සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පෙර සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ සිද්ධිය වූ ස්ථානය, පරිසරය හා නිවෙස්වලින් දකින්නට අසන්නට ලැබුණු තොරතුරු මත ඇති වූ සාධාරණ සැකයක් මත බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පැවැසීය.
මෙම සිද්ධියේදී පොලිසිය ක්‍රියා කළේ සත්භාවයෙන් මිස කිසිවකු පීඩාවට හෝ හිරිහැර කිරීමේ අදහසින් නොවන බවත් එසේ කිරීමට නිලධාරීන්ට අවශ්‍ය නොවන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
මෙහිදී පොලිසියට චෝදනා එල්ල කළත් පොලිසිය කිසිවකුගෙන් සමාව ලබාගත යුතු නැති බව ද ජයසුන්දර මහතා අවධානරණය කළේය.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවාගේ මව කියනුයේ තම දරුවා මෙම සිද්ධිය වූ දින තමා සමග නිවසේ සිටි බව පොලිසියට කියද්දීත් එය ගණන් නොගෙන අත්අඩංගුවට ගැනීමෙන් තම දරුවාගේ ජීවිතය විනාශ කිරීම ගැන පොලිසිය වගකිව යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ තිබෙන පොලිසි අතර ලංකාවේ පොලිසියට ඇති ස්ථානය ගැන මට නම් කතාකිරීමට දෙයක් නැත (නි)
මම නම් පොලිසියේ මේ වැඩ ගැන පුදුම වෙන්නේ නැහැ (නි)
මම නම් කියන්නේ මානව හිමිකම් යන්න කියලයි (නි)
කවුරුවත් මේ වගේ සිද්ධි වලදී අදාළ දේශපාලන නිලධාරීන්ට ඇඟිල්ල දික්කරන්නේ නැති එක ලොකුම වරදක් ලෙසයි මම දකින්නේ (නි)
අසභ්‍ය දර්ශන නැති අවුරුදු 17 ක කොල්ලෙක්ගේ පරිගණකයක් කවුරුහරි මට හොයලා පෙන්නුවොත් මම කොටුව දුම්රිය ස්ථානයට ඇවිල්ලා ප්‍රසිද්ධියේ ගිනි තියාගන්නවා. (නි)
පොලිසිය කිසිම කෙනෙකුගෙන් සමාව ගතයුතු නැත. පොලිසිය අපරාධකරුවන් සොයා යාමේදී සැකයට සහ සාක්කියක් අනුව කෙනෙකු අත්අඩංගුවට අරගෙන සාක්කි කැඳවිය හැකිවන අතර උසාවියට ඉදිරිපත් කළ හැක. එම තැනැත්තා නිර්දෝෂී නම් උසාවියට සාක්කි ඉදිරිපත්කොට නිදහස් විය හැක. එකම දෙය පොලිසියේදී පහරදීමක් හෝ දඬුවම් කළ නොහැක. එම නිසා මෙහි වරදක් නැත.ලංකාවේ මේ දක්වා පැවතුනු නඩු ගැන බලන්න. (නි)
අනුරුද්ද, ඔබ හරියටම හරි. (නි)
වැරද්දක් වුනාම සමාව ඉල්ලීම තමයි මනුස්සකම (හේ)
පොලිසි මිනිසුන් අත් අඩංගුවට ගන්නේ හරි සාක්ෂියක් ඇතුව මිසක් සැකයට නොවෙයි. මෙතන පොලිසිය වැරදියි. සමාව ඉල්ලිය යුතුයි සහ වන්දියක් ගෙවිය යුතුයි, (අ)
පොලිසියට තාමත් ඉන්න අට පාස් කරපු අය (අ)
නමුත් පොලිසියට මීටවඩා මානුෂික පැත්තෙන් හිතන්න තිබුණා (නි)
පොලිසියේ මේ වගේ වැරදි නිසා අනාගතය විනාශවුණු දහස්ගණන් රටේ ඉන්නවා. වැරැද්ද පිලිගන්නත් නෑ, කොහමහරි උසාවියටත් බොරු කරුණු ඉදිරිපත්කරලා බේරනවා. (අ)
