පොලිස්පති විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේ සම්ප්‍රදාය වෙනස් කර එම බලය නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් වෙත පවරා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
ඒ අනුව පුරප්පාඩු පැවැති පොලිස් ස්ථාන 17කට නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නව ස්ථානාධිපතිවරු පත් කරනු ලැබූහ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ පොලිස්පතිගේ නිර්දේශ මත නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය අනුව එම පත්වීම් කළ බවයි.
හැටන් මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී එම් එන් ඒ බී තොටගොඩවත්ත මහතාත්, කොටුව පොලිස් ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් එම් එස් පී කේ ගුණරත්න මහතාත්, පිටකොටුව පොලිස් ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් ජයසුන්දර මහතාත් පත් කරනු ලැබ සිටිති.
දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ පී පී ඒ මහින්දසිරි මහතා ද, බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් ඒ ඩී එස් කේ පෙරේරා මහතා ද, කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර මහතා ද, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස සී ඩබ්ලිව් ඉද්දමල්ගොඩ මහතාද පත් කරනු ලැබූහ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක බී එම් ආර් කේ බී බාලසූරිය මහතා යාපනය මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් වී ලෝරන්ස් මහතා කන්කසන්තුරේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එස් එම් කල්දේරා මහතා මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී අයි එස් බී ඒකනායක මහතා කටුනායක පොලිස් ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි එම් යූ එස් යාපා මහතා චීන වරාය පොලිස් ස්ථානාධිපති ලෙස ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ඒ ඩී එල් සඳසිරි මහතා මුන්දලම පොලිස් ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක අයි ටී බී දෙකන්දූවල මහතා රඹුක්කන පොලිස් ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක කේ පී එබ්ලිව් ප්‍රේමලාල් මහතා වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ලෙස ද, පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් ඒ ලක්රුවන් මහතා පල්ලම පොලිස් ස්ථානාධිපති ලෙස ද පොලිස් පරීක්ෂක කේ එච් සී සී කුමාරසිංහ මහතා සාලියවැව පොලිස් ස්ථානාධිපති ලෙස ද පත්කරුනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලේකම් පත් කරන්නේ දේශපාලනඥයින් නේද? එතකොට පොලිසිය දේශපාලනයට යට වෙන්නේ නැද්ද? (ස)
ඔබ තුමාලා පළමුවෙන් කලයුත්තේ තම තමන්ගේ බල ඇණියේ තියෙන දෝස සහිත තැන් බලා ඒවාට ප්‍රතිකර්ම කිරීමයි.ඊට පස්සේ අනෙක් වැඩකටයුතු කිරීම ලෙහෙසි පහසු වේවි. (දී)
ඔය සුදු ඇදගෙන තඩි බඩගෙඩි තියාගෙන ලොකු ලොකු වාහන වලින් යන අයගෙන් බලපෑම් නොවේවා කියල දෙවියන්ට කියනවා ! (ස)
මොන ක්‍රමේට පත්වීම් දුන්නත් දේශපාලකයෝ තමයි පොලිසිය පාලනය කරන්නේ. (දී)
ඉතා ඉක්මනින් ගංජා,හෙරොයින්,කසිප්පු ,මිනීමැරුම්,ස්ත්‍රී දුෂණ,මංකොල්ල,පගා, අල්ලස් ,ළමා අපචාර වළක්වා ගැනීමට පියවර ගන්නවා නම් බොහොම අගය කරනවා (නි)
සුදුස්සාට සුදුසු තැන ලබාදෙන්න (නි)
නිල ඇඳුමට ගරුකර වැඩකළොත් ඔබට සැමදා මහජන සහය ලැබේවි (නි)
හොඳ විදියට යමක් වෙනවා නම් එච්චරයි අපිට ඕනෑ (නි)
පොලිසියට ජය වේවා! (නි)
අලුතින් පත්වීම් ලැබූවන්ට සාර්ථක ලෙස තම රාජකාරිය ඉටුකිරීමට හැකිවේවායි පතමු. (නි)
මේ මහත්වරුන්ට දේශපාලන බලපෑම් වලින් තොරව හරියට රාජකාරිය කිරීමට ඉඩත්, වාසනාවත් ලැබේවා! (නි)
සුදුස්සන්ට සුදුසු තනතුරු දෙන්න (නි)
එතකොට වෙන කිසිම විදියකින් පත්වීම් දෙන්නෙ නැද්ද? (නි)
අමාත්‍යංශයේ ලේකම් කියන්නේ රජයේ නිලධාරින් නොව ඇමති වරයා විසින් පත්කරන දේශ පාලන පත්කිරීමක් කියල පහුගිය බස්නාහිර පළාත් චන්දෙ කලේ ප්‍රදාන අපේක්ෂකයෙකුගේ ආරම්බක රැස්වීමට සහභාගී උන අමාත්‍යංශයක ලේකම් තුමා කෙනෙක් තර්ක කරලා තිබුන... (දී)
ශ්රී ලංකා පොලිසියට අපක්ෂපාතිව රාජකාරි කිරීමට වාසනාව ලැබේව . (දී)
මම නම් ඔය කිසිම දේකට පැහැදීමක් නැහැ (දී)