( ජුඩ් සමන්ත )
නීති විරෝධී වැලි ලොරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට ඔත්තු ලබා දුන් බව කියන පුද්ගලයකු අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළ බව කරුවලගස්වැව පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයා ප්‍රදේශයේ විවිධ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පොලීසිය ඇතුළු රාජ්‍යය ආයතන දැනුම්වත් කරන අයෙකු බවට හදුනා ගෙන ඇති බව පොලිසිය කියයි.
පාවට්ටාමඩුව ඇල මාර්ගයෙන් නීති විරෝධී වැලි ගොඩදැමීම හා වැලි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා බ්‍රහස්පතින්දා (27) කරුවලගස්වැව පොලීසියේ නිලධාරීන්ව දැනුම්වත් කර ඇත.
අත්අඩංගුවට ගත් වැලි ලොරියේ හිමිකරු මිය ගිය පුද්ගලයාට බැන වැදී ඇතැයි ද ඔහු පසුපස ගොස් ඇතැයිද විමර්ශන වලදී හෙළී වී ඇත.
ඉන්පසු බේරීම සදහා නිවසකට ගොස් දොරගුළු දාගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළී වු බව පොලිසිය කියයි.
නිවසේ දොරගුළු විවෘත නොකිරීම නිසා දොර කඩා බලන විට එම පුද්ගලයා එහි වැටී සිටිනු අයුරු ඔහුගේ දරුවකු දැක ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය නීතියට උඩින් දැන් කැලැ නීතිය රජකරන්න පටන් අරන්ද,
මේ වගේ දේවල් සිදු වෙන්නේ පොලිසියේ රහස්‍ය තොරතුරු පිටට දෙන පොලිස් නිලධාරීන් නිසයි.
රට යහමගට ගැනීම පහසු නොවේ. රජයේ රහස් දෙන අයට දඬුවම් කල යුතුය. සරත් ෆොන්සේකාට හමුදා පාලනයක් නැතිව ප්‍රජාතන්ත්‍රවාදයෙන් රට හැදීමට නව නීති සම්මත කල යුතුය. රජයේ සේවක සමිති, නීති කඩ කරන විට දඬුවම් කල යුතුය. වර්ජන කිරීමට පෙර කළ යුතු සැලැස්මක් දිය යුතුය. රජයේ රට කරවන වැඩ වලට බාධා කරන අයට දඬුවම් කළ යුතුය.
ඔය රටේ ජනතාව රටට ආදරේ උනාට වගකිව යුත්තෝ ආදරේ නැහැ. කොහොම වුණත් මේවගේ අපරාධ කරන අයට අනිත් අයටත් දැනෙන්නත් එක්ක දඬුවම් කළ යුතුයි.