පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නිදහස් කරන්නැයි ඉල්ලමින් එම පක්ෂය අද (19) කොළඹ කොටුවේ පැවැත්වූ උද්ඝෝෂණය විසිරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය.
කොළඹ ටෙක්නිකල් හන්දියේ සිට ජනපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් ගිය විරෝධතාකරුවන්ට ලෝටස් හන්දියේදී මාර්ග බාධක යොදා පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළේය.
එහි නතරවූ විරෝධතාකරුවෝ රැස්වීමක් පවත්වා විසිර ගියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශෝකගේ කියමනට මගෙන් මල් මිටක්! (නි)
මේ අයටනම් නම් ගහන්නම ඕන තමයි බොරුවට හැම එකටම පාරෙනේ ඉන්නේ හැමදාම. (ර)
නැවත පෙළපාලි යන්න කලින් මට කියන්න , හැමෝටම සබන් කෑල්ලක් මගේ ගානේ දෙනවා. (ර)
ජලයෙන් නෙවි මෙයාලව නාවන්න ඕන, නීත්‍යනුකුලව දිවිත්ව පුරවැසිබව ඉල්ලන්න පුළුවන්කම මේ රජය දීල තියෙද්දී මොනවාද මේ කරන නාඩගම් . (ර)
මහා මාර්ග අවහිර කරමින් මේ වගේ බොරු උද්ඝෝශන කරන අයට පොලීයියෙන් නොගැහුවත් ලගදිම ජනතාව ගෙන් ගුටිකන්න වෙයි. (ර)
කුමාර් ගුණරත්නම් පොලිස් අත්අඩංගුවේ තියාගෙන ඉන්න හේතුව මට නම් පැහැදිලි නැහැ. දේශපාලනය නිසා ඔහු හිරකර තබලා නම් එය වැරදියි. අනික ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය තිබීම වරදක් වෙන්නේ කොහොමද? අපි දන්නා ප්‍රසිද්ධ අය ලංකාවේ දේශපාලනය අගේට කරන්නේ සහ තනතුරු දරන්නේ වෙනත් රටවල පුරවැසියන් වෙලා ඉන්න ගමන්. මොකද ඒ අයට වෙනම නීතියක්. (නි)
පෙරටුගාමීන්ගේ සටනට ජයවේවා! (නි)
අශෝක්,බණ්ඩාර,ජයරත්න, කරුණාකරලා නිවැරදි තත්වයන් හා තොරතුරු දැනගෙන අදහස් දක්වන්න. (නි)
ඔබේ සටනට ජයවේවා! (නි)
ඒ කාලෙනම් පොලු හමුදාව පනිනවා දිගට හරහට පහර දෙනවා කවුරුවත් වචනයක් කියන්නේ නෑ.කතා කරන්නත් බය වෙලා හිටියේ. (බ)
අනේ යහපලානේ ...ඕක තමයි දෙනවා කිව්වා නිදහස ..යහපලකයෝන්ට එක එකා මැරි වැටෙන්න සිදු වේවා ..දැන් දෙකයි (බ)
අනිවාර්යයෙන් නිදහස් කළයුතුයි. ඒ වගේම රටින් පිටුවහල් කළයුතුයි. මෙතන අදහස් දක්වන විදේශගතව සිටින අයගෙන් මා දැනගන්නට කැමතියි ඔය රටවල්වල වීසා බලපත් කල්ඉක්මවූ අයට මොනවද කරන්නේ කියලා. (නි)
ලුම්බිණි, ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය තිබීම නෙමෙයි වරද? ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොතිබීම සහ නිත්‍යනුකුලව රටේ සිටීමට වීසා බලපත්‍රයක් නොමැති වීමයි වරද. (බ)
