කොස්ගොඩ, බොරළුකැටියේදී රාතී‍්‍ර මුර සංචාරයේ ගිය පොලිසියේ දෙදෙනකුට පහර දී ගිනි අවි උදුරා ගැනීමට උත්සාහ කළ තිදෙනෙකුගෙන් අයකු අත්අඩංගුවට ගෙන ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.
අඟහරුවාදා රාත්‍රී 9.50 ට පමණ බොරළුකැටිය ලෑලිහේත්තුව ගැරේජ් එක අසල සැකකටයුතු ලෙස රැඳී සිටි තිදෙනෙකු පරීක්‍ෂා කිරීමට උත්සාහා කිරීමේ දී මෙසේ පොලිස් නිලධාරීන්ට පහර දි එක් අයෙකුගේ නිල ඇඳුමද ඉරා දමා ඇතැයි පොලිස් නිලධාරීන් කළ පැමිණිලිවල සඳහන්ය. එහිදී එක් සැකකරුවකු මෙල්ල කර ගැනීමට පොලිසිය සමත්ව ඇත.
පළා ගිය සැකකරුවන් දෙදෙනා අල්ලා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනිඅවි අතේ ඇතිව ගුටිකාපු රාළහාමිලා ගැන කියන්න මට සිංහල භාෂාවේ වචන නැහැ. (බ)