නිලමේ නමැත්තකු නියත වශයෙන්ම අත්අඩංගුවට නොගන්නා බවත් තමාට නොදන්වා ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකට නියෝග කළ බවත් කියමින් රත්නපුරයේ දී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දුන් දුරකථන ඇමැතුමක් අද (1) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කැරිණි.
රත්නපුරදී පසුගිය 30 වැනිදා පැවැති පොලිස් සැමරුම් උත්සවයකදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සිය කථාව පවත්වමින් සිටියදී හදිසි ඇමතුමක් ලැබුණේය. සභාව අමතමින් සිටියදී පැමිණි දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් වෙබ් අඩවි හා සමාජ ජාලවල දැඩි කථාබහක් මතුවී තිබිණි.
පොලිස්පතිවරයාට ඉහළ පුද්ගලයකුගෙන් ලැබෙන එම දුරකථන ඇමතුමට ඔහු වේදිකාවේ සිටම මාධ්‍ය ආයතනවල මෛක්‍රෆෝන ඉදිරිපිටදී පිළිතුරු සපයන අතර ඒ හේතුවෙන් ඔහුගේ ඇමතුම බොහෝ පිරිසකට ශ්‍රවණය කළ හැකි විය.
නිලමේ නමැත්තකු අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් ඇමතුම ලැබෙන බව ඔහුගේ ප්‍රතිචාරවලින් පැහැදිලිවේ. නිලමේ අත්අඩංගුවට නොගන්නා බවට පොලිස්පතිවරයා සහතික වෙයි. තමාට නොදන්වා ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස එෆ්සීඅයිඩියට දන්වා ඇතැයිද පොලිස්පති දුරකථනයට පිළිතුරු දෙමින් කියයි.
ඔහු ඉංග්‍රීසි බසින් හා සිංහල බසින් දුරකථනයට පිළිතුරු දුන්නේ මෙසේය.
‘ඔව්... ආ දෙන්න.‘
‘හෙලෝ... ගුඩ් මෝර්නිං සර්. ඉස් දැට් අ අර්ජන්ට් මැටර් සර්. අයි විල් කෝල් ඉට්. යර්ස්. අයි වෝන්ටඩ් ඩිරෙක්ටර් එෆ්සීඅයිඩී ටු චෙක් ඔන් දැට් ඇන්ඩ් කම් බැක්ටු මී. බට් යෙස්ටර්ඩේ අයි වෝස් ලේට්.‘
‘මට ඒක හම්බවෙනවා සර්. ඒක හින්දා මම ඒ විස්තර ටිකත් අරගෙන අයි විල් කම් බැක්ටු යූ සර්.‘
‘දැට් ඉස් නිලමේස් මැටර්. එන්න කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම සර් ඇරෙස්ට් වෙන්නේ නෑ. මම ඒක පැහැදිලිව කිව්වා ඩිරෙක්ටර්ට. මගෙන් අහලා අවසරයක් නැතිව මිසක් නිකරුනේ ඇරෙස්ට් කරන්න එපා. දැට් ඉස් පර්ෆෙක්ට්. ඉට් ඉස් ඩෙෆිනීට්ලි සර්. යූ වොන්ට් බී ඇරෙස්ට්. නෑ නෑ එහෙම නෑ. මම ඒක අහලා බැලුවා ඉස්සෙල්ලා. ඉට් හැස් ටු බී වෙරි රීසනබල් නෝ සර්. රයිට් සර් අයිල් කම් බැක් ටු යූ සර්‘
මේ සම්බන්ධයෙන් විමසීමට නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද ඔහු රැස්වීමකට සම්බන්ධවී සිටින බව දුරකථනයට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයා ප්‍රකාශ කළේය. මේ පිළිබඳ විමසීමට පොලිස්පතිට දුරකථනයෙන් ඇමතීමට ගත් උත්සාහයද අසාර්ථක විය.
පොලිස්පතිට මේ ඇමතුම ලබාදෙන්නේ නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක බවට වාර්තා වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. මෙම ඇමතුම දුන්නේ සාගල රත්නායක නොවේ නම් ඔහු ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු බවද අනුර කුමාර දිසානායක මහතා කීය.
(වීඩියෝ අනුග්‍රහය - සිරස රූපවාහිනියෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දන-ඕස්ට්‍රේලියාව, දේශද්‍රෝහියෝ ඉන්න රටකට වෙලා ඉන්න එක හොඳයි. එන්න එපා (නි)
මේවා කෙසේ කවද කෙලවර වෙයිද දන්නේ නැහැ (ර)
මේ වගේ දේවල් වෙන්නේ කොහොමද? (ර)
සාධාරණ තීරණයක් ගත්තොත් හොඳයි (ර)
මීට වඩා සැලකිලිමත් විය යුතුයි. රටක්ම බලා ඉන්නවනේ (ර)
මම නම් ඉතා අගයන වැඩක්. පොලිසියට තමන්ගේ රාජකාරිය කරන්න දෙන්නේ නැහැ කියා පෙන්වන්නයි මෙයාට ඕනෑ වුණේ. ළඟදීම මෙයත් ඉල්ලා අස්වෙයි. මේක හොඳ නැඹුරුවක්. (නි)
මෙතන අදහස් දමන අයට නොතේරෙන දෙයක් තියෙනවා. ටිකක් හිතලා බලන්න. පොලිස්පතිට තිබුනා මයික්‍රොෆෝන් වලින් ඈත්වෙලා උත්තර දෙන්න. එහෙත් ඔහු කළේ මුළු රටටම දැනගැනීම පිණිස මයික්‍රොෆෝන ඉදිරියේදීම උත්තර සැපයු එකයි. රජයේ නිලදරුවන් හට දේශපාලුවන්ගෙන් ඇතිවන බාධා කිරීම් මුළු රටටම දැනෙන විදියට ඔහු එළිදැක්වූවා. එතුමාට මාගේ ප්‍රණාමය..... (නි)
මෙන්න තවත් "විනෝදසමයක්". මේක නිකම්ම විනෝද සමයක් නෙමෙයි, නමලා දෙන විනෝද සමයක් (නි)
සිංහල, ඉංග්‍රීසි වගේම දෙමළෙනුත් ඔය කතාව කළා නම් නේද හොඳ? මොකක්ද ඔය කියන සංහිඳියාව? (නි)
මිස්ටර් ක්ලීන් ඩර්ටි වුණා, පූජිත අජූත වුණා ,මංගල අවමංගල වුණා, යහපාලනය ගවපාලනය වුණා. (නි)
සමහරු එංගලන්තේ ඉඳන් අපේ රටේ දේවල් වලට ලැජ්ජා වෙන්නේ ඇයි? අනේ මේ තාරක නිකන් කළු සුද්දෙක් වෙන්න එපා (නි)
හැංගි හැංගි වෙස් බැන්ඳට නටන්න වෙන්නේ එළිපිට (නි)
දේශපාලුවොත් එකයි පොලිසියත් එකයි. දෙගොල්ලොම අයියලා මල්ලිලා (නි)
අපි කොහොම අදහස් ප්‍රකාශ කළත් රටේ හැමදේම දේශපාලනීකරණය වෙලා ඉවරයි. නීතිය, සාමය, ආගම පවා. පොලිස්පති වුණත් ඔහුත් මනුස්සයෙක්. අද මේවට උත්තර නොදුන්නොත් හෙට ගෙදර යවනකම් බලා ඉන්නද? (නි)
මොකද පොලිස්පතිට බනින්නේ? පොලිස්පතිටවත් අවංකව රාජකාරි කරන්න ඉඩ දෙන්නේ නැති බවයි පැහැදිලි වෙන්නේ. (නි)
තනතුරේ ගරුත්වය ගැනවත් හිතන්න තිබුණා නේද? (නි)
නාමල්, දැන් සිහිබුද්ධියෙන් කොරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. නාගෙන ඉවරයි. ඔය ගාගත්ත තාර ටික මකලා හීරුවත් යන්නේ නැත. පටන් ගන්නකොටම දාපු අඬහැරයට මට හිතුනා ඔහොම වෙයි කියලා (නි)
දෙපැත්තෙන්ම බේරෙන්න බැරි රඟපෑමක් ඕක. (ර)
පොලිස්පති තුමා පොලිස්පති කෝළම රඟ දක්වනවා වගේ. (බ)
මේ හැමකෙනාම රැවටිලා. (ර)
අනේ මෙහෙමත් දේශපාලන පොලිස්පති තුමෙක්, කාකි කෝට් එකටත් ලැජ්ජයි මහත්තයෝ (බ)
මේ සාකච්ඡාව මේ විදියට සිදු නොවිය යුතුයි කියලා හිතන්න බැරිද ධම්ම අහනවා එහෙනම් අනික් විදිහට සිදු කරලා අපිත් ඔව් ඔව් සර් ඔබ හරි සර් ඕව ඔහොම තමයි සර් කියා කියන්නද කියන්නේ. (ර)
මෙහිදී ඔහු කියන්නේ මේ තැනැත්තාව නිකම් නිකරුනේ අත්අඩංගුවට ගන්න එපා කියලයි ඉතින් එකේ වැරැද්ද මොකක්ද? (බ)
ජනහිත ඔබට ඔහුගේ කතා බහ වලින් පුද්ගලයා ගැන තේරුම් ගන්න බැරි උනාද? (ර)
මේ මොකද මේ වෙන්නේ? (ර)
රටක් බලාගෙන ඉන්නවා මේ වැඩ (ර)
අනේ තනි ඇහැට ඇඩෙනවා ඡන්දය දුන්න හැට දෙලක්ෂය මතක් වෙනකොට. බලන්නකෝ එලි පිටම ගොන් පාට් දාන හැටි. (බ)
පොලිස්පති මෙහෙම නම් පොලිසියේ අනික් අය කොහොමට ඇද්ද? (නි)
පොලිස්පති කියන නාමයටත් නින්දා කරනවා (නි)
යහපාලනය නොවේ වස පාලනය. (බ)
හොඳ විනයක් සහ මොළයක් ඇති ගෞරවනීය කොස්තාපල් මහත්තුරු අනන්තවත් ඉන්නවා ඔය කියන පොලිස්පති පදවියට සුදුසු. අපේ ලංකා පොලිස් ඉතිහාසයේ ලියවෙන ඉතාමත් නුසුදුසු චරිතයක්. අනේ මහත්තයෝ ඔය කාකි කෝට් එක සුදුස්සෙකුට දීලා පොලිසියට අගෞරව නොකර ගෙදර යන්න. (නි)
දැන් එතකොට එෆ් සි අයි ඩී එකෙන් අත්අඩංගුවට ගන්නේ පොලිස්පතිට ඕනෑකරන රජයට ඕනෑකරන අය විතරයි නේද.... බළලා මල්ලෙන් එළියට!! (නි)
නීතිය නොවෙයි වෙන වෙන අය රජකරන රටක් ලංකාව. (බ)
‘ලජ්ජා නැතිකම පොලිස්පති කමටත් වඩා ලොකුයි" කියල තමයි අපිට නම් කියන්න තියෙන්නේ..හපොයි!! ගම කෑවා නේද මහත්තයෝ? (බ)
දැන් ඉතින් ඉල්ලා අස්වෙන්නයි තියෙන්නේ (නි)
නීතියට දේශපාලුවන් ඇඟිලි ගහන, ජරා පාලන කාලයේ තිබුන සම්ප්‍රදාය, යහපාලන කාලයේත් තිබෙන බව මේ සිද්ධියෙන් හොඳින් පැහැදිලි වෙනවා වැරදි වලට සම්බන්ධ යයි සැක කරන අය නීතියේ රැහැනට හසු කරගෙන අධිකරණයට පැමිණවීමට පොලිසියට ඇති බලය දේශපාලුවන්ගේ මැදිහත් වීමෙන් දුර්වල වෙන බව පොලිස් ලොක්කටවත් නොතේරෙන එක ලෝක පුදුමයක් (බ)
නියමයිනේ පොලිස්පතිතුමනි. ඔහොම යමුකෝ (නි)
උකුණු බිජුවක තරම් මොළයක් නැහැනේ මෙයාලට. මෙහෙව් රටට පායාවිද සූර්යා (නි)
අනේද කියන්නේ එහෙයි එහෙයි සර්... (බ)
පුජිතභාවයක් අහල ගම් හතකවත් ගෑවිලා නැහැනේ දෙවියනේ! (නි)
අයියෝ මේ මොකක්ද වුණේ? (නි)
යහපාලනය දෝරේ ගලයි. දැන් ඔබට සතුටුද නංගියේ මල්ලියේ. රෙදි ගැළවුණා නේද ප්‍රසිද්ධියේම? මේවට කියන්නේ ඇඳගෙන හත්පොළේ ගාගන්නවා කියලනේ. (නි)
සර්ලා කතා කළාම උන් හිටින තැනුත් අමතක වෙනවා. දැන් ඉතින් දීපල්ලකෝ උත්තර. (බ)
පොලිස්පති තුමා තම රාජකාරි බලතල වලින් ඔබ්බට ගොස් ඇති බව පේනවා. පොලිස් කොමිසම මේ ගැන වග විභාග කරන්න කළ යුතුයි නේද? නැත්නම් උසාවියට වුනත් ගෙනියන්න පුළුවන් නේද? (බ)
අපි කවදාවත් දියුණු සාර්ථක රටක් වන්නේ නැහැ. (ර)
පොලිස්පතිතුමා නියම වැඩක් කරලා තියෙන්නේ දැන් ලෝකෙම දන්නවනේ මොකක්ද ඇතුලේ වෙන්නේ කියල (බ)
ඇමතුම එන්නේ ගෝටා ඇරෙස්ට් කරන්න එපා කියලා (බ)
අයියෝ පොලිස්පතිතුමා ගම කෑවා. (නි)
අපි මෙතුමාගෙන් මෙවැනි දේ බලාපොරොත්තු උනේ නැ (ර)
කෝල් එකක්වත් ගන්න බැරිද . (ර)
ඔන්න ඕව තමා ඉල්ලුවේ දැන් සතුටුද (ර)
අපේ පොලිස්පතිතුමා ඔන්න නිතිය ප්‍රසිද්ධියේම නවල පෙන්නුවා. දැන් පුළුවන් කෙනෙක් කෙලින් කරලා පෙන්නන්න. (ර)
නීතිය අකුරටම ක්‍රියාත්මකයි හරිම සතුටුයි (ර)
වතුර නැතුව නානවා කියන්නේ මේකට. (ර)
ජනතාව බලාපොරොත්තු නොවුන දේවල්ම තමයි දැන් සිද්ධ වෙන්නේ (ර)
දසුන් ... ජනතාව ඉල්ලුවේ මේවා නෙවෙයි .. නමුත් එයාල කරන්නේ මේවා. කලින් ආණ්ඩුවට වෙච්ච දේම මෙයාලට වෙයි. වැඩිම අවුරුදු පහයිනෙ. බලාගෙන ඉමු . නමුත් නැවත පරණ හොරුම එයි කියල බලාපොරොත්තු වෙන්න නම් එපා. (බ)
මේවා කතාකරන්න ඉන්නේ ජේ වී පී විතරද ? (ර)
කවුද ඔය කියන නිලමේ ? (ර)
ටිකක් සිහි බුද්ධියෙන් වැඩකලොත් හොදා. (ර)
ජනතාව අසතුටුයි මේ පිළිබඳ (ර)
නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින්ම මේ අයුරින් කටයුතු කිරීම අනුමත කරන්න බෑ (ර)
අරවින්ද ඔබ කියන කතාවේ ඇති වැරැද්ද නන්දලාල් ද සිල්වා-ප්‍රංශය පැහැදිලි කරල තියනව ටිකක්.. දැන් ලංකාවේ ඉන්න උදවියට හරිවැරැද්ද වටහාගන්න බෑ.. ඡන්දයක් අවාමත් පරම්පරාවෙන් ඡන්දෙ දෙන අයටම අයටම අහක බලාන් හරි ගහල එනව. (ර)
කොයි නිලමේ ගැනද මේ කියන්නේ? (ර)
මොනාද මේ වෙන්නේ? (ර)
ගන්නාවූ ක්‍රියාමාර්ගය පිළිබඳව මුළු රටම බලාසිටි (ර)
මේ සාකච්ඡාව මේ විදියට සිදු නොවිය යුතුයි කියලා හිතන්න බැරිද (ර)
හරි ශෝක් ...... රහසේ සිදුවුණු දේ දැන් එළිපිටම සිදුවෙනවා ....ඔහොම දෙබසක් ඔය විදියට අහන්න දකින්න ලැබෙන්නේ ලංකාවේ පමණයි... (හේ)
පොලිස්පති විතරක් නොවෙයි ලංකාවේ හැම ප්‍රධානියෙක්ම නැටවෙන රූකඩ වගේ. නූල තියෙන්නේ දේශපාලුවෝ අතේ. (නි)
පොලිස්පතිතුමා මෙහෙම හිතා නොබලා වැඩකරයි කියලා හිතන්න අමාරුයි (නි)
සමහරවිට මෙතන මෙතුමා දාපු රඟපෑමක්ද දන්නේ නැහැ. මොකද ඔහුට දිගින් දිගටම දේශපාලුවගෙන් එල්ලවෙන දේශපාලනික බලපෑම් මත ඔහුට ඔහුගේ රැකියාව නීතිගරුකව කළ නොහැකිව වන්නට පුළුවන්. (නි)
පොලිස්පතිතුමා මේ ආකාරයට හිතාමතාම කළා වෙන්නත් පුළුවන්. ලංකාවේ දේශපාලකයන් රාජකාරි වලට බලපෑම් කරනවා කියලා පෙන්වන්න. ජනාධිපතිතුමා එදා ප්‍රසිද්ධියේ කිවුවේ අල්ලස් කොමිසම හා අනිකුත් ආයතන වලට බලපෑම් වලට යටවෙලා වැඩකරනවා කියලා. ඉතින් දැන් එය ඉතා හොඳින් පොලිස්පතිතුමාම ඔප්පුකර ඇත. (නි)
“හරි සර්, හොඳයි සර්, ඕකේ සර්, නෝ සර්, ගූඩ් සර්, රයිට් සර්, හ්ම් සර්, යස් සර්, ෂෝක් සර්, කැන් කැන් සර්, නියමයි සර්, ටටා සර්, බායි සර්, හු හූ .... හු හූ !!! (නි)
මේවා ලංකාවේ හැම පොලීසියකම හැමදාම හොරට වෙන දේවල්. ඒක හැමෝම දන්නා රහසක් විතරයි. යහපාලනේ කියලා වෙනසක් නැහැ. (නි)
අයියෝ මෙහෙමත් ලැජ්ජාවක්! (නි)
මෙයාටත් දේශපාලකයෝ ඉදිරියේ නැවෙන්න වුණා නම් මහජනතාව ගැන කවර කතාද? (නි)
මම ඉන්නේ එංගලන්තෙ. මට නම් ලැජ්ජාවේ බැහැ මෙවැනි සිදුවීම් වෙනකොට. අපිට බැරිද ජාත්‍යන්තර අධිකරණයක් ගෙනවිත් මොවුන්ට දඬුවම් කරන්න. (නි)
මීටවැඩිය හොඳයි ඔය කාකි කලිසම ගළවලා පාරේ ගියා නම්. නිකන් කොස්තාපල් කෙනෙක් වගේනේ වැඩ. ලැජ්ජාවේ බැහැ. (නි)
කලබල වෙන්න එපා. විලි ලැජ්ජයි. අනාගත්ත එක අනාගත්තා නැත්තටම නැතිවෙන්න. (නි)
නීතිය පොලිස්පතිතුමාට ඕන විදියට කරන්න බෑ. නීතිය තියෙන්න ඕනේ යහපාලන කට්ටියට ඕන විදියට. සැබෑ වෙනස. (බ)
මට හිතෙන්නේ නම් දැන් ගමන හරහට වගේ. මේ දුරකථන ඇමතුම ළඟ රටක ඉදලා වෙන්න පුළුවන්. කොහොම වුණත් තම තනතුරේ පෞඪභාවය රැක ගන්න දන්නේ නැති නිලධාරීන් ගැන මොනවද හිතන්නේ. (නි)
ඔගොල්ලන්ට නම් කියන්න ලේසියි. නමුත් පවුලක් නඩත්තු කරන රජයේ සේවයෙකුට, රැකියාව අහිමිවීම හෝ දුෂ්කර පළාතකට මාරුවක් ලැබීම ගැන හිතා බලන්න. මෙයට දොස් පැවරියයුත්තේ දේශපාලකයන්ටය. මෙවැනි සිදුවීම් සෑම වකවානුවකම සිදුවී ඇත. (නි)
මෙවැනි දෙයක් ඇමරිකාවේ සිදුවුණා නම් ජනාධිපතිටත් නිලය හැර දමා ගෙදර යන්න වෙනවා (නි)