චන්දන, අපි නිවැරදි තත්වය දන්නෙ නැහැ. කරුණාකරලා අපිව දැනුවත් කරන්න (නි)
නැව්වට කමක් නැ..නාගන්නේ නැතුව..(බ)
බොහොම හොඳයි (බ)
මෙවැනි විරෝධතා දින දින වැඩි වෙනවා මිසක් අඩු වීමක් දකින නැත (ම)
මෙ දවස්වල පොලිසිය , පොලිසියේ මාද්‍ය ප්‍රකාශක නාගන්න මඩවල හැටියට එයාල නාවන්න සප්ත මහා සාගරේ වතුරත් මදි .(ම)
හැමදාම ඉතින් පොලිසිය දාලා ආණ්ඩුව ජනතාව නාවනවා, නැත්නම් බැටන් පොලුපාර දෙනවා (ම)
කුමාර් ගුණරත්නම් යනු කවරෙක්ද? ... පොඩ්ඩක් හිතන්න අපෙ රටෙ කොච්චර මෝඩ දරුවන් සිටිනවාද... මෙගැන හිතන්න, කුමාර් ගුණරත්නම් තමාගෙ බිරිදවයි දරුවන් සමග අපේ රට වන ශ්‍රි ලංකාව හැරදා ඕස්ට්‍රේලියාවේ පුරවැසීභාවය ලබා ස්ථිර පදිංචියට යන්නේ තම බිරිදට හා දරුවන්ට හොද ජීවන තත්වයකුයි උසස් අධ්‍යාපනයකුයි ලබාදීමටය. ඔහු ලංකාවේ දූ පුතුන් බිල්ලට දී තම වාසිය තකා කටයුතු කරන අයෙකී.. ඔහු සැබැ ජාතිමාමකයකුනම් ඔහුට පුළුවනී ඔහුගේ ඕස්ට්‍රේලියාවේ පුරවැසීභාවය අවලංගු කර ලාංකීක පුරවැසියකු වී දේශපාලන වැඩ අවංකව කරන්න නමුත් ඔහු කැමති නෑ තමාගේ ඕස්ට්‍රලියාවේ සැපවත් ජීවිතය නැතිකර ගැනීමට... නව නීතිය අනුව ලංකාවේ දේශපාලනය ද්විත්ව පුරවැසියෙකුට කිරිමට නොහැකී යැයි මාගේ හැගීමයී... මා ඉල්ලන්නේ ඔය කුමාර් ගුණරත්නම් වටේ සිටින අයට ඇයි බැරී ඔහුට ලාංකිකයකුවී දේශපාලනය කිරිමට පොලඹවන්න...(බ)
අශෝක් ගේ කතාවට මමත් එකගයි. කුමාර් ගුණරත්නම් යනු කපටි කෙනෙක්. අනික එයාට තල්ලුව දෙන තවත් කොටසක් ඉන්නවා. ඩයස් පෝරාව කට්ටියක්. ඔය හදන්නේ අයෙමත් රට විනාශ කරන්න. නාවන්න ඕනේ ජලයෙන් නෙමේ. ? (බ)
පුදුම සෙනඟක්නේ ඉන්නේ... මෙච්චරද බන් පෙරටුගමින්ට ඉතුරු වෙලා ඉන්නේ? (ම)
රටක අගමන් විගමන නීති කඩ කරන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කර නඩු අසා වරදිකරු නම් දඩුවම් දී පිටුවහල් කරනවා , මෙය ලංකවේ විතරක් නොවේ ඕස්ට්‍රේලියාවෙත් සිද්ධ වෙනවා (ම)
අස්වාභාවික ඉල්ලන් කෑමක්.(ම)
ඔය සහෝදරවරු බය වෙන්න එපා. (ර)
පෙරටුගාමීන් කියනවට වැඩිය පසු ගාමින් කියනවානම් හොදයි. (ර)
නාවලා මදි ඩිටර්ජන්ට් දාල නාවලවත් කුනු අරින්න බැරිෙවයි. (ර)
ඉතාමත් හොඳ ක්‍රියාවක්. කුමාර් ගුණරත්නම් මේ රට එපාවෙලා විදේශයකට ගොස් මෙහි පැමිණ රටේ කරන දේශපාලනය කුමක්ද? (ර)
කුමාර් ගුණරත්නම් නිදහස් කරනු !! (නි)
මේ විප්ලවකාරීන් කියා ගන්න අයට තේරෙන්නේ නැහැනේ විසා නැතුව අත්අඩංගුවට ගන්න ටුවරිස්ට් කෙනෙකුව නඩු අහන්නේ නැතුව නිදහස් කරන්නේ නැති බව. (ර)