හම්බෙගමුව නැබඩපැලෑස්සේ කංසා හේනක් වැටලීමට ගිය පොලිස් නිලධාරියකු බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කළ බව හම්බෙගමුව පොලීසිය කියයි.


ගංජා ග‍්‍රැම් පහක් සමඟ තරුණයෙකු(23) අත්අඩංගුවට ගත්බව තඹුත්තේගම පොලිසිය කියයි.


යුද සමයේදී එල්ටීටීඊ සංවිධානය වළදමන්නට ඇති බව කියන ක්ලේමෝ බෝම්බ තුනක් මන්නාරම ශිලාවතුර කොණ්ඩංචි ප්‍රදේශයෙන් සොයාගත් බව ශිලාවතුර පොලීසිය කියයි.


සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇල්පිටිය මුලික රෝහලේ ප්‍රතිකාර ගැනීමට රඳවා සිටි සැකකරුවකු අද (19) දිවා ආහාර සඳහා මාංචු ගැල වු අවස්ථාවේ පැන ගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය කියයි.