තලාව
කැකිරාව පාර තලාව අනාරක්ෂිත දුම්රිය හරස් පාරේදි වව්නියාව සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් 68 හැවිරිදි ගැමියෙක් මියගියේය.
මහනුවර
බෝගම්බර බන්ධනාගාරයේ කරන ලද සෝදිසියකදි හෙරොයින් ග්‍රෑම් තුනක් සහ මිලි ග්‍රෑම් 620 ක් ලඟ තබාගත් රැඳවියෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
බෙන්තොට
ඇල්පිටියේ පදිංචි 35 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් බෙන්තොට ගං ඉවුරේ තිබී සොයාගෙන ඇත. මෙය ඝාතනයක් ද යන්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ
වැලිකඩ
රාජගිරියේ බණ්ඩාරනායක පුරයේදී හෙරොයින් කුඩු විකුණු 48 හැවිරිදි කාන්තාවක ද ගල්කිස්ස බඩෝවිට දී 60 හැවිරිදි පුද්ගලයක් ද අත්අඩංගුවට ගනු ලැබූහ
බෙන්තොට
දුවන දුම්රියෙන් මැදිරිවලට මාරුවි වැඩ පෙන්වන බව කියූ තරුණයෙක් ඉඳුරුවේදි දුම්රියෙන් වැටී මරුමුවට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තලාව පැත්තේ යන රියදුරු මහත්තුරු ලෑස්ති වෙන්න ප්‍රමාද වීම් සඳහා. අනාරක්ෂිත ගේට්ටු ප්‍රශ්නයක් පැන නැගිලා. දන්නවනේ ඊ ලඟට වෙන දේ? (නි)