රත්නපුර පැත්තෙත් ඔය වැඩේම නෙ කලේ.. පොලීසිය අල්ලනවා.. වටේ ජනතාව අල්ලන එකාගෙ ගේ ගිනිතියනව... කාලයක් ගියාම උසාවියෙදි ඔප්පු වෙනව අල්ලලා තියෙන්නෙ වැරදි කාරයෙක් නෙවෙයි කියල... එ් වෙනකොට අල්ලපු මනුස්සයට වෙන්න ඕන ඔක්කොම වෙලා.(අ)
ඔය පොලිස් යුනිෆෝම් එක අන්දම හිතන්නේ රජ ඇදුමක් කියල, ජනතාව ඒක කාකි කබායක් නිසා ගණන් ගන්නේ නැහැ, රජ ඇදුමක් කියල හිතන්නේ මෝඩ නිසානේ, සුද්ද එකට යකඩ බොත්තම් රෙදි පැලැස්තර දාල වරන්වත් කලාම එයාලට අමුතු උස්නයක්, දකින මිනිහට හිරිකිතයි, ඒක එයාල දන්නේ නැහැ,ඒක දන්නා සමහර රාළහාමිලා, රාළහාමි ගෞරවයෙන් වැඩ කරනවා.(අ)
. පොලිසිය සමව ගන්න ඕන. එකයි යහපාලනය.(අ)
පූජිත ජයසුන්දර මහතා වැන්නෙකුගෙන් අප මෙවැනි ප්‍රකාශයක් බලාපොරොත්තු වුණේ නැහැ.(අ)
ඔබ තුමාගේ පුතාට ඔයදේ සිද්ද වුණා නම් මොකද කියන්නේ (අ)
පොලිසිය ඕනෑ කෙනෙක් හිරේ දාලා පස්සේ කිවුවොත් සද්භාවයෙන් කළා කියලා, එතකොට ඔහුට වෙන අපහාසයට වගකියන්න ඕනෑ කවුද? (නි)
පොලිසිය කිසිසේත්ම සමාව ගතයුතු නැත. (නි)
මොන වැරැද්ද කළත් කවදාවත් පොලිසිය සමාව ගත් බවක් මම නම් අහලා නැහැ කවදාවත් (නි)
සැකකරුවන් අත්අඩංගුවට ගෙන සාපරාධී මිනීමැරුම් ගැන පොලිසියට කටයුතු කිරීමට අයිතිය ඇත. ඔබගේ දරුවන් වෙනුවෙන්ද එම අයිතිය පවතිනවා. මෙහි අදහස් දමා ඇති අයටද හෙට මෙවන් අභාග්‍යක් සිදුවුණොත් විකල්පය පොලිසිය පමණකි (නි)
පොලිසියත් ඉතින් අහිංසක මිනිහෙක්ව දැක්කොත් අල්ලගෙන එනවා වීරයෝ වගේ. (නි)
ඔය දේ යුරෝපයේ වුණානම් ළමයාට ලැබෙන වන්දිය කෝටි ගණනක් (බ)
මෙම ප්‍රතිචාරය ලියන්න සිතුනේ ,පොලිසියේ පරීක්ෂණ ගැන කිසිම දෙයක් නොදන්නා මෝඩයන් පිරිසක් පොලිසියට දොස් නගන ආකාරය දැක්ක නිසාවෙනි,මම එකග වෙනව 17 හැවිරිදි පාසල් සිසුව අත්අඩංගුවට ගැනීම වැරදි වුනත් පොලිසියට එහෙම කරන සාධාරණ හේතු තියෙන්න ඇති.වෙල් යායවල්වල ගංජගගහ ඇවිදින පාසල් සිසුවෙකු හෝ වේවා චරිතය හොඳ නැතිනම් මිනිසුන් සැපයූ තොරතුරු අනුව ඔහු ගැන පරීක්ෂණ කිරීම අවශ්‍යය. විහිලුවනම් කස්සිපුකාරයෝ ,මිනීමරුවෝ,කුඩුකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ, පාර්ලිමේන්තුවට යැවූ ,තමන්ගේ ඕනෑම වැඩක් කරගන්න පගාව දී ලංකාවේ පගාව නීත්‍යනු කළ එවුන් ,හැම අස්සක මුල්ලක් ගැන මනුෂත්වය ගිලිහෙද්දී ඒ දිහා බලා ඉන්න එවුන් පොලිසියෙන් පමණක් සාධාරණය බලාපොරොත්තු වීමයි (බ)
මෙතන පොලිසිය 75% වැරදියි . මේ ළමය 25% වැරදියි . පාසැල් සිසුවෙක් හැසිරිය යුත්තේ පාසැල් සිසුවෙක් විදිහට . ගමේ ඉන්න කුපාඩි කරන දේවල් කරන්න ගියහම තමනුත් ඒ ගණයට වැටෙනවා (බ)
ලංකාවේ පොලිසිය ගැන තවත් මොන කතාද අපිට? (නි)
ලංකාවේ පවතින නීතිමය ව්‍යූහය තුළ ඔය දරුවාගේ ප්‍රශ්නයට අදාළව කටයුතු කෙරුනා නම් හොඳයි (නි)
මේ මහතා වැන්නෙකුගෙන් අප මෙවැනි ප්‍රකාශයක් බලාපොරොත්තු වුණේ නැහැ. (නි)
සාධාරණව හෝ නොමැතිව ඕනෑම කෙනෙක් අත්අඩංගුවට ගන්න පොලිසියට සම්පුර්ණ බලය තිබේ. නොඑසේ නම් අපරාධ විසඳීම් කළ නොහැක. වරදකරුවෙකු නොවෙයි නම් නිදහස ලැබෙයි. (නි)
අවුරුදු 17 පාසල් යන කොල්ලෙක්ගේ ලැප්ටොප් එකේ මෙවැනි අසභ්‍ය දේවල් තිබුණේ මොකද? හොඳ චරිතයක් ඇති කෙනෙක් නම් මෙවැනි නොහොබිනා දේවල් තියෙන්නේ නැහැනේ. (නි)
පාසල් ශිෂ්‍යය ගැන තොරතුරු දුන්නෙත් සත්භාවයෙන් ද ? පොලිස් කාරයන්ව විදුලි පුටුවට යවන්න ඕනේ. (අ)
පසුගිය කාලේ බොහොමයක් අපරාධ වල වරදකරුවන් නීතිය ඉදිරියට ගෙනා ශ්‍රී ලංකා පොලිසියට අපගේ ගොරව ප්‍රණාමය! (නි)
බලු වැඩ කරලා දැන් එනවා බබාලා වෙන්න, ඕකම එලන්න ඕනේ (අ)
අර කොල්ලගේ අනාගතේම මේ අය කෑවා.(අ)
මෙම පාසල් සිසුව ගැන සැක ඇති බව සේයා දියණියගේ දෙමවුපියන් කියා නැති බව මාධ්‍ය ඔස්සේ අපි දුටුවා. (අ)
දිවැස් නැති බව අපි දන්නවා. නමුත් පොලිසිය කෙනෙක් සැක කරන්නේ පොලිසියට ලැබෙන තොරතුරු අනුව නම් එම තොරතුරු කෙතෙක් දුරට නිවැරදිද කියා ඒගොල්ලෝ පළමුව සොයාබලන්න ඕනෑ. සැකකරු කෙරෙහි තිබෙන සැකයට පොලිසිය සැකකරු සිටින ස්ථානයට ගොස් ප්‍රශ්න කර සැකයෙන් තොරව දැනගත්තට පසුව පොලිසියට ගෙනයන එක සාධාරණයි. (නි)
තමන්ගේ පුතාට ඔය දේ සිද්ධවුණා නම් තේරෙයි (නි)
පොලිසිය සමාව ගන්න ඕනෑ කියලයි මම නම් කියන්නේ (නි)
පොලිසිය මෙයට වැරදිකරු නොවේ (නි)
ඒ ළමයාට දැන් මොනවා හිතෙනවා ඇද්ද? (නි)
සමාව ගන්ට බැරි නම් ඒ දරුවා නිර්දොශියි කියල රටට කියන්න. (අ)
ඇයි පොලීසියෙ අය ආවෙ කොහෙන්ද (අ)
පොලිසිය මුලින් කරන්න ඕනෑ දේ පස්සේ කරන්න ගියාම තමයි මෙහෙම වෙන්නේ. පළමුවෙන් විමර්ශනය කරලා යමක් තහවුරු වෙනවා නම් ඊට පසුවයි අත්අඩංගුවට ගන්න තිබුනේ. අහළ පහළ තරුණ ළමයෙක්, වයසත් නපුරුයි. කවුරුවත් සැකයි කියලත් නැහැ. පොලිසියට විතරක් සැකයි. අත්අඩංගුවට ගත්තා. ඉතින් දැන් අනිවාර්යයෙන්ම එම දරුවාට සාධාරණයක් කිරීම කළයුතුමයි. (නි)
මෙය අජිත් රෝහණ කිව්වා නම් පුදුම වෙන්න දෙයක් නැහැ. පූජිත ජයසුන්දර මහතා වැන්නෙකුගෙන් අප මෙවැනි ප්‍රකාශයක් බලාපොරොත්තු වුණේ නැහැ. (අ)
බොරු නම් ඔං පොලිස් රාළහාමි කෙනෙකුගෙන් අහල බලන්න. එයාලා බොහොමයක් අයගේ ඇගේ ලැජජා නහර නැහැ.
අන්න හරි සමාව ගන්න නම් එපා !! එහෙම තමයි ඉන්න ඕන. තව තවත් ඔයාගේ නිලධාරීන්ව උනන්දු කරවන්න අනවශ්‍ය අයව නිකරුනේ අත් අඩංගුවට ගන්න කියලා. අසරණයන්ට ගහන්න කියලා. කැලණිය හිටපු මන්ත්‍රී වගේ තමයි ඉන්න ඕන. හිටපු මන්ත්‍රීගේ ළඟද නැත්නම් නෑදෑයොද ? ඔය අයගේ වයස අවුරුදු 17 ළමයෙකු අත් අඩංගුවට ගත්ත නම් මොනවා කරය්ද ? ( තාත්තා පොලිසියේ නිසා අත් අඩංගුවට ගන්නේ නැහැ නේද ) (අ)
පොලිස් කාරයෝ , මලු කරයෝ ගංජා කාරයෝ කස්සිප්පු කුඩු කාරයෝ වෙනසක් නැහැ එක අපරාද කාරයෙක් අල්ලා ගෙන තව එකෙන් බිහිකර පෙලිසිය මොනවද ලබන්නේ මම කියන්නේ (අ)
පොලිසිය සමාව ගත යුතු නැහැ. නමුත් වන්දි ගෙවිය යුතුයි.ලංකාවේ පොලිසියේ ක්‍රමය තමයි කිසියම් වැරදි කරුවෙකු සොයාගැනීමට අපහසුනම්, ජනතා අප්‍රසාදයෙන් ගැලවීමට සහ මහජන උද්ඝෝෂණ සහ කැළඹීම් ඇතිවීම වැලක්වීමට, වරදිකරුගේ බිරිඳ, මව, පිය, දරුවන්, අසල වාසීන්, හෝ වෙනත් ඇසට පෙනෙන මානයේ සිටින කිසියම්ම හෝ පුද්ගලයෙකු තාවකාලිකව අත් අඩංගුවට ගැනීම. එම උදවියගේ මානව අයිතිවාසිකම් තුට්ටුවකට හෝ ගණන් නොගන්න පොලිසිය සැකයක් ඇතිවූ පමණින්ම අත්අඩංගුවට ගැනීමට තමන්ට නිත්‍යානුකුල අයිතියක් ඇතැයි සිතනවා. යමෙකු යම් වරදකට දඬුවම් ලබා අවසන් වී ඇති අවස්ථාවක තවත් එවැනිම සිදුවීමකට ඔහු පිළිබඳව සැකයක් පහල වුවයයි කියා අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලයක් තිබේද? එමගින් වරදට දඬුවම් ලබා පුනරුත්ථාපනය කර නිදහස් කල පුද්ගලයා නැවතත් වරදට පෙළඹවීමක් සිදුවනවා නේද? වරදකට බන්ධනාගාර ගත කිරීම වරදට දඬුවම් දීමට පමණක් සිමා නොවී එවැනි වැරදි යලි නොකිරීමට පුනරුත්ථාපනය කිරීමත් එම දඬුවම් කාලය තුලදීම කිරීම අවශ්‍යය යනු මගේ හැඟීමයි. (අ)
මේ පොලිසියේ මහත්වරුන්ගේ දරුවන්ටද මෙවන්ම දෙයක් වෙලා අනාගතය අඳුරු වුණා නම් තේරේවි. අර අහිංසක දෙමාපියන්ගේ දුක තේරෙන්නේ එතකොට තමා. ලක්ස ගණනක් මිනිස්සු ඔබ තුමා ගැන මේ විදිහට ප්‍රර්ථනා කරන නිසා එහෙම වෙන්නත් පුළුවන්. මනුස්සකම පොඩ්ඩක් හරි තියෙන්න ඕනේ නේද මහත්තයෝ? (අ)
අපි නොදන්න පොලිස් , ඇයි අර සමහර කට්ටිය ප්‍රසිද්දියේ , ලොකු ලොක්කන්ගේ නම් පවා සමහර බරපතල චෝදනා වලට ඉදිරිපත් කරද්දීත් ඇයි ඒ ගැන සත්භාවයෙන් කටයුතු නොකරන්නේ ? (අ)
ඒ දුප්පත් කොල්ලගේ අනාගතේ විනාශ කරලා දැන් බොරුවට සුදනා වෙන්න එනවට. පත්තරකාරයෝ බය වෙලා හැංගුනාට අපි නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ දී මේක විශේෂයෙන් සාකච්ඡා කරන්න කියල යෝජනාවක් ඉදිරිපත් කරනවා. පොලිසිට බැහැ මෙ රටේ දරුවෝ රැගෙන ගිහිල්ල දස වද දීල මිනීමරුවා කියල පිළිගන්න බලකරන්න.(අ)
පොලිසිය දවසකට සැකකරුවන් කී දෙනෙක් අත් අඩගුවට ගන්නවද ? එත් මේ සිද්දියේ සැකකරු ගැන ලෝකෙටම කියන්නේ කවුද ? (අ)
දැන් කොල්ලට ආදරෙන් බොරු සෝබන අදහස් දැම්මට කොල්ලගේ ලැප් එකේ තනිකරම අසබ්ය දේවල් සහ කොල්ල ආශ්‍රය කරන්නේ 32 වයසේ බැදපු අය නම් කොල්ලගේ චරිතය ගැන බොරු සහතික දෙන්න එපා ,,, එක කොලු තාත්තෙක් (අ)
මමත් කියන්නේ පොලිසිය හරි (නි)
"සමව ගත යුතු නැහැ කියන්නේත් " පොලිස් පාට් එකෙන්ද ? ඕනෙම බලු වැඩක් කරලා තව චන්ඩි පට්ටුත් දානවා. (අ)
මොනම කෙනෙක්ගෙවත් පෞද්ගලිකත්වයට අත තියන්න කාටවත් බැහැ. අන්තර්ජාලයේ ඉන්න කෙනෙකුගේ ලැප්ටොප් එකේ අසභ්‍ය දර්ශන තිබෙන්න ඕනෑ නැහැ. මොකද ඕනෑතරම් අන්තර්ජාලයේ තිබෙනවා. අන්තර්ජාලය තහනම් කරන්න ඒ ළමයට නඩු දාන්න කලින් (නි)
අපි නොදන්නා පොලිස් කිව්වලු. මහත්තයෝ ඕනි මනුස්සයකෙට තේරෙනෙනවා අර පොඩි එකට සෑහන්න අසාධාරණක් වුණා කියල. හරි නම් සමාව නෙවේ හොඳ වන්දියක් ගෙවන්න ඕනි ඒ කොල්ලට.(අ)
සමාව නොගතයුතු බව කියනවට වැඩ හොඳයි අවම වශයෙන් ඒ පාසල් ශිෂ්‍යයා වනුවෙන් කනගාටුවෙනවා කිව්වා නම්. (අ)
වන්දි ගෙව්වා නම් ප්‍රශ්නය ඉවරයි.රුපියල් කෝටි 2 . 3 විතර. (අ)
සැකකරුවන් අත් අඩගුවට ගත්තත්, සැකකරුවන් සනාත වන තුරු එළියට විස්තර දෙන්න එපා මින් පසුව වත්. (අ)
ලංකාවේ නීතියට අනුව ළමයක්ගේ අන්නන්‍යතාවය රහසක් විදිහට තියාගන්න ඕනේ කියල නීතියේ තියනවා කියල ඔය ලොක්ක දන්නේ නැ වගේ.(අ)
දැන් ඔය වගේ මිනි මැරුම් දුෂණ නවත්වන්නනේ පොලිසිය ඉන්නේ. වැටුප් ගෙවන්නේ මහජන සල්ලි වලින්නේ. ඉතින් ඔය දුෂණ නවත්වන්න ඔහෙලට බැහැනේ. මහජන සල්ලි කන එක විතරයි කරන්නේ. එකටවත් සමාව ඉල්ලන්න උන්නැහේ. (අ)
