හෝමාගම සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ වෑන් රථයක් අද (30) අලුයම මීගොඩ දික්හැතැප්ම දී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් පසු උඩුකුරුව පෙරලී ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
අනුරාධපුර මාතලේ හන්දියේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි තිදෙනෙකු එම ආයතනයේ හිමිකරුට පහර දී රන් භාණ්ඩ පැහැරගෙන ගොස් ඇති බව මිහින්තලය පොලිසිය කියයි.
බදුල්ල මීගහවෙල නිවසක සඟවා තිබු පෞරාණික වටිනාකමින් යුත් නාගයකුගේ හැඩරුව සහිත බස්තමක් ,මැණික්ගල බව සැක කරන ගල් 125 ක්, රන් පැහැති බුදු පිළිමයක් හා පිරිසියක් , සුදුහඳුන් ග්‍රැම් 500ක් හා යකඩ කඩුවක් සදඟ කපුවකු (37) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හෙරොයින් ගිල දමා පකිස්ථානයේ සිට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කටුනායක මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd