කොළඹ - නුවර  ප්‍රධාන මාර්ගයේ කන්ද කපාපු හන්දියේ දී  2011 මාර්තු 13 වැනි දා  ව්‍යාජ  අංක තහඩු  සහිත වෑන් රථයක් පදවද්දී යතුරුපැදියක ගැටීමෙන් තිදෙනකු මියයාම ඇතළු චෝදනා  8 කට  වරදකරු  වු උප පොලිස් පරික්ෂකවරයකුට  බරපතල වැඩ සහිත මාස 12 ක සිර දඬුවමක් සමඟ රුපියල් 59500 ක දඩයක් ද නියම කිරිමට  ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්  ලලිත් කන්නංගර  මහතා  අද (9) නියෝග කළේය.

මිය ගිය එක් අයකුට  රුපියල්  ලක්ෂය බැගින් ලක්ෂ තුනක වන්දි  ගෙවන ලෙසත් වන්දි නොගෙවන්නේ නම් මාස හයක ලිහිල්  සිර දඬුවමක් ද නියම කැරිණි.