නීති විරෝධීව මසුන් අල්ලමින් සිටි මෙරට ධීවරයින් පස්දෙනෙකු මන්නාරම ශිලාවතුර මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
නීතිවිරෝධි ගිනි අවි වැටලීමේ මෙහෙයුමකදී ටී 56 ගිනි අවියක් සහ ජීව උන්ඩ 50 ක් සමග පුද්ගලයකු(54) රාගමදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මීගමුව දාගොන්නේදී ගල් කටස් වර්ගයේ ගිනි අවි දෙකක් සහ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමග පුද්ගලයකු(35) සැකපිට අත් අඩංගුවට ගත් බව ද කියයි.
හෑෂ් නමැති මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 7200 ක් සමග පුද්ගලයකු(22) බස්නාහිර පළාත් දූෂණ මර්ධන අංශය මගින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd