දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ලට යමින් සිටි පොලිස් රියක් කුරුඳුගහහැතැප්ම - බද්දේගම අතර 72.2 – 72.5 කිලෝමීටර් කණු අසලදී අද (3) අනතුරකට පත්විය.
ශීතකරණයක් හා විදුලි උපකරණ ප්‍රවාහනය කළ කුඩා ලොරියක පොලිස් රිය හැපුණේය. පොලිස් රියේ සිටි නිලධරයෙක් අධිවේගී මාර්ග නඩත්තු අංශයේ පිරිසක් සමග එම සිද්ධිය වාර්තා නොකරන ලෙසත් ඡායාරූප නොගන්නා ලෙසත් බලපෑම් කළේය.
පොලිස් රියේ සිටි පොලිස් නිලධරයකු කීවේ මෙම රථය පොලිසියට අයත් නොවන බවයි. එසේනම් පොලිස් ජංගම රථයක් බව එහි ඇත්තේ ඇයිදැයි එසැණ ඔහුගෙන් ප්‍රශ්න කළේය. අනතුරට පත් ලොරියට සම්බන්ධ කෙනකු අධිවේගී මාර්ගයට ඇතුළු වූයේ එහි වැටකිනි. එසැණ මාධ්‍යවේදියා එතැනින්ම එහි ඇතුළු වූවද පොලිසිය කෑ ගැසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද ඒ නීතිය ? මාධ්‍යවේදියාට රාජකාරි කරන්න එතුමාගෙන් අවසර ගන්න ඕනෙද ?(නදී)