(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ ඇතැම් ක්‍රියාකලාපයන් දැඩි ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පට තුනක් මුදාහැරියේ යැයි කියන කොළඹ ,කුරුඳුවත්ත පොලිසියේ සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම පොලිස් සැරයන්වරයා පසුගිය 17, 18 සහ 20 යන දින තුන ඇතුළත පොලිස් නිල ඇඳුමෙන් සැරසී ශ්‍රී ලංකා පොලිසියේ හොඳ නමට කැළලක් ඇති වන ආකාරයේ සහ පොලිස් නිලධාරීන් මහජනතාව අතර අප්‍රසන්න තාවයක් ඇති වෙන ආකාරයට සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටමුදා හැර විෂමාචාර ක්‍රියාවක් සිදු කළේ යැයි කියමින් මෙම වැඩ තහනම සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය හෙට නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී (3) විසිනි.
හිත හොඳ පොලිසියේ මහත්තයා යැයි කියමින් හඳුන්වන්නේ තමා යැයි පවසමින් මෙම පොලිස් සැරයන්වරයා පොලිසිය දැඩි දෝෂාරෝපණයට ලක් කිරීම ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන මූලස්ථාන ආරංචි මාර්ග කියයි. පොලි
ස්පති සහන මැදිරියට ගිය අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සමග ඉංග්‍රීසි භාෂාවෙන් කථා කිරීම ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උරණ වී සිංහල භාෂාවෙන් කතා කරන ලෙස දැනුම් දුන් බව ද මෙම සැරයන්වරයා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති එක් වීඩියෝ පටයක සඳහන් වන්නේ යැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පොලීසියේ උසස්වීම් ලබා දෙන්නේ උසස් පොලිස් නිලධාරීන් සතුටු කළ ආකාරයට බව ද මෙම පොලිස් සැරයන්වරයා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝ පට මගින්චෝදනා කර ඇතැයි කියති.
පොලිස් දෙපාර්තමේන්තුව තුළ උසස්වීම් ලබාදීමේ නිසි ක්‍රමවේදයක් නොමැති බවද මෙම පොලිස් සැරයන්වරයා නිකුත් කළ හඬපටයේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග කියයි.
ස්විස්ටලන්තයේ පැවැත්වෙන වැඩසටහනකට සහභාගි වීමට යෑමට 2008 වසරේ යෑමට සූදානම් වී එවකට ගාල්ල ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරිවරයාව සිටි නිලධාරියා ළඟට ගිය අවස්ථාවේ ලැප්ටොප් පරිගණකයක් රටේ සිට එන විට රැගෙන එන ලෙස දැනුම් දුන් බව ද පොලිස් සැරයන්වරයා මෙම වීඩියෝ පටය මගින් හෙළි කර ඇත.
පරිගණකය ලබා නොදුන්නොත් නිවාඩු අනුමත නොකරන බව පැවසූ නිසා ලැප්ටොප් පරිගණකයක් ගෙනවිත් දීමට පොරොන්දු වී නිවාඩුව අනුමත කරගත් බවත් සැරයන්වරයා එම වීඩියෝ පටය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
පරිගණකයක් ගෙන ගෙනවිත් දීමට නොහැකි වූ නිසා එම නිලධාරියා වසරක් ඇතුළත තමාව පොලිස් ස්ථාන 18 මාරුකර යවමින් පළි ගත් බවද මෙම සැරයන්වරයා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති එම වීඩියෝ පටය මගින් වැඩිදුරටත් කරුණු හෙළි කර ඇතැයි පොලිස් මූලස්ථානයේ එමඋසස් නිලධාරියා කීය
පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට බැඳී වසර තිස් එකක් රාජකාරි කර ඇති තමා පොලිස්පති ප්‍රසංසා අටක් ලබාගෙන ඇති තැනැත්තෙක් බව ද සමාජ මාධ්‍ය වෙත මුදා ඇති වීඩියෝ පට මගින් සඳහන්කර ඇත.
මෙම වීඩියෝ පට මුදාහැරීමෙන් පසු ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානම් බව ද මෙම සැරයන්වරයා එම වීඩියෝ පටයේ සඳහන් කර බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත උසස් පොලිස් නිලධාරීන් කීහිප දෙනකු සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති මෙම වීඩියෝ පට නරඹා මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමු කර ඇති බව දැන ගැනීමට ඇත.
මෙම පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් පවත්වා ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි කියන්නේ ඉන් අනතුරුවය
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලිසියේ ඉඳන් පොලිසියට දොස් කී සැරයන් ගෙදර