කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයයේ සමූපාකාර අළෙවිහළේ ලාච්චුවේ තිබූ රුපියල් ලක්ෂ 13ක් සොරා ගෙන ඇතැයි පොලීසිය කියයි.
පොලිස් සාමාජිකයන් මේ අළෙවි සැලෙන් ණයට බඩු ගන්නා බව ද, ඉරිදා බොහෝ දෙනෙක් එම ණය පියවා ඇති බව ද, එම මුදල් සහ පසුදින බඩු මිලදී ගැනීමට තුබූ මුදල් මෙලෙස සොරා ගෙන ඇති බව ද පොලිස් ආරංචි කියයි.
සිද්ධිය වන අවස්ථාව වන විට එහි ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනකු යොදවා සිට ඇත.
මුදල් සොරාගත් අය කිසිදු දොරක් හෝ ජනේලයක් කඩා නැති බව ද, යතුරකින් දොර විවර කර ඇතුළට ගොස් ඇති බවට සැක කරන බව ද, මෙතරම් මුදලක් සේප්පුවේ නොදමා ලාච්චුවේ දැමුවේ ඇයිදැයි විමර්ශනය කරන බව ද උසස් පොලිස් නිලධාරියෙක් ‘එසැණට‘ කීවේය.
සිද්ධිය සම්බන්ධයෙන් 13 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී රොෂාන් සිල්වා මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී සුගත් ගලගමගේ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලේ කොළඹ මංකොල්ල ටික මතක් වෙනකොට මගේ සිතට එන්නෙම පොලිසිය.(නදී)
පිට රට පොලිසි සමග සසදා බැලුවම අපිට ලංකාවේ පොලිසිය ගැන හරිම ලැජ්ජයි.(නදී)
මම නම් හිතන්නේ මේක හොරා පොලිස් ගේමක් වගේ.(නදී)
ඉතින් මේ ගොල්ලෝ කොහොමද අපිට ආරක්ෂාව දෙන්නේ?(නදී)
යකඩ මල්ලත් ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබලම විසිකරපියෝ කිවුවලු. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ නව මුහුණුවරකින්වද්ද? (නි)
ඌරාගේ මස් ඌරාගේම පිටේ තියලා කපනවා කියන්නේ මේකට තමයි. (නි)
රට ආපස්සට යනවා, අපි වයසට යනවා... (නි)
කට්ටිය හොරා පොලිස් සෙල්ලමවත් කරලද? (නි)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? (නි)
මේක ඉතින් අළුත් ශ්‍රී ලංකාවක් නෙ කොල්ලෝ. හෙහ් හෙහ් හෙහ්... (නි)
පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවීමක්ද දන්නෙ නැහැනේ. (නි)
අපේ වාහන පාරෙදි අල්ලලා බොරු වැරදි පෙන්නලා පොලිසිය අපෙන් ගන්න දඩ වලට මේවා හොද පාඩම්. (නි)