ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරු තිදෙනෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු තිදෙනෙක් හා පොලිස් පරීක්ෂකවරයෙක් වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා විසින් ස්ථාන මාරු කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයයේ වැඩ බලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච් එන් කේ ඩී විජයසිරි මහතා එහි අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත.
නුගේගොඩ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී පී ජී විමලසිරි පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයට ද, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ සහකාර පොලිස් අධිකාරී එම් එස් මොහාන් ලාල් රහස් පොලිසියට ද, වව්නියාව කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී අයි යූ කේ ලොකුහෙට්ටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද මාරු කරනු ලැබූහ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක පී ඩබ්ලිව් එස් සුමනපාල හන්වැල්ල පොලිස් ස්ථානාධිපති සිට ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ද, පොලිස් පරීක්ෂක ඩී ඒ බී ජයසිංහ ගම්පහ කොට්ඨාසයේ සිට හංවැල්ල ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ එන් ප්‍රියන්ත වාරියපොලිස ස්ථානාධිපති සිට කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයයට ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ එම් එන් බී ක්‍රිස්නදාස සෙවනගල ස්ථානාධිපති සිට වාරියපොල ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක යූ එම් අමරසිරි රත්නපුර කොට්ඨාසයේ සිට සෙවනගල ස්ථානාධිපති ලෙස ද මාරු කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර ඇනුවත් පොලිස් කුට්ටම වෙනස් වෙන්නේ නැහැ නේද?? (නි)
පුදුම මාරුකෙරිල්ලක්නේ මාරු කරන්නේ. කවදාද ඕක නවත්වන්නේ? (නි)
ඡන්දෙට කලින් කිව්වේ පොලිස් මාරුකිරීම් කරන්නේ පොලිස් කොමිසමෙන් කියලා නේද? දැන් ඉතින් මේ මොනවද වෙන්නේ? යහපාලනේ කියන්නේ මොකක්ද කියලා අපිට නම් තේරෙන්නේ නැහැ. (නි)