IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලිසියේ තිදෙනෙක් රිමාන්ඞ්

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආරක්ෂක අංශයේ බව කියමින් මොහොමඞ් රිස්වි නම් පුද්ගලයකු මුදාහැරීමට රුපියල් කෝටියක් ඉල්ලා හැට ලක්ෂයක් ගත් බව කියන පොලිස්කාරයෝ තිදෙනෙක් ද බොරු පොලිස්කාරයෙක් ද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 25 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. පොලිස් වංචා විමර්ශන අංශයේ උප පරීක්ෂක ජනක චමින්ද, සැරයන් චින්තක හේමචන්ද්‍ර කොස්තාපල් රංජිත් පියනන්ද හා පොලිස් සැරයන්වරයකු ලෙස බොරුවට පෙනී සිටි මොහොමඞ් සකීර් ද එසේ රිමාන්ඞ් කරනු ලැබූහ. මොහොමඞ් සකීර් වෙනුවෙන් ඔහුගේ සහෝදරයා රුපියල් හැට ලක්ෂයක් දී ඔහු මුදාහරින ලෙස ඉල්ලූ විට එවැනි අයකු තමන් ළඟ නැතැයි ඔවුන් කියා ඇත. ඔහු අනවසරයෙන්  ඕස්ටේ‍්‍රලියාවට යන්නට ගොස් අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඔවුන් කියා තිබේ.



අදහස් (0)

පොලිසියේ තිදෙනෙක් රිමාන්ඞ්

බෝදිලිමා Thursday, 19 July 2012 02:32 PM

හොරා පොලිස් සෙල්ලමක් කරලා .. දැං කවුද හොරා.. කවුද පොලිස් කියලා කියන්නකෝ...

:       0       0

නිරාන් Thursday, 19 July 2012 10:20 AM

ඇයි ඔයාට ගොඩක් දුකද ???

:       0       0

මොහොමඩ් Thursday, 19 July 2012 02:49 PM

සල්ලි දෙනකොට මිණිත් නැගිටිනවා කියලා අහල නැද්ද ???

:       0       0

නඩරාජා Wednesday, 18 July 2012 11:41 PM

පිලිපීනෝ, ලංකාවේ කට්ටිය පාතාලේ පටන් අරන් දැන් කාලයක් වෙනවානේ.

:       0       0

 පිනිබබා Thursday, 19 July 2012 01:54 AM

පොලිස්කාරයෝ,නඩුකාරයෝ, ඡන්දකරයෝ, කඩකාරයෝ හැමෝම දැන් අපිව කනවා

:       0       0

රසිත Thursday, 19 July 2012 02:44 AM

මේ කප්පම් සෙල්ලම කවද නවතීද ?

:       0       0

ප්‍රියා Thursday, 19 July 2012 03:42 AM

වැරැද්ද ඔප්පු වෙනතුරු කිසිවෙක් වරදකරුවෙකු නොවේ

:       0       0

ගීත Thursday, 19 July 2012 04:38 AM

අහිංසක නිලධාරීන්ටත් මෙහෙම කරන රටක් .වැරැද්ද කගේ උනත් දඩුවම් ලැබෙන්නේ අහිංසක පොඩි නිලධාරීන්ටයි .

:       0       0

එස් කේ Thursday, 19 July 2012 07:15 AM

වංචා විමර්ශන අස්සේ ජරාව කලා !!! අනේ කලේ වනේ වසේ

:       0       0

සනත් මීගහතැන්න Thursday, 19 July 2012 12:22 PM

මේ වගේ අය මුලු දෙපාර්තමේන්තුවටම නින්දාවක් කරන්නෙ.

:       0       0

අමිල කටුනායක Wednesday, 18 July 2012 07:14 PM

ඉස්සර පොලීසිය ගත්තේ පගාව දැන් කප්පම්.

:       0       0

පිලිපිනෝ Wednesday, 18 July 2012 09:19 PM

මොහොමඩ් සකීර්, මොහොමඩ් රිස්වි අනේ පැටලෙනවනේ....

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 18 July 2012 10:13 PM

මමනම් නෙමෙයි.......

:       0       0

වරුණ Thursday, 19 July 2012 09:11 AM

කොහොමද ආසියාවේ ආශ්චර්යයත් සමගම පෙරට යන පොලිසියේ මාමලා ටික?

:       0       0

ජයසේන Wednesday, 18 July 2012 10:36 PM

අනේ, පොඩ්ඩක් තේරෙන විදියට දාන්නකෝ මේක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site