IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිස් සංදේශය

හබරාදුව

හබරාදුව හැඩිවෙත්තේ දී බස් රථ තුනක් ගැටී හත්දෙනෙක් රෝහල් ගතකරනු ලැබූහ

කරුවලගස්වැව

කරුවලගස්වැව සාලියපුරයේදී අත් ට්‍රැක්ටරයක් ලොරියක ගැටීමෙන් අත් ට්‍රැක්ටරයේ සිටි හත්දෙනෙක් තුවාල ලදහ. ඔවුහු අනුරාධපුරයේ සිට එමින් සිටියදී මේ අනතුර සිදුවිය.

වෙන්නප්පුව

ගින්ඔය අසළ කසිප්පු පෙරූ පුද්ගලයෙක් ගෝඩා ග්‍රෑම් 25000 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

මීටියාගොඩ

ගොඩගම දුම්රිය හරස් මාර්ගයේදි රුහුණු කුමාරී දුම්රියේ හැපුණු 76 හැවිරිදි ගැමියෙක් මියගියේය.

තණමල්විල

ඌරුහොර දී බැකෝ යන්ත්‍රයකින් හාරා තිබූ විශාල වලක දිය නෑමට ගිය 11 හැවිරිදි දරුවෙක් මරුමුවට පත්විය.

අලුත්ගම

බලපත්‍ර ඇතිව රා මදින ස්ථානයකින් රා පානය කළ අට දෙනකු වමනය හා පාචනය හැදී රෝහල් ගතකරනු ලැබූහ. රා මදින්නා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

තෙල්දෙණිය.

අඹකොටේ සිට දිගන දෙසට යමින් තිබූ ත්‍රී රෝද රථයක් නවතා තිබූ තවත් ත්‍රී රෝද රියක ගැටී රිය පැදවූ රියදුරා මිය‍ගියේය.

 

 



අදහස් (0)

පොලිස් සංදේශය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site