රුහුණ විශ්ව විද්‍යාලයයයේ සමාජ විද්‍යාපිඨයේ කථිකාචාර්ය අනුර සුරංජිත් ගුණසේකර මහතාට(45) මාතර මැද්දෙවත්තේදී පහර දී කණුවක බැන්දේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය දොළොස් දෙනකුගේ කට උත්තර ලියාගෙන ඇත.
ඔහු සමඟ සාදයකට සහභාගී වු සරසවි ආචාර්යවරුන් පස් දෙනකු හා ගැමියන් හත් දෙනකුගෙන් ප්‍රකාශ සටහන කැරගෙන ඇතැයි පොලීසිය කියයි.
එම සාදයට සහභාගී වු නීතීඥයකුගේ කට උත්තරය ලියාගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතීඥය පාටි එකට ගියේ නීති උපදෙස් දෙන්නද? නැත්නම් මොකද එයාගේ කට උත්තරේ ගන්නේ නැත්තේ? (නදී)
මෙතන බීපු එකවත් සාදයක් දාපු එකවත් නෙවෙයි මට නම් ප්‍රශ්නය. සිසුවියන් පහක් නැවතිලා ඉන්න තැනක් අසල ඔය විධියට සිටීම. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ද? කුමක් වෙනුවෙන්ද කියන එක. අමතක කරන්න එපා විශ්වවිද්‍යල තුල සිසුන් කියන මේ කථාව. "ක්ලාස් එකක් ගන්න නම් එක්කො මහන්සි වෙයන් නැත්නම් හාන්සි වෙයන්". මොනව උනත් වැඩේ කැතයි. (නදී)
මොලේ ඇති මිනිස්සුත් තුට්ටු දෙකේ වැඩ කරනවා එහෙනම්. (දී)
වැඩි විනෝදය ලබන්න මත් වතුර පාවිච්චියේ පල විපාක! මත් වතුර නැතිව විනෝද වෙන්න බැරි අයට හොද උදාහරණයක්! (දී)
අනේ ඇත්තට, ඇදුරන්ටත් ගිය කල! (නි)
මත් වතුරෙන් විනෝදය ලැබෙන්නේ නැහැ. ඕකට සෙට් වෙනකොට පොඩි විනෝදයක් තියනවා. පලවෙනි ෂොට් එකෙන් පස්සේ ඔක්කම ඉවරයි (දී)
මම නම් මොවුන්ගේ වරදක් දකින්නේ නැහැ (නි)
මොලේ ඇති අය කරන සංවිධානාත්මක මිනී මැරීම් කියල තමයි මේවට කියන්නේ ඉසුරන්දි (ස)
පන්සිල් පද වත් රකින්නේ නැද්ද ? (ස)
මටනම් හැඟෙන අන්දමට මෙම අපහාසය සෙට් කරලා කරපු වැඩක් ! එසේ නොවුනත් බීමත්ව සිටි අයෙකුට මෙවැනි හිංසාවක් කිරීම මිනිසුන් කරන වැඩක් නොවේ...හොරෙක් නම් බිල්ලෝ වගේ නිකන් ඉදී (ස).
මම නම් මොවුන්ගේ වරදක් දකින්නේ නැහැ. (නි)
ගාමිණී.............බීමත් අයට හිංසා කිරීම මිනිසුන් කරන වැඩක් නොවේ නම් බීමත් මිනිසුන්ගෙන් මුළු සමාජයම ලබන ගැහැට සහ පීඩාවන් ගැන මොනවද කියන්නේ. (ස)
රණසිංහ ප්‍රේමදාස ජනාධිපති කාලයේ වාගේ අතුරුදහන් කරලා හරි ටයර් වලට පුජා කරලා පාරේ තිබ්බනම් අනික් අයත් බය වෙනවා (ස)
ගාමිණී අය්යා කිව්වා වගේ මටත් හිතන්නේ මේ මනුස්සය අමරුවෙදාන්න කරපු කාගෙහරි වැඩක් (ස)
කෙනෙක් වැදගත් පුද්ගලයකු වන්නේ කරන කියන දේවල් වලින් මිස දරන තනතුරින් නොවන බව මෙයිනුත් පැහැදිලි වෙනවා. (නි)
කවුරු හරි වුණත් වැරදි වුණත් මේ සියළුම ප්‍රශ්න වලට මුල මත්පැන්. (නි)
මම වික්‍රම සමඟ 100%ක් එකඟයි.අපි සරසවි හිටි කාලෙත් ඔය න්‍යායන් දෙකම අනුගමනය කළ අය හිටියා. (නි)
ඇයි දන්නෙ නැහැ නීතිඥයාව අතහැරියේ? (නි)
මේ රටේ දැන් උගත් බුද්ධිමතුන්ගේ තත්ත්වය බොහොම කණගාටුදායකයි නේද? (නි)
මිනිසා වසලයෙකු වන්නේ උපතින් නොව කරන ක්‍රියාවෙනි (නි)
කවුද මන්දා අපේ අදහස් දාන වියතෙක් මේ සිද්ධිය 'දම්පාටින් ලා සඳ බැසයනවා' සින්දුවට උපමා කරලා තිබුනා නේද? (නි)
මත්බීම ගැන මම කොතරම් විවේචනය කළත් මමත් ඔහේ ඉන්න ගමන් ටිකක් ගන්නවා. බොහෝ අය එහෙම තමයි (නි)
අපිත් කන බොන මිනිස්සු.මේ ආචාර්යතුමන්ලා රහත් වෙලා නැහැනේ.ඉතින් මම නම් මොවුන්ගේ වැරැද්දක් දකින්නේ නැහැ. (නි)
උගත් බුද්ධිමතුන් මේ දේවල් කරනවානම් අනිත් අයගෙන් මොනවාද බලාපොරොත්තු වෙන්න පුළුවන් ? (නි)
අදුරුතුමන්ලා කියලා නැහැ. ඔවුනුත් සාමාන්‍ය මිනිස්සු. එයාලත් කනවා බොනවා නටනවා.... ලීලානන්ද මහත්තයා කියන එක හරි (නි)
කුමාර, ඔය ප්‍රශ්නය අහන්න තියෙන්නේ අපෙන් නෙමෙයි. අනුන්ට බණ කියන්නේ නැතුව තමන්වත් එහෙම කරන්න බලන්න! (නි)