පාසල් සිසුන් නම දෙනකු ප්‍රවාහනය කරමින් තිබු ත්‍රිරෝද රථයක් අද (26) කළුතර නෑබඩ කැන්දකඩුවේදී මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ළමුන් අට දෙනකු තුවාල ලබා ඇතැයි තෙබුවන පොලිසිය පවසයි.
මරදන්කඩවල තිරප්පනේ මාර්ගයේ පා පැදියක යමින් සිටි තිරප්පනේ ගිරට්ටකට්ටිය පදිංචි තිදරු පියෙකු (69) කැබ් රථයක ගැටීමෙන් මිය ගොස් ඇති බව කැකිරාව පොලිසිය කියයි.
තම මවට (63) පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකළ 43 න් හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුතර නගරයේ තිබෙන්නේ ප්‍රධාන පොලිස් ස්ථානයක්. හැබැයි මොනවා තිබුනත් මොන නීති තිබුනත් උදේට හවසට ත්‍රීවීල් වල පොඩි ළමයි ඔබාගෙන ගෙනියනවා. දෙමවුපියනුත් ඒවාටම ළමයි ඔබනවා. එක්කෝ විදිමත් පාසල් බස් රථ ක්‍රමයක් ඇති කරන්න ඕනෑ. ඒවත් නැහැ. ඉතින් අම්මලා තාත්තලා පුළුවන් විදිහට දේවල් කරනවා. අපි කළුතර නිසා කළුතර දේවල් දකිනවා. (නි)
කළුතර පොලිසියක් නැද්ද? කළුතරට වෙනම නීතියක්ද, දන්නේ නැති නිසයි ඇහැව්වේ? (බ)
මීට කලින් ත්‍රී රෝද රථවල ගෙන යන මගීන් සංඛ්‍යාව ගැන කියල ඕන තරම් කොමෙන්ටු දාල ඇති. නීති තිබුනට ඇති වැඩේ මොකක්ද, ළමයින් නව දෙනෙක් කොහොමද ප්‍රවාහනය කරන්නේ? (බ)