හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතනය සම්බන්ධයෙන් යළි සාක්කි දීමට කොළඹ ත්‍රස්ත විමර්ෂණ අංශයේ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි ජේ ආර් ජයවර්ධන හා හිටපු අධ්‍යක්ෂ සරත් ලූගොඩ ලබන 31 වැනි දා කැඳවන ලෙස මහාධිකරණය අද නියෝග කළේය.
2005 අගොස්තු 12 වැනිදා සිය නිවසේ පිහිනුම් තටාකය අසලදී වෙඩි තබා ඝාතනය කැරිණි.
සැකකරුවන් වන මුත්තයියා සහදේවන් නොහොත් දේවා හා ඉසිදෝස් ආරෝක්‍ය නොහොත් බාබූ යන සැකකරවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ වී තවරාසා මහතාගේ ඉල්ලීම අනුව දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහාධිකරණ විනිසුරු වරිය අද එම නියෝග කළාය.
දිපාලි විජේසුන්දර හිටපු මහාධිකරණ විනිසුරුවරිය අභියාචනාධිකරණයට උසස් වීමක් ලැබීම පෙර මෙම නඩුවේ සාක්කි විමසීම අවසන් කළාය.
සාක්කිකරුවන් දෙදෙනා යළි සාක්කියට කැඳවනුයේ නඩුව යළි විභාග කිරීම සදහාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් වෙනදෙයක් බලාගෙන ඉන්නවා ඇරෙන්න මේවට මොකුත්ම කියන්න යන්නෙ නැහැ (නි)
අපි බලමුකෝ වෙන්නේ මොනවද කියලා (නි)
මරණය දැක දැක සිටි යුගයක් පහු කළා අපි (නදී)