‘මම මාවනැල්ලට එන විට පොලිසියේ ලොක්කා වාහන දෙකක් අරගෙන තිබුණා. එම වාහන දෙකට ෆිනෑන්ස් ගෙව්වේ කසිප්පු මුදලාලීලා. එදා පොලිස්පතිට කිව්වා. විභාගයක් පවත්වා ඔහු වෙන තැනකට මාරු කළා. මිනිහා මං හමුවන්න ආවා මට විශ්‍රම යන්න තව දවස් කීපයයි තියෙන්නේ කීවා. මම වෙන තැනක් හොයලා දෙන්නම් කියා තිබුණත් මිනිහා කාට හරි කියලා ඒක හදාගෙන තිබුණා.‘ යැයි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා මාවනැල්ල ප්‍රදේශිය ලේකම් කාර්යාලයයේ රැස්වීමකදී පැවසීය.
සෙනෙවිරත්න මහතා මෙසේ ද පැවසීය.
‘අද අපේ දේශපාලඥයන් ළග කසිප්පු කාරයන් ඉන්නවා. මැතිවරණ කාලවලදී ඔවුන්ගේ සහාය ගන්නවා. ඔවුන් හාල් මිටියක් දෙකක් ගෙනත් දෙනවා. ඒ නිසා පොලිසියට කියනවා ඔවුන් අල්ලන්න එපා කියලා. මම මාවනැල්ලට එන කොට තිබූණේ එහෙම තත්ත්වයක්.
අද සමාජයේ බොහෝ දෙනා ආගම දහමට ලැදි නැහැ. භික්ෂුන් වහන්සේලා දහම් පාසල පමණක් පවත්වාගෙන ගියාට මදි. ගමටත් ගිහින් මිනිස්සු ගැන බලන්න ඕනෑ. අනුශාසනා දෙන්න භික්ෂුන් වහන්සේලා ගමට ගියොත් මිනිස්සුන්ගේ මනස පෑදේමි. ගමේ අය අඩු තරමින් පෝය හතරටවත් පන්සලට කැදවා ලන්න ඕනෑ. අද සමහරු ආගමික මුවාවෙන් වැරදි වැඩ කරනවා. වෙසක් දින තොරණ ළග කානිවල් වැනි විකාර කරනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිද පාර්ලිමේන්තුවේ මේ ගැන මතයක් හදලා නීතිය ක්‍රියාත්මක කිරීමට ශක්තිමත් යාන්ත්‍රණයක් හදන්න? (නි)
ඔන්න අද රටේ තත්ත්වය... (නි)
මෙම පොලිස් නිලධාරියා කර තිබෙන්නේ පොලිස් නීති පොතේ හා චර්යා ධර්ම වලට විරුද්ධව බරපතල වැරැද්දක්. කසිප්පුකාරයන්ගේ පගාගන්න පොලිසියේ අය යන්තම් කොහේටහරි මාරු කරනවා. ඒකට දේශපාලකයනුත් අනුබල දෙනවා. දඬුවම ඒකයි. (නි)
හනේ හනිච්චන් රටට ගිය කලක්......අපේ කාලෙ මෙහෙම ඒවා දකින්න තිබුනේ නැහැ නොවැ. ඇමති තුමාල තමන්ගේ මඩිය ගැන බලාගන්නවා වගේ පොලෝසියේ උත්තමයෝත් එයාලගේ මඩිස්සලේ ගැන බලාගන්නවා. හරියට කොන්ද ඇති කෙනෙක් නැති හැටි මුන්ට පාඩම් උගන්වන්න (නදී)
අපටද කියන්නේ ආයිබෝන් ! (නදී)
මාවනැල්ලේ විතරක් නෙමෙයි හැමතැනම ඔහොම තමයි.(නදී)
හිටපු සම සමාජ කාරයෙක්. අපේ ගරු ඇමති තුමෙක් ඇත්ත කතා කරයි. (නදී)
දවසේ පුවත !. (ස)
කසිප්පුකාරයන් නෙමෙයි නියම දොළ පිදේනිය දෙන්නේ. ඒවා මේ වගේ වැදගත් තැනක ලියන්න අමාරුයි. (නි)
අර කියපු පොලිස් ලොක්කව මාරු කලාට පස්සේ ඒ කසිප්පු මුදලාලිලා ආධාර කලේ කාටද දන්නේ නෑ නේද? (ස)
සමහර පොලිස් ලොක්කන්ගේ නව නිවාස දැක්කාම නම්, හිතාගන්න බැහැ.... (නි)
මම මාවනැල්ලට එන විට කසිප්පු කාරයෝ විතරයි හිටියේ දැන් බලන්න කුඩු මුදලාලිලාත් ඉන්නවා (නදී)
මේ කරුණ සම්බන්ධයෙන් පොලිසියෙන් යම් වරදක් සිදුවී ඇත්නම් පැමිණිල්ලක් කළහොත් ඒ ගැන පරීක්ෂණයක් කර තරාතිරම නොබලා දඩුවම් කරනවාද? (නි)
බටුවත්තේ මැද්දෙගොඩ ඉන්නවා කසිප්පු මුදලාලි කෙනෙක්. එයත් රාගම පොලිසියේ මහත්තුරුන්ගේ අනුග්‍රහයෙන් කසිප්පු විකුනනවා. මෙයාගේ පුත්තු පොලිසියේ හයියෙන් ගමේ චන්ඩි පාටුත් දානවා. කාට කියන්නද මෙව්වා. (නදී)
ඔබ තුමා ඕක අපිට කියල ඇති වැඩේ මොකක්ද? ඔබ තුමා නීතියේ ආදිපත්‍ය ගැන එක වචනයක් පාර්ලිමේන්තුවීදී කතා කරල තියෙනවාද? (ස)
අද මගේ ළග කසිප්පු කාරයන් ඉන්නවා. මැතිවරණ කාලවලදී ඔවුන්ගේ සහාය ගන්නවා. ඔවුන් හාල් මිටියක් දෙකක් ගෙනත් දෙනවා. ඒ නිසා පොලිසියට කියනවා ඔවුන් අල්ලන්න එපා කියලා. අද මාවනැල්ලේ තියෙන්නේ මෙහෙම තත්ත්වයක්. දැනගන්න (නදී)
මාවනැල්ලට පුදුම ආදරයක්නේ තියෙන්නේ .කසිප්පු කාරයෝ තමා මාවනැල්ල දුවවන්නේ. (ස)
මෙයාලට කසිප්පු කාරයන් ගෙන් වැඩක් නෑ. මොකද මෙයාලට කුඩු මුදලාලිලා ඉන්නවනේ. (ස)
ඕක සාමාන්‍ය දෙයක් අද හැමතැනම.! (නදී)
ඕක මොකද්ද කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇමති ලොක්කෙකුත් ඉස්සර කොරියාවේ යැව්වා කියන්නේ ලක්ෂ 2-3 අරන්. පුතා තමයිලු වැඩේ කළේ.(නදී)
ඔබ වැනි ඇත්තම ඇත්ත කතාකරන දේශපාලඥයන් මම කවදාවත් දැකලා නැහැ (නි)
මාවනැල්ලෙ ඉන්න අපි ඔය කාගෙ කාගෙත් වැඩ ගැන දන්නවා. සුදනො එකෙක් වත් නෑ. (ස)
මෙහෙම පත් කරන දේශපාලකයො හැමදාම කියන්නේ මගේ ජනතාව බුද්ධිමත් කියලා. මොකද ඒ අය දන්නවා මේ වගේ ඡන්ද දෙන ජනතාව මෝඩයෝ තමයි කියලා. ඒත් ඒක දැනගන්න එක වලක්වන්නයි එහෙම කියන්නේ. (ස)
කවුද දන්නෙ නැහැ මේ ලොකු ලොක්කා? (නි)
හරිනම් කරන්න තිබුණේ පැමිණිලි කරලා අදාල ක්‍රියාමාර්ග ගන්න එක නොවේද? (නි)
නීතිය රැකීමේදී ,නීතිය කඩන්නන් ගැනද විමසිලිමත් වීම ඇමතිවරයෙකුගේ වගකීමකි (නි)
ඔන්න ඕකයි ඉතින් ඇත්ත... (නි)
ඔය කොයි කොයි අයත් කරන්නේ ඔයටිකම තමයි මහත්තයෝ.... අපි අපේ අත සෙළෙවුවොත් අපිට තුන් වේල කාලා ඇඳලා ඉන්න පුළුවන් (නි)
ඉතින් කොහොමද නීතිය රකින‍්නේ? (නි)
ඔන්න පේනවනේ ඉතින් අපේ අයගේ තරම! (නි)
අනේ මහත්තයෝ ඔයාගේ අනුසාසනා අපිට වැඩක් නැහැ,ඔබතුමා ධර්මය උගන්වන්න කලින් ඔබතුමා හරි මාර්ගයේ ගිහින් පෙන්වන්න, ඔබ තුමා කරපු වැරදී කියන්න ගියොත් දවස් ගානක් ලියන්න පුළුවන්. (ස)
ඔය වගේ වැදගත් උගත් දේශපාලඥයන්ව කව්ද බලයට පත් කරන්නේ, අපේ බුද්ධිමත් ජනතාව!! (ස)
දන්නෝ දනිති .... අපි ඔයාවත් හොදටම දන්නවා...(ස)
එදා බයිසිකලය වත් නැති අය කොටි ගණන් වටිනා වාහන වල යනවා. අපි නොදන් චෙස් (ස)
ඔන්න පේනවනේ ඉතිත් වැඩ (නි)
මමත් දවසක් වැල්ලවත්තේ වෙරළේ ඉන්නකොට එතනට කඩා වැදිච්ච පොලිසියේ නිලධාරියෙකුගේ ලයිට් බිලක් ගෙවල තියෙනවා. (නදී)
ඔන්න ඉතින් පේනවා නේද රට යන අත? (නි)
අද අපේ රට ගැන අපිටම හරි දුකයි.අනාගතය පිළිබඳ හරිම භයංකාර පෙරනිමිති පෙන්නුම් කරන්නේ. (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
ඇයි දෙවියනේ, අපි මේවාට මොනවා කරන්නද? සමාජය හදන්න පෙර ඔහෙලා හැදෙනවා නම් තමයි හොඳ (නි)