යාපනයේ පාසල් සිසුවියක කෙළෙසීයැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා හරින ලෙස උසස් පොලිස් නිලධාරියකු නියෝග කළැයි කියන සිද්ධියක් ගැන රහස් පොලිසිය හා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායම් දෙකක් පරීක්ෂණ පවත්වන බව පොලිස් ආරංචි කියයි.
අපරාධය සිදුවූ ආසන්නම දිනක එම සැකකරු ගම්වාසීන් විසින් අල්ලා උප පොලිස් පරීක්ෂකවරයකුට සහ පොලිස් කොස්තාපල්වරයකුට බාර දුන් බවත්, ඔහු පොලිසියට ගෙන ආ පසු කෙළෙසීමේ සිද්ධියට සම්බන්ධ නැති අයකු බවට උසස් පොලිස් නිලධාරියා දැන්වූ බවත්, ඉන් පසු එම නිලධාරියාගේ කීම මත සුළු පැමිණිලි අංශයේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඔහු මුදා හැර ඇති බවටත් පොලිසියට තොරතුරු ලැබී තිබේ.
එලෙස මුදා හැරි බව කියන සැකකරු පසුව වැල්ලවත්තේ දී ප්‍රධාන පොලිස් පරීක්ෂක වුඩ්ලර් මහතා විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාලිත ප්‍රසාද් දන්නේ නැති මගුල් කියන්න එපා. (ස)
"පොළොවේ නැති යහපාලනය" (නි)
ඔන්න ඔය වගේ වැඩ නිසා තමයි පොලිසිය අද දෙකේ කොලේ ගානට වැටිලා තියෙන්නේ.(බ)
රට ගිනි තියන උදවිය (බ)
අනේ අපේ පොලිසිය! (නි)
ප්‍රධාන සැකකරුවා රෑ දොලහට අත්අඩංගුවට අරං පොලිස් ආරක්ෂාව යටතේ ස්විට්සර්ලන්තයට පිටත් කර හැරි හැටි රට්ටු දන්නෙ නෑ නෙ. රට්ටුන්ට සැක කරුවා ඒ කුලී කරුවා විතරයි. (බ)
ලංකාවේ පොලිසිය නම් එදත් එහෙමයි අදත් එහෙමයි (බ)
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. පොලිසියේ වැරදී පොලිසියම පරික්ෂා කරනවා. ඕක අර අලුතින් හදපු දේශපාලන පළිගැනීමේ අංශයට දුන්නනම් අඩුගානේ රිමාන්ඩ් එකට අරින්න තිබුන සැකකරයන්ව. වැරදිකාරයා උනාට පස්සේ නිදහස් කරන්න පුළුවන්. (බ)
සමහරක්ට මේවා ඇහෙනකොට ඉවසාගෙන ඉන්න බැහැ වගෙයි. තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඔන්න ඕකටයි මිනිසුනේ. ඉස්සර කොහොමද?? (නි)
කොහොම වුණත් දෙමළ අයට ලෝකයාට දෙන්න කතා පිංචක් අපේ කට්ටියම හදලා දේවි. (නි)
ඇයි අපේ පොලිසිය මෙහෙම කරන්නේ? (නි)
ඔප්පු වුණාට පස්සේ උපරිමයෙන් දඬුවම් දෙන්න (නි)
ඒ වුනාට ලෝකේ තියන පොලිසි අතුරින් ශ්‍රී ලංකා පොලීසිය ගොඩක් හොදයි.ඒ ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.(ම)
සමහරවිට මේ දේශපාලඥයා මීට මැදිහත්ව පොලිසියට බලපෑම් කළා වියහැකියි. (නි)