
(අංජුල මහික වීරරත්න)
2024 රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය සංවිධාන කළ “පුදමු මුනිඳු බැති ගීයෙන්” වෙසක් බැති ගී ප්‍රසංගය කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී පැවැත්වුණු අතර එය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.
ශ්‍රී ලංකා පොලිස් බටහිර තූර්ය වාදන කොට්ඨාසයේ සංගීතයෙන් සහ ශ්‍රී ලංකා පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නර්තනයෙන් විචිත්‍රවත් වූ මෙම බැති ගී ප්‍රසංගය සඳහා ආරාධිත ගායන ශිල්පීහු ද සහභාගී වූහ.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානී ගුණතිලක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරු ද ජනාධිපතිවරයා සමග වෙසක් බැති ගී ප්‍රසංගය නැරඹීමට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මේ අය දැක්කාම මතක් වෙන්නේ අංගුලිමාල ජාතකය.