එප්පාවල දී ‘අද‘ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට පහර දීම සම්බන්ධයෙන් රූපවාහිනී නාළිකාවක විකාශය වූ වීඩියෝ පටයක් ලබා දෙන්නැයි එම එම නාළිකාවට නියෝගයක් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම තඹුත්තේගම මහේස්ත්‍රාත් සනත් ජයදේව මහතා අද ප්‍රතික්ෂේප කළේය.
පොලිසිය ගොනු අකර ඇත්තේ සාවද්‍ය තොරතුරු බවත්, එම වීඩියෝ පටය විකාශය වූ වේලාව පවා පොලිසිය අධිකරණයට පැහැදිලිව දන්වා නැති බවත්, පොලිසිය හිතාමතා අධිකරණය නොමඟ යැවීමට මෙම ඉල්ලීම කරන බව හැඟී යන බවත්, එවැනි ඉල්ලීමකට නියෝග නිකුත් කළහොත් අධිකරණයේ ගෞරවයයට හානි සිදුවන බවත් මහේස්ත්‍රාත්වරයා කීවේය.
සත්‍ය තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.
පහර කෑමෙන් තුවාල ලැබු තිසර සමල් සෝමරත්න රෝහල් ගත කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද නිව්ස් එකක්. (ර)
වැටත් නියරත් කුඹුර කන යුගයක්නෙ දැන් තියෙන්නෙ. මේවා පුදුම වෙන්න දේවල් නෙවෙයි.(බ)
එහෙම කරන්ඩ කියල තමා අතනට ගෙනත් කිව්වේ. (නදී)