සබරගමු සරසවි සිසුන් පිරිසක් දින 46ක් පමණ පඹහින්නේ ඉදිකර තිබූ සත්‍යග්‍රහා අට්ටාලය පොලිසිය අද (18) ගලවා රැගෙන ගියේය.
නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීම, ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන් පිරිසකට යළි ඉගෙනීමේ අවස්ථාව ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන සිසුහු මෙම සත්‍යග්‍රහය කළහ.
සබරගමුසරසවි භූමියේ ඉදිකර ඇති සත්‍යග්‍රහ අට්ටාලය ඉවත් කරන්නැයි බළංගොඩ අධිකරණය ලබා දුන් නියෝගය අනුව පොලිසිය අද එම අට්ටාලය ගලවා ඉවත් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරා මහතානෙනි, ඔබ සමග තරහා නැහැ. කෙටි වාක්‍ය ලියන්න. එවිට ඔබගේ උත්සාහය අපතේ නොයනු ඇත. (නදී)
ගමගේ , බිමල්, ඉන්දික, ඔබගේ අදහස් වලට මමත් එකඟයි. මොකද අපේ කාලේ නිදහස් අධ්‍යාපනය කිව්වට කිසිම අරමුදලක් දුන්නේ නැහැ. දුන්නේ ණය මුදලක්. ඒකත් පිටවුණාට පස්සේ ණය ගෙවන්න ඕනෑ.දැන් මහපොළත් ගෙවනවා. බලධාරීන්ට මතක් කිරීමක් හැටියට මමත් කියනවා, සියලුම දෙන දිමනා ඉවත්කර විශ්ව විද්‍යාල නේවාසිකාගාර පහසුකම් වලින් ඉවත් කරන්න. (නි)
නීතිවිරෝධී වැඩ වලට ඉඩදෙන්න නරකයි (නි)
ලුම්බිණි, විශ්ව විද්‍යාලය කියන්නේ සටන් බිමක් නෙමෙයි. ඒක තියෙන්නේ ඉගෙනගන්න කැමති දක්ෂ ළමයින්ට ඉගෙනගෙන තමන්ගේ ජිවිතය ජයගන්න මඟ පෙන්වන්න. නිදහස් අධ්‍යාපනය කියන්නේ අයිතිවාසිකමක් නෙමෙයි, රජය විසින් සපයන සේවාවක් පමණක් කියලා සිසුන්ට සරසවියට ඇතුලුවෙනකොටම අවබෝධ කරවලා දුන්නා නම් මේ ගැටළු ගොඩක් විසඳේවි. (නි)
අට්ටාලයත් සමගම ඔය සිසුන් ටිකත් සරසවි භූමියෙන් ඉවත්කර මේ සුන්දර සරසවිය නැවතත් සිසු සිසුවියන්ට නිදහසේ ඉගෙනගත හැකි සාමකාමී පරිසරයකින් හෙබි සරසවියක් බවට පත්කරන්න. (නි)
සරසවියට ගියාම පළමු සිසුන්ගෙන් නවක වදයට ගොදුරු වෙලා, ඊළඟට එන අයට මෙම වදයට ගොදුරු උන අයම අලුතෙන් එන අයට නවක වදය දෙනවා. ජීවත්වන්නේ ලොකු හීනමානයකින්. ඔවුන් සිතන්නේ සරසවි සිසුන් උන පලියට ඔවුන් සියල්ල දත් අය කියා. මොවුන් පිටුපස බංකොලොත් නුගත් දේශපාලන පක්ෂ සිටිනවා. මොවුන් උසිගන්වා මෙහෙයවන්නට කාලයත් සමග ඔවුන් යතාර්ථය දැනගන්නා විට පරක්කු වැඩියි. පසුව ඔවුන්ම තමා මේ විප්ලවකාරයන්ට විරුද්ද වන්නේත් (නදී)
ප්‍රශ්න පටන්ගත්තේ සිසුවියන්ගේ නේවාසිකාගාර මුල්කරගෙන වුණත් මේ ඡායාරූප වල නම් මට පෙනෙන හැටියට එක සිසුවියෙක්වත් පෙනෙන්න නැහැ (නි)
උගත්කම කියන්නේ ඔය උපාධි කඩදාසිය නෙමෙයි සත්‍යපාල මහත්තයෝ. සමාජයත් එක්ක ගැටීමෙන් ලබන ජීවිතය පිළිබද අවබෝධය. ඔබ තුමා ට ඕන ආයේ 88/89 වගේ මේ සිසුන්ව මුරුංගා අත්තේ තියල ටයර් සෑයවල යනවා දකින්නද. පොලිසියෙන් වෙඩි කනවා දකින්නද.? අපිට එහෙම දකින්න අවහ්‍ය නැහැ. අපි ඒ විනාසය දැක්ක හින්දයි මේ තරම් මේ දේවල් වලට අදහස් දාන්නේ. සරසවි සිසුන් එක්ක තරහක් අපේ නැහැ. අපි තරහ ඔවුන්ව බිලිගන්නා හදන ඔවුන්ගේ මළමිනී මතින් තම දේශපාලන අවශ්‍යතා සපුරාගන්න හදන මේ කොන්ත්‍රාත් කාරයෝ එක්ක. (නදී)
ඕක ගලවන්න තිබුනේ ගහපු දවස් වලමයි (නදී)
සිසුන්ගේ වරදක් නැහැ. ඒකපාර්ස්වික පාලනයක් තියෙන විට රටපුරාම මෙහෙම වෙනවා (නදී)
මම බන්දුල වගේ කඩේ යනවා නම් නෙවෙයි. නමුත් වර්ජන සහ ඔය විරෝදතා වලට මම කැමති නැහැ. මමත් කාලයක් හමුදාවේ හිටියා. 88-89 කාලේ ගෙදර ආවම මමත් හැංගිලා තමයි හිටියේ. අම්මට සහ තාත්තට කියල ගිහින් තිබුනා අස්වෙන්න කියන්න හමුදාවෙන් නැත්නම් මරනවා කියලා. අපිට තාම ඒවා මතකයි. (නදී)
සෙනෙවි මහත්තයෝ, අපි රටෙන් පිට ඉන්නේ කැමැත්තකින් නෙවේ. ඒ අපේ අතපහු උන දේවල් ලබාගන්න වෙන කරන්න දෙයක් නැති නිසා. ඒත් අපි හදවතින් ශ්‍රී ලාංකිකයි. අනික උපයන දේ උපරිමයෙන් ලංකාවට එවන්නේ නැතිව වියදම් කරලා හිස් අතින් එන්නෙත් නෑ. (නදී)
නංගිලා මල්ලිලා, තේරුම්ගන්න, අපිත් ඔය ලනුව කෑවා අවුරුදු හතරක්. අපිවත් නිදහස් අධ්‍යාපනය රැකගන්න කියල කඩේ යැව්වා. දැන් තේරෙනවා මොකාද එ්කෙන් ලකුණු දාගත්තේ කියලා. ඉගෙන ගන්න එක කරගන්න ඕන මොක නැතත් (නදී)
ගමගේ ඔබ 100% හරි (නදී)
සත්‍යපාල මහත්තය අපිත් ඔය කියන සරසවි ගිය අය. ඔතන කරන බොරුව හොඳට අත්දැකපු අය. ඔතනදි තරුණ ජවය ගොනාට අන්දන හැටි අපූරුවට දැකල තියෙනවා. (ඔය කට්ටිගේ පව් 86 ඉඳන් 91 වෙනකම් සරසවි වල හිටපු අය තාම ගෙවනවා) ඔතන කෙරෙන්නේ බොරුවක් නෙවේ නම් 1960 ගණන් වල ඉඳන් මේ වෙනකම් බිහි උන සමාජවාදීන් කෝ? ගුවනේ ඉන්න තරුණ පර පුර මහ පොළවට බැස්සම කරපු මෝඩකම් ගැන පසුතැවි, තැවී වැරදි නිවැරදි කරගන්නවා. ඒකයි වෙන්නේ. මේ සිසුන්ගේ මෝඩ වැඩ අගය කරනවා කියන්නේ එයාලව තවත් නොමග යවනවා කියන එක. ඒ අපරාදෙට දායකවෙන්න එපා. ඒකෙන් තමන්ගේ දරුවන්ටත් ශාප වෙනවා. (නදී)
මේ අට්ටාලය, උසාවිය ඉවත් කරන්න අවසර නොදීපු අට්ටාලය නේද...?ඒ කියන්නේ උසාවියට වැඩිය බලවත් දැන් පොලිසිය. මේ පිලිබදව මම කියවපු පුවත් අනුව පෙනීයන්නේ පොලිසිය, උසාවිය නොමග යවලා අලුත් උසාවි නියෝගයක් ලබා ගෙන වගෙයි. ඒකෙන් මේකෙන් පොලිසියට නැවත ඉහල උසාවියටත් යන්න වෙයි වගෙයි. (නදී)
පවු අහිංසක දෙමාපියන්! (නි)
රට පුරාම තියෙන මේ වගේ අට්ටාල ගලවල දාන්න, ඉගෙන ගන්න බැරි උන් ගෙදර යවල අනික් ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන්න ....(අ).
ඔය ඉන්නේ නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කරන කට්ටිය. ඉගෙනගන්න කට්ටියට ඉඩදීලා යන්න පිටවෙලා. රස්තියාදු කාරයන්ට විශ්වවිද්‍යාල වල ඉඩ නැහැ. (අ)
ගයාන් ඔයා ඉස්කෝලේ ගියෙත් නෑ නේද (අ)
ඔය අට්ටාලේ ගැලෙව්වට ඕන තරම් අට්ටාල ගහන්න සල්ලි පොම්ප කරාවි පිට රටින්.මේ වගේ වෙලාවට ඔය වීරයෙක් විධියට දඟලන චරිත බිහි කරන්නෙ දුෂ්කර පලාත් වල අඟහිග කම් වලින් පිරුනු පවුලක දරුවෙක් තුල සමාජ වෛරය වපුරලා.එයාලට හොඳ විදුහලකට ගියපු මධ්‍යම පැලැන්තියේ දරුවෙක් වුනත් පේන්නෙ හතුරෙක් විධියට.නවක වදේ කියලා දස වද දෙන්නෙ මෙයාලා තමයි.පස්සේ මෙයාලා එක්කො රටකට පනිනවා.නැත්නම් වීරයෙක් විධියට පෙනී ඉදලා සල්ලි තියන පවුලක කෙල්ලක් රවට්ටගෙන ඒ ගෙදරට පැන ගන්නවා.ඔය ඔතන චාටර් වෙන අනිත් ළමයි තව අවුරුදු දහයකින් ඇහුවොත් කියන්නෙ ඒ කාලේ අපි නිකම් අහු වුනානෙ.දැන් නම් මතක් වෙන කොටත් ලජ්ජයි කියලා.මිනිස්සුන්ට දැන් මෙයාලව අප්‍රිය වෙලා.මෙයාලා ඩයස්පෝරාවෙන් යැපෙන නොරටුගාමීන්ගෙ ඉත්තො වෙලා.දෙමව්පියො අසරණ වෙලා.(අ)
අවුරුදු 4 පාඨමාලාවට අවු. 6 (85 - 91) සරසවියක කල්මරපු කෙනෙක් හැටියට ගමගේ එක්ක මම 70% ක් එකඟයි. ඔය බළල් අත් කලේ තරුණ ජවය වැරදි අතට මෙහයවපු එක. (අ)
ගමගේ ඔයාගේ අදහස් වලට මට ඇඩනවා. ඔයාගේ ගම කොහෙද ? (අ)
සමන් මහජන මුදලින් නිදහස් අධ්‍යාපනය ලබා තම රටට සේවය කිරීම පැහැර හැර පැරීසියට කඹුරන ගමන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට සටන් කරන දරුවන්ට ගරහනවා (අ)
ෂයිනි,අපිත් ඉස්කෝලෙත් ගියා ඔය කියන විශ්ව විද්‍යාලේකටත් ගියා.1989 දි සා/පෙළ කර කර හිටපු අපිව පාරට අදාල දාල අපේ ඉස්කෝලේ 3-4 දෙනෙකුට පරලොව යන්න පාර පෙන්නල,ඊට පස්සේ බොහොම අමාරුවෙන් විශ්ව විද්‍යාලයට ගියාම රැග් එකෙන් අපිව නොමරා මැරුව.මොකක්ද වැරැද්ද.?අපේ ඉස්කෝලේ නම.අනික ඒ වෙනකොට ලංකාවෙ එක පුවත්පතක මුල්පිටුවට පොටෝ එකක් ගිය සොහොයුරියක් නවක වදය එකේදී නොමරා මරල අන්තිමට ඒ කෙල්ලට විශ්වවිද්‍යාලත් එපා කෙරෙව්වා.ඒක මෙහෙයවපු මහා එකා අදජේ වී පී පළාත් මන්ත්‍රී. උන්ගේ තියෙන්නෙ කුහක කමයි හීනමානයයි විතරයි. එදා අපි වින්ද දුක් අපි විතරයි දන්නේ. (අ)
අට්ටාලයත් සමගම ඔය පිළිල ටිකත් සරසවි භූමියෙන් සදහටම ඉවත් කර මේ සුන්දර සරසවිය නැවතත් සිසු සිසුවියනට නිදහසේ ඉගෙන ගත හැකි සාමකාමී පරිසරයකින් හෙබි සරසවියක් බවට පත් කරන්න..වැස්සකටවත් සරසවී ගියේ නැහැ කියල උගතුන්ගේ සරදමට ලක්වෙන මාත් ඇත්තටම බැලුවොත් කොලඹ සරසවියේ ලියාපදිංචි සරසවි ශිෂ්‍යයෙක්.තොරතුරු සන්නිවේදන උපාධි අපේක්ෂකයෙක්.වෙනසකට තියෙන්නේ අපි ඉගෙන ගන්නේ මුදල් ගෙවල.මුදල් ගෙවා ඉගෙනුම ලබන ශිෂ්‍යයන් කවදාවත් ඔහොම පිස්සු නටන්නේ නැහැ..ඔවුන්ගේ පරමාර්ථය ගෙවන මුදලට වටිනාකම ලබා ගැනීම..මේ සියලු විනාශයන්ට මුල මේ නිදහස් අධ්‍යාපනය..උපාධියට මිලක් නියම කරලා ඒක රැකියාවක් කිරීමේදී වාරිකව කපාගත්තනම් ඒ මුදලත් සරසවිවල පහසුකම් වැඩිදියුණු කරන්න යෙදෙව්වනම් මේ නිදහස් අධ්‍යාපනයේ නියම වටිනාකම රටට එදාට ලැබේවි..නැත්නම් හැමදාමත් මේ වදන බංකලොත් දෙසපාලුවන්ට ජාමේ බේරගන්න උදව් වෙන සටන්පාඨයක් පමණක් වේවි..(අ)
