අලව්ව මාබෝපිටිය ශ්‍රී සුධර්මාරාම බෝධිඝර විහාරය සහ අම්බුලුව රජ මහා විහාරයේ දහම් පාසල් සිසු සිසුවියන්ට නොමිලේ ඇඳුම් කට්ටල පිරිනැමීම පසුගියදා මීරිගම පොලිස් මිතුරු සෙවණ සමිතිය මගින් සිදුකෙරිණි.
පොලිස් මිතුරු සමිතියේ ප්‍රධාන අනුශාසක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෝර්ටන් සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු එම වැඩසටහනට ගේට්වේ ජාත්‍යන්තර පාසල් ජාලයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආර්.ඒ.ටී.අලස් මහතා සිහිගන්වමින් උප සභාපතිනි රෝහිනී අලස් මහත්මියගේ දායකත්වය හිමි විය.
තෙලිකඩ ධම්මිස්සර හා උරුලෑවත්තේ ධම්මකිත්ති යන හිමිවරුද පොලිස් මිතුරු සෙවණ සම්බන්ධතා අංශයේ පොලිස් පරීක්ෂක ආර්.ඒ.සමන් ප්‍රියදර්ශන, පොලිස් සැරයන් ප්‍රියංකර සිල්වා, උප පොලිස් පරීක්ෂක ගාමිණී විජේවර්ධන, ලේකම් දිලිප් රණවක, සභාපති එම්.පී.එච්.විජේසිංහ භාණ්ඩාගාරික පාලිත හෙට්ටිආරච්චි යන පිරිසද එයට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd