
(අංජුල මහික වීරරත්න)
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති තානාපතිවරයා සහ ජනාධිපතිවරයා අතර හමුව ජනාධිපති කාර්යාලයේ දී අද පැවැත්විණි.
අනාගතයේ දී ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය සහ සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට පලස්තීනය අපේක්ෂා කරන බව ද තානාපතිවරයා මෙහිදී කීය.
මෙම හමුවේදී තානාපති අබු තාහා මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිළිගන්වනු ලැබූ අතර පලස්තීන රජය සහ ජනතාව වෙනුවෙන් ද ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා සුබ පැතුම් පිරිනැමීය. ශ්‍රී ලංකාව විසින් දීර්ඝ කාලීනව පලස්තීනය වෙත දක්වනු ලබන සහයෝගය අගය කළ තානාපතිවරයා, පලස්තීනය මුහුණ පෑ ජාත්‍යන්තර ගැටලුවලදී ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන ලද ස්ථාවර ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද සිය කෘතඥතාව පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපෝ ඔය වැඩේ නම් කරන්න එපා. එහෙම කලොත් පලස්තීනේ ඉන්න එක එක ත්‍රස්තවාදී කණ්ඩායම් මෙහෙ එන්නත් පුළුවන්, එහෙම නැතිනම් අර රුසියානු, යුක්රේන් මිනිස්සු වගේ ඇවිත් මෙහේ පදිංචි වෙලා රෙස්ටුරන්ට්, හෝම් ස්ටේ, කොන්ඩේ කපන සැලුන් දමාගෙන අපේ මිනිස්සුන්ගේ රස්සාවල් වලට විදින්න පුළුවන්, වීසා සීමා ලිහිල් කරලා අහක යන සර්පයෝ රෙද්ද අස්සේ දමාගෙන කනවා කනවා කියලා කෑගහන්න එපා, වීසා සීමා ලිහිල් කරනවා නම් කරන්න ප්‍රශ්න නැති බටහිර යුරෝපේ රටවල පුරවැසියන්ට...
පරණ ජේවීපී යාළුවෝ වුණාට දැන් නම් ඕනවට වැඩිය ලං කරගන්න එපා.
පලස්තීනය කියලා රටක් කලින් නම් තිබ්බා. ඒත් දැන්? මෙන්න මෙයාවත් ආපු දිහාවකටම පටවන්න ඕනෑ. මේ වෙනකොට අපේ රටේ දස දහස් ගණනක් ඊශ්‍රායල තුළ සේවය කරමින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයනවා. ඒත් මේ පලස්තීන කාරයින් රිංගා ගත්තු හැම තැනම ලෙඩ දාගෙන, ආගම් වාද පතුරවලා වයිරය වපුරනවා. මේවා අපේ රටට ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන් ළඟදීම...!
පලස්තීනය කියලා රටක් කොහෙවත් නෑ. ඒක එ.ජා.සංවිධානය විසින් බිහි කළ මනෝ රාජ්‍යයක්. ඔය වීසා ලිහිල් කරන්න කියන්නේ අපේ රට ඇතුළට පලස්තීන ත්‍රස්තවාදීන්ට එන්න ලේසි කර ගන්නයි. ජනාධිපතිතුමනි, එපා ලිහිල් කරන්න...!
මේක කරන්න එපා. මුස්ලිම් කට්ටිය ගොඩක් එයි.
පිස්සු නම් කෙලින්න එපා හොඳේ. අරෙහෙ අය රොත්තම මෙහේ බහී බෝට්ටුවලින්. ඊට පස්සේ මෙහේ ඉඳන් ත්‍රස්තක්‍රියා පටන් ගනීවි. ඔය මිනිස්සු තමන්ගේ ජීවිතේ ඉපදුණු දවසේ ඉඳන්ම අවි අතේ තියාගෙන ඉන්න අය. කොටින්ට එහා ඔය ප්‍රශ්නෙ මෙහේ දා ගත්තොත්...
ඔව් ඔව්. එතකොට සතියට එක ගානෙ පාස්කු ප්‍රහාර බලාගන්න පුළුවන්. අනුකම්පා භූමිකම්පා වෙන්නේ එතකොට තමයි...
අපි ලෝකයට ණයවෙලා හරි සල්ලි දුන්නත් අන්තවාදී ආගම් අදහන අය නම් ලංකාවට තවත් එපා. ඒ එන්නේ ආපහු යන්න නෙවෙයිනේ... අපිට බෑ තවත් යුද්ධ වලට යන්න.
එපා . හමාස් කාරයෝ ලංකාවට එන්න වෙන්න ඇති හදන්නේ
මෝඩවැඩ කරන්න එපා...
එපා, එපා, පලස්තීනේ අන්තවාදී මුස්ලිම් ත්‍රස්ත කල්ලි කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වීසා සීමා ලිහිල් කළොත් ත්‍රස්තවාදියෝ මෙහෙ ඇවිත් ප්‍රතිසංවිධාන වෙන්න පුළුවන් ඊශ්‍රායලයට විරුද්ධව යුද කරන්න. එහෙම වුණොත් මොසාඩ් එකත් මෙහේ ඇවිත් බෝම්බ තබමින් හෝ වෙනත් ක්‍රමවලින් ඔවුන්ට විරුද්ධව සටන් කරන්න පටන්ගනීවි. එහෙම වුණොත් අපේ සංචාරක කර්මාන්තේ සහ ආර්ථිකය වැටෙනවා. රටට ආදරයක් තිබෙනවා නම් පලස්තිනේ, ලෙබනන්, සිරිය, ඉරාකේ සිට එන පුද්ගලයින්ගේ වීසා නීතිරීති දැඩි කරන්න. අනුන්ගේ ප්‍රශ්නවලට අපි මැදිහත්වෙලා අමාරුවේ වැටෙන්න අවශ්‍ය නැහැ.