පාදෙණිය අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව මහගල් කඩවලදී ජිප් රියක් හා වෑන් රියක් හැපී වෑන් රථයේ රියදුරා මිය ගිය බවත් මාළු ප්‍රවාහනය කළ ජිප් රියේ රියදුරා හා සහයකයා තුවාල ලබා රෝහල් ගත කළ බවත් පොලිසිය කියයි.
කහටගස්දිගිලිය හල්මිල්ලේ ගොවියකු වන කේ.තිලකසිරි (70) වල් අලි ප්‍රහාරයකින් මිය ගිය බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.
මිනුවන්ගොඩ ඕපාත දඩුගම්ඔය අසල තිබි විදේශීය නිෂ්පාදිත ජිව අත්බෝම්බ දෙකක් හා විවිධ වර්ගයේ පතුරම් 32 ක් සොයා ගත් බව පොලිසිය කියයි.
වැල්ලවාය තෙලුල්ලේ දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් පොලිස් සැරයන්වරයකු මිය ගිය බව පොලිසිය කියයි.
අනුරාධපුර අද (7) අලූයම තුනට පමණ යතුරු පැදියක් සහ ඩිමෝ බට්ටා ලොරියක් ගැටිමෙන් යතුරු පැදිකරු (22) මියගිය බව අනුරාධපුර පොලිසිය කියයි.
මිනුවන්ගොඩ ඕපාතේ දී ත්‍රිරෝද රථ දෙකක් ගැටීමෙන් රියදුරෙක් (60) මිය ගිය බව පොලිසිය කියයි.
බිබිල යල්කුඹූරේ දී පොරෝ තරුණයකු (21) මිය ගිය බවත් තවත් තරුණයකු තුවාල ලැබු බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd