ඇඹිලිපිටියේ සාදයක සිටි පිරිසට පහර දීම හා ඉන් පසු සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක්දරු පියා මිය යෑම සම්බන්ධයෙන් පොලිසිය වග කිව යුතු බවට ඇසින් දුටු සාක්කි ඉදිරිපත් වී ඇති නිසා සහකාර පොලිස් අධිකාරී ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාට එන්තරවාසි යවා තබේ.
පැය 24ක් ඇතුළත පොලිසියේ සැකකරුවන් අත්අඩංගුවට නොගන්නේ නම් පොලිස්පතිට එරෙහිව නඩු පවරන බව ද එන්තරවාසියේ දැක්වේ.
මේ අතර පොලිසියේම පිරිසක් කියනුයේ අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි තිබිය දී එසේ නොකරන්නේ මන්දැයි ගැටළු සහගත බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න පුලුවන් නම් හරිම දේ ඕක තමයි මට හිතෙන හැටියට (නි)
නීතියට සම්බන්ධ ආයතන "අපි වෙනුවෙන් අපි" සංකල්පයට අනුව වැඩකරන බව පෙනේ (බ)
ඔක්කොටම ඉස්සෙල්ලා අර පොල්පිතිතුමාගේ බේබදු ජීවක කියන මස්සිනාව අල්ලලා කුඩු කරන්න. මේ පිස්සා ගැහැණුන්ට දෙන වද දැන් ඉවසුවා ඇති (බ)
නිදන් හැරීමකට සම්බන්දයි කියල ඒ ,එස්.පී කෙනෙක්ව වහාම අත්අඩංගුවට ගත්ත මාස ගානක් ගියා තාම ඇපත් නැහැ .මෙතන මිනීමැරුමක් වෙලා කියල පැහැදිලි සාක්ෂි තියෙද්දී මෙයාල නිදැල්ලේ ඉන්නවා .මෙන්න ශ්‍රී ලංකා පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන හැටි (ම)
අපි ඉල්ලු වෙනස ලැබී ඇත.ගිය ආණ්ඩුව කළේ කියාත්මක නොවූ නිතිය ක්‍රියාත්මක වීම සතුටු දායකයි. (බ)
සමහර වෙලාවට පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ හෝ නොකරන්නේ බලවතෙක් බල කළොත් තමයි (ම)
ඕක යාපනේ පැත්තේ වුණා නම් මෙලහකට අත්අඩංගුවට අරගෙන ජනාදිපති සමාව දීලත් අහවර වෙලා! (ම)
මේ ලොක්කට විරුද්ධව නඩු දානවා නම් තව කොච්චර වැරදි මෙයාගේ කාලේ සිද්ධ වුණාද (බ)
මේ රටේ නීතිය ක්‍රියාත්මක කරලාත් බැහැ නොකරත් බැහැ (ම)
නාමික පොලිස් කොමිසම නිදිද ? (ම)