දින දෙකකට පමණ පෙර මිය යන්නට ඇතැයි සැක කෙරෙන නාදුනන කාන්තාවකගේ මළ සිරුරක් කළුතර මොරොන්තුඩුව ඉපිරිස්ස පාලම යට තිබී සොයාගත් බව පොලිසිය කියයි.
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගාලු පාරේ පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් වටළා කළමණාකරු බව කියන පුද්ගලයෙක්ද කාන්තාවෝ තිදෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබුහ.
ඔවුන් තඹුත්තේගම,පදවිය හා මරදානේ පදිංචිකාරියන් බවත් වයස 22-30 අතර වන බවත් පොලිසිය පවසයි.
අනුරාධපුර බන්ධනාගාරයේ රුදවියකු රෝගී විමෙන් පසු අනුරාධපුර ශික්ෂණ ඇතුළත් කල බවත් රෝහලේදි මියගිය බවත් අනුරාධපුර පොලිසිය කියයි.
ගාල්ල මිරිද්දූව මොරගොඩ ඇළේ පිරිමියකුගේ (48) මළ සිරුරක් පාවෙතියි පොලිසිය කියයි.
හෙරොයින් මත්කුඩු සමග දෙදෙනෙක් අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බද්දෙගම-ගාල්ල බස් මාර්ගයේ කුම්මේදී යතුරුපැදියක් හා ට්‍රක් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පාසල් සිසුවියක මිය ගිය බව බද්දෙගම පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd