තාවගේ චරිතය ගැන ප්‍රශ්න කළ කෙනා හතර පෝයටම සිල් ගන්න කෙනෙක් වෙන්න ඇති (නි)
ලංකා තිලක් ඔබට මේ බවලතුන් එක්ක ඇති පරණ තරහක් මෙතන සභාවේ මේ විදියට පිට කරන්න එපා. මම දෙවියන් ගෙන් ඉල්ලන්නේ ඔබේ නොමනා ප්‍රකාශය කිසිම විදියකින් තව කෙනෙකුට මේ දුකට පත් සැමියාට පෙන්නන්න ඉඩ තියන්න එපා කියලා. ඔබ බිහි වුනේ මව් කුසකින් ද ? (නදී)
ලංකා තිලක්ට මේ මළගම අස්සෙත් බවලතුන්ගේ චරිතය විමර්ශනය කරන අමාරුව හැදිලා. (නදී)
කෝ රටේ නීතිය? (නි)
සමහරවිට කුඩා කාලයේ මව විසින් අත් හරිය දරුවන් පසු කලෙක මුළු ස්ත්‍රී සංහතියටම දොස් කියමින් ඔවුන් පහත් කොට සලකන අයුරු මම දැක තිබෙනවා. එවැනි කෙනෙක් මේ සභාවේත් ඉන්නවද මන්දා . (නදී)
මේ ගැන බිය විය යුතු නැත. "යම් කිසි අසාධාරණයක් පොලිසිය පැත්තෙන් වෙලා කියලා සිතී, ඔවුන් මේ ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වා, පරීක්ෂණයෙන් යම් පාර්ශවයකට අසාධාරණයක් වුණ බවට සාක්ෂි තිබුනොත් ඒ අයට තරාතිරම නොබලා කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනු ඇත" (නි)
රොෂාන් පිටිගලට නීතිය ගැන කියල දෙන්න හදපු එකට අපට නම් හතර හිනා. (නදී)
මියගිය කාන්තාවට නිවන් සුව. ලංකා තිලක් ගේ බවලතුන් දුටු තැන මඩ ගැසීමේ මානසික ආබාධය සුව වේවා. (නදී)
ලංකා තිලක්, ඔයාගේ නමේ ලංකා කෑල්ල ඕනේ නැහැ, ඔයා ලියන දේවල් වලින් හැමෝටම තේරෙනවා ඔයා ඉන්නේ කොහෙද කියලා. ඔයාගේ නෝනාව ඔය විදියට මරාගෙන මැරුණත් ඔය ටිකම කියන්න පුළුවන් ජාතියේ කුහක සහ නිවට මිනිහෙක් ඔයා. (නදී)
ආසියාවේ ආශ්චර්ය වෙන්න ඇති. මේකටත් දේශපාලුවෙක් කොහෙන්හරි ගෑවිලාද දන්නෙ නැහැ (නි)
ඔය දේ පොලීසියේ කෙනෙකුට වුණා නම් නීතියයි සාමයයි අකුරටම වෙයි. ඒත් සාමන්‍ය මිනිසුන්ගේ තත්ත්වය හාත්පසින්ම වෙනස් වගෙයි. (නි)
ලංකා තිලක් ඔබ හරි හමන් පිරිමියෙක් නම් ජීවත්ව ඉන්න කාන්තාවකට මුනට කතා කොට, ඇගේ චරිතය අභියෝගයට ලක් කරන්න. මියගිය කාන්තාවගේ චරිතයේ අඩු පාඩු ගැන සැක පල කරමින් පුවත් තීරයකට හැංගිලා ලියන උදවිය පිරිමිද ? ඔබ මේ සභාවේ අනෙකුත් පිරිමි මහතුන්ටත් ලැජ්ජාවක් (නදී)
ලංකා තිලක් ඔබ ලංකාවේ කිසිම මල ගෙදරකට වැද්ද ගත යුතු කෙනෙක් නෙවෙයි. (නදී)
මේ මියගිය කාන්තාවට සාහසිකයා කල අපරාධයට වැඩිය අපරාධයක් ඇගේ චරිතය අභියෝගයට ලක් කල උපාසක මහතා කර තිබෙනවා. (නදී)
යුද පෙරමුණේ සිටි සෙබලුන්න්ට මානසික පුනරුත්ථාපනයක් දීම කොච්චර වටිනවද? (නි)
ලංකා තිලක් මල ගමක් වුන වෙලාවේදී වත් ඔබේ ඔය නොහොබිනා කට බ්රේක් දමා තබා ගන්න. (නදී)
මෙහෙම පොලිසියක් මොකටද? පව් අහිංසක දරු පවුල. (නි)
ලංකා තිලක් ඔබ ඔබේ ගෙදර බවලතුන්ට සලකන විදිය මේ මිය ගිය කාන්තාවට සිදු වූ දෙය සම්බන්ධයෙන් ඔබේ වචන මාලාවෙන් ඉතා පැහැදිලියි. කොටින්ම ඔබ විත්තිය පැමිණිලිකරු කර, පැමිණිලි කාරිය විත්ති කාරිය කර, චරිතයත් අවමානයට ලක් කොට එල්ලා ඉවරයි. (නදී)
මේ ලංකා තිලක් ඔබේ ආත්මය කවුද බවලතෙක් නිසා හෙලවුනාට මේ මියගිය කාන්තාව සහ ඇගේ දරු පවුල පලි නැහැ. මේ මව ගේ චරිතය ගැන ඔබ නැගු අවිචාරමත් සැකය මේ අහිංසක ළදරියට පවා අනාගතයේ විවාහයට සැමියෙකු සොයන විට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බිරිඳගේ චරිතය ගැන ප්‍රශ්නයක් නම් මේ තරුණ සැමියා මෙහෙම දුක් වේවිද ? ඉතා කැතයි තිලක් ඔබේ ආකල්ප නම්. (නදී)
පුදුමාකාර පොලිසියක්නේ! (නි)
මරණයක් සිදු වුනාම මල මිනියට මඩ ගහන්න එපා ලංකා තිලක්. (නදී)
අපේ පොලිසිවල වැඩ ගැන නම් දැන් කතාකරලා වැඩක් නැහැ (නි)
සමාවෙන්න මෙහෙම කියනවාට මේ සභාවේ. මල ගෙදරකට නෙවෙයි වැසිකිලියකට වත් සුදුසු කටවල් නෙවෙයි සමහරුන්ට තිබෙන්නේ මේ වගේ ශෝක ජනක පුවතක් පළවුණා වෙලාවේ. (නදී)
හිටපු හමුදා සෙබලෙක් පොල්ලකින් ගසා කාන්තාවක් මරාදමයි ..විලි ලැජ්ජයි ..(අ)
ලංකා තිලක්, ඔයාගේ නම ඇමෙරිකා තිලක් කියලා මාරු කරගන්න. මොකද හැම අවස්ථාවකදීම අපරාධකරුවන්ට පක්ෂව හා සාධාරණයට විරුද්ධව මත පල කරන නිසා. කාන්තාවන්ට ටිකක් හරි ගරුකරන්න පුරුදුවන්න. ඒ දරුවන් ගැන හරි කැක්කුමක් තිබෙනවා නම් මේ වගේ අදහස් ලියන්නේ නැහැ ඔයා. (නි)
රටේ නීතිය හෑල්ලුවට ලක්වූ තවත් උදාහරණයක්. සැකකරු චුදිතයා බව දැනදැනත් ඔහු ඇපමත නිදහස්. අවසන් ප්‍රතිපලය මේකයි.මේවට රටේ නීතිය මොකද කියන්නේ? (නි)
අසේලගේ කතාව සමඟ එකඟ වෙමි. මම මෙම මහා පොළොව නුහුලන අපරාධය සාධාරණීකරණය කරනවා නොවේ. නමුත් ඉහත කි සෙබළාගේ පැත්තෙන් බැලිය යුතු කරුණුද රාශියකි. (නි)
හෙට අනිද්දා සමහරවිට අපගේ ආවේගශීලී වීරයන් සෙබළාගේ දේපළද වනසනු ඇත. තව සති දෙකකින් අම්මා නොමැතිව ලෝකයේ තනිවූ මේ දරුවන් දෙදෙනා අපගේ සමාජය විසින් අමතක කරනු ඇත. එහෙත් යුද්ධය නිසා මානසික අස්ථාවරත්වයෙන් පෙලෙන නිසි ප්‍රථිකාර නොලබන දහසකුත් හමුදා සෙබලුන් තව තවත් අපරාධ වල නිරතවනු ඇත. (නි)
පවු පොඩි ළමයි (නි)
දනුක මහත්මයා වැරදියි. සමාජ අසාධාරණයට එරෙහිව ලිවිය යුතුමයි. (නි)
පව්. ඇයට නිවන්සුව ලැබේවා! ඇප පිට සිටින අයකුට අනිත් අයට කරදර තර්ජන කළ නොහැක. මේ ගැන පොලිසිය වගකිවයුතුමය. අසරණ වුණ දරු පවුලට සාධාරණයක් කිරීමටවත් දැන් වගබලාගත යුතුය.එසේම මින් ඉදිරියට මෙම වරද නොවීමටද කටයුතු කළ යුතුය (නි)
බොහොම ශෝක ජනක පුවතක්. එවැනි මරණිය තර්ජනයක් තියෙද්දී ස්වාමියාට තිබුනා ඇයව තනියම නොයවා ඇය සමග යන්න. සිද්දිය උනාට පස්සේ දුක්වෙනවා අපරාදේ මන් එයාව තනියම ඇරියේ. මගේ වරද කියලා. පවු, හැදීගෙන එන පුංචි පවුලක්. ඇයට නිවන් සුව පතමි. (නදී)