යෝජනාවක් විදියට මම කියන්නේ. ඔය අට්ටාල ගහගෙන සරසවි කඩාකප්පල් කරන අයගේ මහපොළ නවත්වන්න ඕනෑ. මොකද අපේ බදු සල්ලි වලින් වැඩක් ගන්න දන්නේ නැති අයට මොකටද අපේ සල්ලි දෙන්නේ? ඒ සල්ලි වලින් වැඩක් ඇති දෙයක් කරන්න පුළුවන්. (නි)
ගමගේ උන්නැහේ එක්කෝ උසස් පෙළ ඇන ගත්ත පොරක් !! නැත්නම් විශ්ව විද්‍යාලේ ගිහින් අනා ගත්ත පොරක් !! (ස)
නිදහස් අධ්‍යාපනය රැක ගන්න වෙලා තියෙන්නේ මේ වගේ ළමයින්ව පාරට ඇද දාන බොරුවිප්ලව කාරයන් ගෙන් . මේවා මෙහෙයවන නායකයෝ කවද හරි මන්ත්‍රීලා නැත්නම් බටහිර රටකට පැනල . බලෙන් පස්සෙන් අරන් යන ළමයින්ගේ ජිවිත අතරමන්. (ස)
ජේ වී පි කාරයොන්ට අද මිනිස්සු සාප කරන්නේ 1970 ගණන් වල ඉඳල මේ රටේ දරුවන් ට කරපු අපරාධ වලට. අධ්‍යාපනේ විනාශ කලේ උන්. තවත් මේ අයට ඉඩ දුන්නොත් ඉදිරි පරම්පරාවත් වනසනවා. (ස)
මේකේ දාන අදහස් දිහා බලපුවාම මට හිතෙන දෙයක් තමයි මේ ළමයි කරන්නේ මහා බොරු වැඩක් කියලා. අපේ රටේ අවුරුදු හැට හැත්තෑවක් නිදහස් අධ්‍යාපනය තිබුනට එ්කෙන් ප්‍රයෝජනයක් අරන් තියෙන්නේ බොහොම ටික දෙනයි වගේ පෙනෙන්නේ. නිදහස අධ්‍යාපනයවත් එය රැකගැනීමේ උවමනාවත් වැඩි දෙනුකුට නැහැ. විශේෂයෙන් සරසවි අධ්‍යාපනය මේ රටේ ඉතාමත් අතොලොස්සකට පමණක් ලැබීම නිසා අනිත් අය තුල සරසවි සිසුවා කෙරෙහි ද්වේශ සහගත ආකල්ප ඇතිවී තිබෙන බවක් දක්නට ලැබෙනවා. එහෙයින් සරසවි සිසුන් මෙරට නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා කරන අරගලය හෙලා දකින්නත්, සිසුන් මත වරද පැටවීමටත් අසාර්ථක උත්සාහයක නිරත වෙනවා. මේ නිසා තමන් කරන කාර්යභාරය සමාජයේ ඇගයීමකට ලක් නොවීම හා අවබෝධ කර නොගැනීම නිසා මෙය ඉතාමත් නිෂ්පල ක්‍රියාවක් බවට පරිවර්තනය වී ඇත (නදී)
මේ කඩාකප්පල්කාරීන් ජීවත්වෙන්නේ 15 වන සියවසේ කියලයි මට නම් හිතනේනේ (නි)
100% එකඟ වෙනවා ගමගේ සමඟ. (නි)
ඔය සරසවි සිසුන් ජේ වී පි එකෙයි අරකෙයි මේකෙයි බළල් අත් කියන්නේ මේ රටේ ඉන්න බුද්ධිමත් කොටස සරසවි සිසුන් කියලා පිළිගන්න අකමැති හීනමානයෙන් පෙලෙන කොටස් තමයි. ඔවුන්ව හසුරුවන්ට තව කණ්ඩායම් ඕනා නැහැ තමන් පිලිබදව තීන්දු තීරණ ගන්න ඒ අයට පුළුවන් කම තියෙනවා. එ්ක පිළිගන්න තරම් මේ අය නිහතමානි නොවීම තමයි ප්‍රශ්නය. නිකමට හරි මේ සරසවි සිසුන් පාලකයන්ට උවමනා පරිදි වැඩ කලානම් කොතරම් වැරදි කලත් කොතරම් අපරාධ කලත් මේ අය ඔවුන්වත් පාලකයන් වගේම ආරක්ෂා කිරීමට පෙලබේවි. (නදී)
ෂයිනි, මම උසස් පෙළ කළේ 1987දී. ඉන්පසු සරසවියෙන් එළියට එනවිට මගේ හොඳම තරුණ කාලය ගෙවිලා වයස 30 ට කිට්ටුයි. ඊටපස්සේ මගේ ජීවිතය ගොඩනඟා ගන්න මට පුදුම දුකක් විඳින්න වුණා. සරසවියේ නිකරුනේ කල් මැරීමට සිදුවුණ නිසා හැමදේටම සුදුසු කලවයස පහුවුණා. අදටත් ඒවායේ ප්‍රතිඵල තිබෙනවා. මගේ වයසේ සරසවි නොගිය අනෙක් අයගේ ළමයින් දැන් විශ්ව විද්‍යාල වල. කල්පසුවී විවාහ වූ මගේ ළමයාට තවම වයස 10යි. කලට වෙලාවට සරසවියෙන් පිටවෙන්න ඉඩ ලැබුනා නම් මගේ ජීවිතය මීට වෙනස්. ඒ නිසා ඔබ ඔතන ඉගෙනගන්න කෙනෙකුටවත් ඒ ටික කරගන්න කරුණාකර ඉඩදෙන්න. (නි)
චන්ද්‍ර මහතා , ගමගේ කිව්වේ එක්තරා තිත්ත ඇත්තක්. අපේ පැත්තේ ඉන්නවා ඔහොම සරසවියේ සටන් මෙහෙයවපු කෙනෙක්. අන්තිමට එයා සමඟ සටනේ හිටි ළමයින් තවම විභාග අනාගෙන දඟලනවා. සමහරුන්ගේ ගෙවල් වල දුප්පත් දෙමාපියන්ගේ මහන්සිය වක්කඩේ හංගපු හකුරු වගේ වෙලා. (නි)
වෙන්නේ මොකද්ද කියලා හොඳට බලා අදහස් පළකරන්න. (නි)
මේක ඉතා අසාධාරණ වැඩක්. විශ්ව විද්‍යාල ළමයින්ට අයිතිය තිබෙන්න ඕනෑ අසාධාරණයට විරුද්ධත්වය පෙන්වන්න. අද සමහර ලොකු ලොක්කෝ වෙලා ඉන්න අයත් විශ්ව විද්‍යාලයේදි මේ විදියට සටන් කළ බව අපිට මතකයි. අවාසනාවට එතුමන්ලාට තමන්ගේ අතීතය අමතකවෙලා (නි)
මේක ඉතා අසාධාරණ වැඩක්. විශ්ව විද්‍යාලයේදි මේ විදියට සටන් කරලා නිදහස් අධ්‍යාපනය රැකගැනීමට විශ්ව විද්‍යාල ළමයින්ට අයිතිය තිබෙන්න ඕනෑ නේද? (නි)
ඉගෙන ගන්න කාලේ හොදට ඉගෙනගෙන රටට ..සමාජයට වැඩ දායක පුද්ගලයකු වෙන්න (නදී)
ගමගේ ගේ කතාව හරි. අපේ යමක් කමක් තිබෙන ඥාති කෙනෙකුගේ පවුලකට බින්න බැස්සොත් ඔය විදියට අනිත් ළමයින්ව වැරදි පාරේ යවලා තමන් ඇඟ බේරා ගෙන ගොඩ ආපු පොරක් තමයි. සරසවියේදී යාලු වෙලා හිටිය තමන්ගේ ගෑනු ළමයාත් පිකටින් කරන්න යැව්වා. අන්තිමේදී ඒ ලමයාටත් පිටු පාල තමයි අපේ සල්ලිකාර ඥාති අක්කට සෙට් වුනේ. (නදී)