(යොහාන් භාසුර)
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නුගේගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය පොලිස් කණ්ඩායම් දෙකක් අද (29) පෙරවරුවේ පරීක්‍ෂා කළ බවත් දෙවැනි පොලිස් කණ්ඩායම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් නිකුත් කළ වරෙන්තුවක් පෙන්නූ බවත් එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පැවසීය.
නිල ඇඳුම සහිත පොලිස් නිලධාරියකු සමඟ සිවිල් ඇඳුමින් යුත් දස දෙකනුගෙන් යුත් පළමු කණ්ඩායම සතුව පරීක්‍ෂා කිරීමේ වරෙන්තුවක් නොතිබුණු බවත් නිල ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් 30 කින් පමණ යුත් දෙවැනි කණ්ඩායම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේට නිකුත් කළ සෝදිසි වරෙන්තුවක් ඉදිරිපත් කළ බවත් නාගමුව මහතා කීය.
එම කණ්ඩායම් දෙකම කාර්යාලය පරීක්‍ෂා කිරිමෙන් පසුව පිටත්ව ගිය බව කී නාගමුව මහතා එම නීති විරෝධී පරීක්‍ෂා කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සාමාජිකයෝ විරෝධය දැක්වූ බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති විරෝධීව හැසිරෙමින් රටම විනාශ කරන මෙවැනි කොටසකට මොන වරෙන්තු පෙන්නිල්ලක්ද?