යාපනයේ පාසල් සිසුවියක කෙළෙසීයැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා හරින ලෙස උසස් පොලිස් නිලධාරියකු නියෝග කළැයි කියන සිද්ධියක් ගැන රහස් පොලිසිය හා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායම් දෙකක් පරීක්ෂණ පවත්වන බව පොලිස් ආරංචි කියයි.
අපරාධය සිදුවූ ආසන්නම දිනක එම සැකකරු ගම්වාසීන් විසින් අල්ලා උප පොලිස් පරීක්ෂකවරයකුට සහ පොලිස් කොස්තාපල්වරයකුට බාර දුන් බවත්, ඔහු පොලිසියට ගෙන ආ පසු කෙළෙසීමේ සිද්ධියට සම්බන්ධ නැති අයකු බවට උසස් පොලිස් නිලධාරියා දැන්වූ බවත්, ඉන් පසු එම නිලධාරියාගේ කීම මත සුළු පැමිණිලි අංශයේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඔහු මුදා හැර ඇති බවටත් පොලිසියට තොරතුරු ලැබී තිබේ.
එලෙස මුදා හැරි බව කියන සැකකරු පසුව වැල්ලවත්තේ දී ප්‍රධාන පොලිස් පරීක්ෂක වුඩ්ලර් මහතා විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිසිය ගැන පොලිස් පරීක්ෂණ
දනු Monday, 15 June 2015 02:33 AM
ශාලිත ප්‍රසාද් දන්නේ නැති මගුල් කියන්න එපා. (ස)
දුමින්ද Monday, 15 June 2015 03:22 AM
"පොළොවේ නැති යහපාලනය" (නි)
ඉසුරන්දි Sunday, 14 June 2015 01:34 PM
ඔන්න ඔය වගේ වැඩ නිසා තමයි පොලිසිය අද දෙකේ කොලේ ගානට වැටිලා තියෙන්නේ.(බ)
චන්න බුවනක Sunday, 14 June 2015 01:52 PM
රට ගිනි තියන උදවිය (බ)
යටවත්ත Monday, 15 June 2015 03:57 AM
අනේ අපේ පොලිසිය! (නි)
ශාලිත ප්‍රසාද් Sunday, 14 June 2015 02:32 PM
ප්‍රධාන සැකකරුවා රෑ දොලහට අත්අඩංගුවට අරං පොලිස් ආරක්ෂාව යටතේ ස්විට්සර්ලන්තයට පිටත් කර හැරි හැටි රට්ටු දන්නෙ නෑ නෙ. රට්ටුන්ට සැක කරුවා ඒ කුලී කරුවා විතරයි. (බ)
රොහාන් Sunday, 14 June 2015 03:03 PM
ලංකාවේ පොලිසිය නම් එදත් එහෙමයි අදත් එහෙමයි (බ)
ඇසළ Sunday, 14 June 2015 04:03 PM
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. පොලිසියේ වැරදී පොලිසියම පරික්ෂා කරනවා. ඕක අර අලුතින් හදපු දේශපාලන පළිගැනීමේ අංශයට දුන්නනම් අඩුගානේ රිමාන්ඩ් එකට අරින්න තිබුන සැකකරයන්ව. වැරදිකාරයා උනාට පස්සේ නිදහස් කරන්න පුළුවන්. (බ)
සී.කේ.ලංකාපුත්‍ර Monday, 15 June 2015 05:31 AM
සමහරක්ට මේවා ඇහෙනකොට ඉවසාගෙන ඉන්න බැහැ වගෙයි. තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඔන්න ඕකටයි මිනිසුනේ. ඉස්සර කොහොමද?? (නි)
පියලාල් Sunday, 14 June 2015 06:58 PM
කොහොම වුණත් දෙමළ අයට ලෝකයාට දෙන්න කතා පිංචක් අපේ කට්ටියම හදලා දේවි. (නි)
චානක ලොස් ඇන්ජලිස් Sunday, 14 June 2015 08:51 PM
ඇයි අපේ පොලිසිය මෙහෙම කරන්නේ? (නි)
විකුම් Sunday, 14 June 2015 10:26 PM
ඔප්පු වුණාට පස්සේ උපරිමයෙන් දඬුවම් දෙන්න (නි)
රන්ජා Monday, 15 June 2015 07:48 AM
ඒ වුනාට ලෝකේ තියන පොලිසි අතුරින් ශ්‍රී ලංකා පොලීසිය ගොඩක් හොදයි.ඒ ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.(ම)
සත්‍යයා Monday, 15 June 2015 12:43 AM
සමහරවිට මේ දේශපාලඥයා මීට මැදිහත්ව පොලිසියට බලපෑම් කළා වියහැකියි. (නි)