ඔයාලටත් ඉතින් මොනවත් අහු වුණාම කෙස් පැලෙන තර්ක ගෙනත් විකාර ලියනවා. පුජිතගේ කතාව හරියටම හරි. ඒ ළමය වරදක් කල කියල උසවියාවත් පොලිසියවත් තීන්දුවකට ආවේ නැහැ. මේක ජාතික වැදගත් කමක් තිබුන ප්‍රශ්නයක්. සැකයට ඇල්ලුවේ. ඉස්කෝලේ ළමයෙක් නිසානේ ඔක්කොමට රිදිලා තියෙන්නේ. එහෙම නොවුණාත් ඒඅයටත් ඒ සාදාරණය ඉටුවෙන්න ඕනි. නමුත් එහෙම දේට කව්රුත් ලියනවද ප්‍රතිචාර දානවද . පොලිසිය මේ වගේ සිද්ධිවලදී ඉතාමත් සුක්ෂමව හොයල කරුණු සහතික කරගෙන වැරදී කාරයෝ ගණනාවක් ඇල්ලුවා. කව්රුත් හොඳක් කියනවද . මේ සිද්දීදීත් ඉස්ස්කොලේ ළමය ඇල්ලුවත් එතනින් නොනැවතී කොණ්ඩය හොයා ගත්ත. කොටුකලෙත් කොච්චර දක්ෂ කමකින්ද . දැන් ඔක්කොමල වැරදී දෙයක් පස්සේ යනවා....... (අ)
ලංකාවේ පොලිසිය ගැන කවර කතාද (අ)
පුජිත ජයසුදර මහතාණෙනි, මාධ්‍ය ප්‍රකාශක හැටියට ජරාව කා නැති ඉහල පොලිස් නිලදරුවන් 10 දෙනෙකු නම් කළහැකිද ? පපුව ඇති පොලිසිය ඇත්තේ එංගලන්තේ නේද (අ)
තජුදීන්ගේ වැඩේට කව්රුත් තවම අත්අඩංගුවට ගත්තේ නැද්ද. එක මිනී මැරුමක් නෙමෙයි නේද.(අ)
සේයා ඝාතනය සැවොම හෙළා දැකිය යුතු ක්‍රියාවක් ,,නමුත් පොලිසිය වහාම ඝාතකයන් අල්ලන්න කියල බලපෑම් කරන එක වැරදි .පොලිසිය ඇති සැකසහිත දේ විමර්ශනය කරලා ප්‍රවේසමෙන් නියම සැකකරු අල්ල ගත යුතුයි ,,ඕනෑම වරදකට සැකපිට අත්අඩංගුවට ගන්න අයිතියක් පොලිසියට තියනවා,(අ)
පරීක්ෂණ කටයුතු උදෙසා සකකරුවන් පොලිස් බාරයට ගැනිමට පොලිසියට අයිතියක් තිබිය යුතුයි. නමුත් එම සැකකරුවන්ගේ අනන්‍යතාව සුරැකීම හා ඔවුන් හැකි ඉක්මනින් මුදා හැරීමේ වගකීම පොලිසියට ඇත. සැම සැකකරුවකුම අපරාධකරුවකු නොවන බව ජනතාව තේරුම් ගත යුතුය. කෙසේ වෙතත් මෙම සිසුවාගේ පරිගණකයේ තිබු දේවල් අනුව ඔහුගේ මානසිකත්වය පිළිබඳව තීරණය කිරීම ඔබට බාරයි.(අ)
පුජිත මහත්මයා, මෙහි ඇති පාඨක අදහස් වලින්ම තේරෙන්න් නැද්ද පොලිසිය වරද්දාගෙන කියල. අහිංසක ළමයෙකුගේ ජිවිතයම කාලකන්නි කිරීම වරදක් නොවෙයිද? එසේ වරදක් කලවිට සමාව ගැනීම අනවශ්‍ය තරමටම පොලිසිය ලොකුයිද? ඔබට පඩි ගෙවෙන්නේ ජනතාවගෙන් බව ඔබ නොදන්නේද ? කොහෙත්ම පොලිසියේ ඉන්නේ නුගත් ලෙස හැසිරෙන පාගා කාක්කන් නොවේද? මෙවැනි ප්‍රකාශ තුලින් ඒ ගොඩටම ඔබ වැනි බුද්ධිමත් ය නොවැටිය යුතුය. (අ)
සැකකරුවකු අල්ලන්න පොලිසියට අයිතියක් නමුත් නිවැරදිව ඔප්පු වෙනතුරු තොරතුරු එළියට දෙන්න එපා (අ)
මේ පොලිසියේ ඉන්න අයට කොහෙන්ද හැදියාවක් ? කට ඇරියොත් කුණුහරුපෙන් කතාකරන්නේ..දරුවන් ඉදිරියේ සිටියත් පොලිසියේදී ? දැක්කනේ අර ආබාදිත සෙබලාට බිම පෙරළාගෙන අතින් පයින් තඩිබාපු හැටි. රටේ ඉන්න නරකම නරක දෙගොල්ල පොලිසිය සහ දේශපාලකයින්. මේ රට මේ තැනට ගෙනාවේ මේ දෙගොල්ල..? (අ)
මේගොල්ලෝ අර පාසල් දරුවා අලගෙන සංදර්ශන තියල ඒ දරුවාගේ අනාගතය කලා මෙහෙම් කියන එක හරි නැහැ නේද.(අ)
වෝ !! මහත්තයෝ පොලිසිය ඔය පොඩි එකාගෙන් විතරක් නෙවෙයි ජනතාවගෙනුත් සමාව ගත යුතුයි !!!! (අ)
තරිඳු මල්ලි, පොලිසිය දක්ෂනම් වැරදි කරයි අල්ලන්නේ. නැතුව හතර අතේ ඉන්න අයව නෙමෙයි, හරියට අර වලන් කඩේට පැනපු හරක කලබල වෙලා හතර අතේ තියෙන වලන් ගොඩවල් වලට ඇනගෙන ඇනගෙන යන්නේ නැතිව. සුක්ෂම ලෙස වැරදිකරු අල්ලනවා කියන්නේ පොල් කඩන්න ගහට යවපුවම, ගහේ තියෙන කුරුමබවලුයි පොල්වලුයි සේරම බිමට කලා දාල සුක්ෂම විදියට දක්ෂලෙස හොඳින් මෝරපු පොල් කැඩුව කියනෙකද? සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම එකක්, අත් අඩංගුවට ගැනීම තව එකක්. අත් අඩංගුවට ගන්න නම් වරදක් කරලා තියෙන්න ඕන. ප්‍රශ්නේ කොයි තරම් ජාතික වැදගත් කමක් තිබුනත් නිවරදිකාරයෙක් අත්අඩංගුවට අරගෙන කුඩුවේ දැමීම මානව හිමිකම් වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මතක තියාගන්න, මේ අර සුද්දගේ කාලේ වගේ යටත් විජිතයකවත් වැඩවසම් පලනයක්වත් නෙමෙයි, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් තියෙන රටක්. රටේ තියෙන්නේ සැමටම පොදු නීතියක්. එක මැරුණු ළමයටත් ඒ ළමයාගේ පවුල් වලටත් වගේම අත් අඩංගුවට ගත් ළමයටත් ඒ ළමයාගේ පවුල්වලටත් එකහා සමානයි. (අ)
මානව අයිතිය ගැන නො දන්නා වගකිවයුතු අය ඉල්ලා අස්විය යුතුය.(අ)
එහෙම සිරිතක් ලංකාවේ නැහැනේ. සමව ගන්න වරදින්න එපාය. (අ)
දීපාල් නුවර ,තමුන් අසභ්‍ය දේවල් බලන්නේම නැද්ද? අනේ මොකටද මගේ කට (නි)
මෙම දරුවා අත්අඩංගුවට ගන්න ඉස්සර අපරාධය වූ තැන තිබුණු පා ලකුණු වගේ දේවල් සසදෙනවද කියා වත් පොලිසිය ට බලන්න තිබුණා. පොලිසිය කරන්නේ පාරේ යන මිනිහෙක් හරි අල්ල ගෙන ගිහින් පන පිටින් හැම ගහන එක(අ)
අපි නැඟිටිමු. දැන් තමයි වෙලාව. දැන් හොඳටම ඇති (නි)
ඒ වගේම තවත් දෙයක් කිව යුතුයි. වැරද්දක් පිළිබඳව සැකපිට ප්‍රශ්න කළ පමණින් එම සැකකරුගේ නම ගම විස්තර ප්‍රසිද්ද කිරීම පොලිසිය කරන බරපතල වරදක්. යම් හෙයකින් එම පුද්ගලයා නිවැරදි කරුනම් එසේ නම්ගම් ප්‍රසිද්ධ කිරීමෙන් වන හානියට පොලිසිය වග කිවයුතුමයි. (අ)
සැකයට අත්අඩංගුවට ගන්න නීතියෙන් ඉඩතිබෙනවා නම් තාජුඩීන්ගේ සැකකරුවන්වත් අත්අඩංගුවට ගන්න කියලා අපි ඉල්ලනවා (නි)
ලෝකයේ බලගතු රටවල ඉන්න ජනාධිපතිවරුත් වැරදි සිදු වුණාම ජනතාවට කණගාටුව ප්‍රකාශ කරලා සමාව ඉල්ලු වාර බොහෝ ඇත. වරද පිලි අරගෙන එය නිවැරදි කර ගැනීම උසස් පහත බේදයක් නැතිව සිදුවෙන දෙයක් එත් මේ නිලධරින්ට ඔක්කොටම වැඩ ඒ අයගේ පට්ටම ලොකුයි. ඕව තියෙන්නේ නැහැ ගල විල යනවා (අ)
ජනමාධ්‍ය ඕනෑවට වඩා පාවිච්චි කරන්න ගිය නිසා වුණ වින්නැහියක්. ළමයාගෙ අම්මාත් මීඩියා වලට වැඩිපුර කතාකරන්න යෑමෙන් හානිය වුණෙත් ඒ අහිංසක ළමයාටමයි. (නි)
තරිඳුයි, පිවිතුරු යහපාලයි පොලිසියේද කොහෙද? (නි)
මගෙත් මතය සමාව ගැනීමක් අවශ්‍ය නැහැ කියල..කිසිම අපරාදයක නියම අපරාද්කරු එකවර අත්අඩංගුවට ගන්න පොලිසියට දිවැස් නැහැ.මේ කියන විදියට කාවවත් සැක පිට අත්අඩංගුවට ගන්න බැහැ. එහෙම අයිතියක් පොලිසියට නැති වුණොත් ඔය කියන ඔය කෑගහන හැමෝටමත් අබ සරනම තමයි.අත්අඩංගුවට ගන්න හැමෝම අපරාදකරුවන් නොවෙන්න පුළුවන්..නමුත් සැක දේ ගැන සොයා බැලීම සැකකටයුතු පුද්ගලයින් පලා යාමෙන් සැගවිමෙන් වලක්වා ඔවුන් පිළිබද පරීක්ෂණ පැවැත්වීමට පොලිසියට අයිතිය තියෙන්න ඕන..මේ කියන කටවල් වලින්ම තමයි ඔය විදියට බලන් ඉදල පෙරහැර ගියාම බලු බැලුම් බනිනෙත්.මේ සිසුවාව සැක කරන්න කාරනා තිබුණ..ඒක ඔහු විසින් ඔහුගේ ක්‍රියාකාරකම් නිසා සිදු කරගත් දෙයක්..වෙන පාසල් සිසුවෝ ඔය වටේ හිටියේ නැද්ද? එහෙනම් ඔවුන්වත් අල්ලන්න එපායි...වපුරන තරමට තමයි පලදාව..සිදුවුණු දෙයින් පාඩමක් ඉගෙන ගෙන නරක වැඩ අත හැරලා අනාගතය සවි කර ගන්නවා මිසක් මේ ගැන පොලිසියට දොස් කියල වැඩක් නැහැ.. (අ)