මෙතෙක් උසස්වීම් නොලැබු ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 57 දෙනෙක් සහකාර පොලිස් අධිකාරිවරු වශයෙන් කඩිනමින් උසස් කිරිමට පොලිස් කොමිසම පියවර ගන්නා බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.
මෙම පිරිසට උසස්වීම් නොලැබීම සම්බන්ධයෙන් ඔවුන් අධිකරණය හමුවේ නඩු පවරා තිබු අතර ඔවුන්ට උසස්විම් ලබාදෙන ලෙසට අධිකරණයට විසින් නියෝග කර තිබුණි.
එම නියෝගය අනුව මෙම පොලිස් නිලධාරින්ට ඉතා ඉක්මණින් උසස්වීම් ලබාදීමට පොලිස් කොමිසම තීරණය කර ඇති බව ලේකම් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම වෙලා තියෙන්නේ මේ පොලිස් නිලධාරින් අධිකරණයේ පවරා තිබු නඩු අනුව අධිකරණය විසින් ඔවුන්ට උසස්වීම් දෙන ලෙස කරපු නියෝගයට අනුව කටයුතු කිරීමක් නේද? එහෙම නැතුව පොලිස් දෙපාර්තමේන්තුවෙන් හෝ පොලිස් කොමිසමෙන් උසස්වීම් දීමක් නෙමෙයි නේද (නි)
සුදුස්සාට නිසි තැන ලබාදීම හොඳයි (නි)
අර හැම එකකටම "එහෙමයි සර්" කිය කියා ටෙලිෆෝනයෙන් කතාකරන මහත්තයාව මට මේ වෙලාවේ මතක්වුණා (නි)