අලුත්ගම දර්ගා නගරයේ යතුරු පැදි කඩයකට සඳුදා (08) අලුයම ගල් ගසා අලාභ හානි කිරීමේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන පොලිසිය, පොලිස් සුනඛ වූෂි සඳුදා සවසම එහි රැගෙන ගියේය.
කඩය ඇතුළේ තිබූ ගලක් ඉව කළ වූෂි තුන් වරක්ම කඩ හිමියා ළඟට ගොස් නතර වූයේය.
හමුදාවෙන් ඔහුගේ කඩය අලුත්වැඩියා කර දී ඇති අතර යකඩ දොරක් දැමීමට නියමිතව තිබිය දී මේ සිද්ධිය වාර්තා විය.
පසුගිය කලබල සමයේ ඔහුගේ කඩයට ද හානි වූ නමුත් වන්දි ලැබී නැතැයි ද එහෙත් හමුදාව කඩය අලුතින් හදා දී ඇතැයි ද පොලිසිය පවසයි.
වෙනත් සංවිධානයක බැනරයක් එම කඩය ආසන්නයේ ගසක බැඳ තබන්නට ඇත්තේ පොලිසිය නොමඟ යවන්නට විය හැකි යැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩ මුදලාලි හිතන්න නැතුව ඇති අහු වේවි කියලා. (ර)
මෙවැනි මිනිසුන් දඬුකඳේ ගහන්න ඕන. (ස)
ඔන්න ඔහොමයි දර්ගා නගරයේ ප්‍රශ්නෙත් ඇති උනේ (නදී)
මේ වෙලාවේ දේශපාලන වාසි ගන්න හදනවද කොහෙද. (හේ)
තමන්ම ගහගෙන අරගොල්ලෝ ගැහැවුවා කියනවා. පස්සේ පිටරටවලටත් නොක්කාඩුව කියනවා. අනේ අපේ රටට ගිය කල. (බ)
බල්ලා ගියේ මස් හෝ පිලි සුවඳ ඔස්සේද ? (දී)
ඉල්ලගෙන කාලා (නදී)
උසිගන්වන්න ඕනා (නදී)
එයාම මේ දේ කරගෙන වගේ.(හේ)
මමම ගස් බැඳ ගත්ත වගේ .කව්රු හරි කියන එකක් විශ්වාස කරනවා (බ)
බලනකොට මෙයාලා හරි කපටියි අනේ....! (නි)
එහෙනම් අනිවාර්යෙන්ම වැරැදිකරු ඔහු වෙන්න ඇති.(හේ)
හැංගි හැංගි වෙස් බැන්දට අන්තිමට නටන්න වෙන්නේ එළිපිට.(හේ)
මේ වගේ අය ගැන කල්පනාවෙන් ඉන්න.(හේ)