( ගම්පහ තිලකරත්න දිසානායක.)
ගම්පහ නගරයේ පාළු ප්‍රදේශයක අශෝභන ලෙසින් සිටි පාසල් සිසුවියක (15) සහ සිසුවකු (17) පොලිස් භාරයට ගෙන මවුපියන් කැඳවූ අවස්ථාවේ සිසුවියගේ මව ලෙස සිසුවාගේ නැන්දා පෙනී සිටී ඇති බවත් පොලිසිය නොමැග යැවීමේ චෝදනාව මත ඇය අත් අඩංගූවට ගත් බවත් ගම්පහ පොලිසිය කියයි.
සති අන්ත දිනයන්හිදී ගම්පහ නගරයට 80000 කට අධිධික තරුණ සිසුන් පිරිසක් පැමිණෙන බැවින් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරෙන සෝදිසි වැඩ පිළිවෙල යටතේ ඉකුත් ඉරිදා (16) දහවල් ගම්පහ නගරය ආශ්‍රිතව පිහිටි ලැගූම්හල්, සිනමාශාලා සහ පාලු ස්ථාන සෝදිසියට ලක් කළේය. ඒ අනවු නව මිනුවන්ගොඩ මාර්ගය ආසන්නයේ පාළු ප්‍රදේශයක අශෝභන ලෙසින් සිටි මෙම සිසුවිය සහ සිසුවා පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් බාරයට ගත් සිසුවා සහ සිසුවිය ඔවුන්ගේ මවුපියන්ට බාරදීම සඳහා ඔවුන්ගේ මවුපියන් කැඳවීමට පියවර ගත්තේය. ඒ සිසුවාගෙන් හා සිසුවියගෙන් ලබාගත් දුරකතන අංකයවලට අනුවය. දැරියගේ මව ලෙසට පොලිසියට පැමිණි කාන්තාවගේ හැසිරීම ගැන සැකසිතූ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනී පොලිස් පරීක්ෂිකා සමන්ති රේනුකා මහත්මිය එම කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම කාන්තාව දැරියගේ මව නොව පෙම්වතාගේ පියාගේ නැගනිය ය බවට හෙළිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් ඔය හුටපටේට අමුතුවෙන් අටුවා ටීකා
සමාවන්න... මගේ කොමෙන්ට් එක පොඩි ප්‍රශ්නයක් නිසා අවසන් කිරීමට පෙර ගියා.... මෙන්න එකේ ඉතුරු කොටස. කොල්ලා පොලිසියෙන් බේරා ගන්න ඇවිත් තියෙන්නේ කොල්ලගේ අනාගත නැන්දම්මා නේ. එයාව බේරා ගෙන කෙල්ලව එයාගේ බෙල්ලේ එල්ලන්න මේ අම්ම නියම අන්දමට රඟපෑමක් කර තිබෙනවා. කවුද කියන්නේ ගෑණු මොලේ හැඳි මිටේ දිගයි කියල ?
කෙනෙකුගේ ජිවිතේ ලස්සනම කාලය තමා පාසල් කාලය. නමුත් අපේ රටේ දරුවන් ඉගෙනීම පසෙකලා වෙනත් දේවලට හිත්යොමු කිරිම ඉතා කණගාටුදායකි. අනේකවිද රූපවාහිනි නාලිකා වල පෙන්වන ටෙලි නාට්‍යයන් ද මේ දරුවන්ගේ අවනීත හැසිරීම් වලට තවත් එක් හේතුවක් වේ.
ජීවිතයේ ලබන්න පුළුවන් උපරිම නිර්ව්‍යාජ ආදරය තිබෙන්නේ පාසල් ප්‍රේමය තුලයි. ඊට මුහුකුරා ගිය විශ්වවිද්‍යාල ප්‍රේමයද චමත්කාර නමුත් එය වගකීම් සහිත නිසා ප්රමිතීන් වැඩියි. ලංකාවේ නම් මා දන්නා පරිදි කෙසේ හෝ ගැහැනියක් සමග ශාරීරිකව එක්වීම පිරිමින්ට මහා වීරකමකි. පිරිමින් මේ හොර දුරාචාර පිරිමි යහළුවන් සමග බෙදාගන්නේ ලොකු දෙයක් කළා මෙනි.
බොන්ඩ් හොරුයි අල්ලනව කියපු හොරුයි ඔක්කොම එලියෙ ඉද්දි පොලිසිය සිනමාහල් ඇතුලෙ රින්ගනවා. ලැජ්ජාවක් කියල එකක් නැද්ද?
පොලීසියේ මාමලා... නැන්දම්මට හොඳට සලකාවි නේද?