(සිරාජ් හසීම්)
පොලිසිය බාරයේ තිබූ දැව තොගයක් රහසිගතව ගෙනගිය බව කියන මාන්කුලම් පොලිසියේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවවරයාව සිටි උප පොලිස් පරීක්ෂකවරයකු එම පොලිසියේම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම ස්ථානාධිපතිවරයා මුලතිව් කොට්ඨාස බාර පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතාගේ නියෝගය මත වැඩ තහනමකට ලක්කර ඇත.
මුලතිව් මාන්කුලම් පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරු මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇප මත මුදා හැර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
[පොලිසියේ තිබූ දැව ගෙනගිය උප පොලිස් පරීක්ෂක අත්අඩංගුවට....] වැටත්, නියරත් ගොයම් කා නම්, කාට කියමිද මේ අමාරුව ? පඩි මදි නිසා අමතර අදායමක් හොයා ගන්න මෙම "නීතියේ ආරක්ෂකයා" මෙවැනි නරුම වැඩක් කරන්න ඇති ! පිත්තල බොත්තම් අල්ලපු රාජකාරි නිල ඇඳුමෙන් සැරසී, දැව කර්මාන්තයට කෙලින්ම සම්බන්ද වීමට බැරි නිසා, එයාගේ චක් ගෝලයන් ලවා වැඩේ නියමෙට කරවාගෙන ගෙදරටම බඩු ගෙන්වා ගැනීමට සමතෙක් නිසා මෙයාට පොලිස්පති තුමා අතින් පදක්කමක් පැළඳ විය යුතු වෙනවා !!!!
වැදගත්මදේ තමයි මෙයට දෙන දඬුවම දැනගන්න එක. නිතිය ඉදිරියේ සැවොම එක සමානය කියන එක ඔප්පු කරනෙක.
පොලිසියේ වුණත් ගතිය ඇරිලා නැහැ. ආරේ ගුණ නෑරේ කියන්නේ නිකම්ද ?