ප්ලාස්ටික් තරාදි යොදාගෙන වෙළහෙළදාම් සිදු කිරිම සපුරා තහනම් බවත් එවැනි තරාදි අත්අඩංගුවට ගෙන වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ප්‍රේමසිරි කුමාර මහතා පැවසීය.
මෙවැනි තරාදිවලින් කිරුම් මිනුම් සිදුකෙරෙන ආහාරපාන ද්‍රව්‍යයන් යනාදිය මිලට ගැනීමෙන් වළකින ලෙසට එම දෙපාර්තමේන්තුව පාරිභෝගිකයින්ට අවවාද කරයි.
මුද්‍රා තැබු තරාදි වෙළඳපොළේ අලෙවි කැරෙයි. එවැනි තරාදි මිලදී ගෙන කිරුම් මිනුම් කටයුතු වල නිරතවන ලෙසට එම දෙපාර්තමේන්තුව වෙළඳුන්ට තරයේ ම දැනුම් දෙයි.
තමන් මිලට ගන්නා භාණ්ඩයේ නිසි බර ඇද්දැයි තහවුරු කර ගැනීම පාරිභෝගිකයින් සතු අයිතිවාසිකමක් බවත් ප්‍රේමසිරි කුමාර මහතා පැවසීය.
මේ හා සම්බන්ධ යම් පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට අවශ්‍ය පාරිභෝගිකයකුට 011- 2587199 දුරකථන අංකය වෙත පැමිණිල්ල දැනුම් දීමට පිළිවන් බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර වෙළඳුන් ගෘහස්ත (ව්‍යාපාරික නොවූ) තරාදි වලින් කිරනවා අපි දැක තියෙනවා. කියන්න කෙනෙකුත් නෑ. කිව්වට වැඩකුත් නෑ නිසා අපිත් ඔහේ ඉන්නවා. අපි දැන් නිවැරදි වෙමු. නීතිය ක්‍රියාත්මක කරන්න. තරාදිය නිවැරදිද බලන හැටිත් ජනතාව දැනුවත් කරන්න (බ)
හොඳ වැඩක් ! ගොඩක් වෙළෙන්දෝ නගර වල පදික වේදිකා වල අඩුවට කිරන තාරදී අරගෙන මිනුම් දණ්ඩ වෙනස්කර පාරිභෝගිකයාව රවටනවා. විශේෂයෙන් මාළු, එළවලු , සහ සිල්ලර භාණ්ඩ.ඉලෙක්ට්‍රොනික් තරාදි භාවිතය ඉතාම සුදුසු විසඳුමයි (නි)