රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ගිය රජය සමයේ පරීක්ෂණ පැවැත්වූ බව කියන විශ්‍රාමික පොලිස් නිලධරයකු අද හෝ හෙට අත්අඩංගුවට ගනිතියි පොලිස් ආරංචි කියයි.
තාජුඩීන් රිය අනතුරකදී මිය ගිය බව ඇඟවෙන පරිදි පරීක්ෂණ පැවැත්වීමට ඔහු යටත් නිලධරයනට උපදෙස් දුන් බව කියති.
මේ අතර හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) පැය හතකට අධික කාලයක් ප්‍රශ්න කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලොක්කා ගන්නාතුරු අපි තාමත් බලා ඉන්නවා. කී සැරයක් ඔය කතාව කිවුවද? (නි)
අපරාදේ කියන්ඩ ඕනෑ නැහැ පොලිසියේ මහත්යතට ඇප ලැබෙයි. පොඩි මිනිස්සු තමා අත්අඩංගුවට අරන් රඳවාගන්නේ. දැක්කනේ කොටදෙනියාව ගමේ කීදෙනෙක් කරදර වින්ඳද? (නි)
අහවලා දඬුවම් දීපු ක්‍රමයේ වැරැද්දක් තිබුන නිසා ඇතමුන් ඔහුව හැඳින්වුයේ "කැකිල්ලේ රජා" කියලා. ක්‍රියාවෙන් අනුප්‍රාප්තිකයෙකුට වුණත් කැකිල්ලේ භූමිකාව කරගෙන යන්න බාධාවක් අපට නම් පෙනෙන්නේ නැහැ. (නි)
වැරදි කරලා තිබේනම් දඬුවම් ෂුවර්. (ර)
නිපුන, මට නම් විශ්වාස නැහැ. ඒ මොකද මෙහෙම අය බේරන්නත් බලවත් පිරිස් තවමත් බලවත් තැන්වල ඉන්නවා. (නි)
කව්රුත් කලබල වියයුතු නැහැ වැරදි නොකරානම්. (ර)
ලංකාවේ වැරදිකරුවන්ට දඬුවම් දෙන ක්‍රමවේදය හා ලැබෙන දඬුවම් පිලිබඳ එතරම් විශ්වාසයක් තබන්න. එහෙත් මහා අපරාධ කාරයන්ට ස්වභාවධර්මය මගින් ඒකාන්තයෙන් ම දඬුවම් හිමිවෙනවා. (ර)
මේ මහා වැස්සේ...? (ර)
බලය තිබෙන කොට මොලය නැහැ මොලය තිබෙනකොට බලය නැහැ. (ර)
මට නම් විශ්වාසයක් නැහැ මේ ඝාතනයට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් ලැබෙයි කියලා. මේ රජය බලයට ආ දවසේ ඉඳලා මේ සම්බන්ධව සංදර්ශන පමණයි. (නි)
රට දාර්මික නම් විපත් අඩුවේ. (ර)
කළ වැරදි ගැන නම් විශ්වාසයි. ඒත් දඬුවම් විශ්වාස නැහැ. (නි)
කවුද මේ කියන කෙනා? (නි)
වැරදි කළත් දඬුවම් ලැබෙන්නේ එක් කොටසකට පමණයි (නි)
දෙයක් කරලා පෙන්නනතුරු අපි ඔය අත්අඩංගුවට ගැනිලි විශ්වාස කරන්නේ නැහැ. (නි)
අනුර සේනානායක කියන්නේ හොඳ පොලිස් නිලධාරියෙක්. එ්ත් සමහරු නීතිය අවනීතිය කර දේශපාලුවන්ට කඩේයනවා වරදාන බලාපොරොත්තුව (නි)
අනේ මන්දා මරල මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා. ඒ ගස් ඉරලා මිනීපෙට්ටි හදල. දැන් ඒවත් දිරල . මිනිමරුවෝ තවම සොයනවා .මෙහෙමත් රටක් ...(බ)
මේ අපරාධ නිසා තමයි රටට දැන් මේ ගංවතුර ..(බ)