IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොලිස් පොතෙන්

ගල්කිස්ස ප්‍රදේශයේ දී  රුපියල්  ලක්ෂ 16 ක් වටිනා  හෙරොයින්  ග්‍රෑම් 125 ක පාර්සල්  හතරක්  අත්අඩංගුවට ගත් බව ‍පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.


හබරණ අඹගස්වැව දී  වල් අලින්ගෙන් බේරීමට දිව ගිය තරුණයන් දෙදෙනෙකු  දියේ ගිලි මිය ගිය බව පොලිසිය කියයි. තරුණයන් 6 දෙනකු සමග මාලු බෑමට ගිය අවස්ථාවේදී ඔවුහු මෙම අනතුරට පත්ව ඇතැයි කියති.


මන්නාරම ඉලුප්පකඩවායි දී කේරල ගංජා කිලෝ 5 සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිස් විෂමත්ද්‍රව්‍ය අංශය කියයි.


රිදිගම දෙල්විට මාර්ගයේ කඩා වැටී  තිබු  පස් කන්ද ප්‍රදේශවාසින් ඉවත් කරමින් සිටියදී පස් කන්දට  යට වී  මිය ගොස් සිටි  කාන්තාවකගේ (82) මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි.


මඩකලපුව කුඩුම්බිමලෙයි  කන්නගිඅම්මාන්  කෝවිල පැමිණි පිරිසක්  බඹර  ප්‍රහාරයකට  ලක්වී  33 දෙනෙකු  තුවාල ලබා රෝහල්  ගත කළ බව පොලිසිය කියයි.


බණ්ඩාරගම කිඳෙල්පිටියේ ත්‍රීරෝද රථයක් හා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී ත්‍රීරෝද රථයේ රියදුරු මිය ගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය කියයි.


මහනුවර යුගයට අයත් යැයි කියන කඩුවක් බදුල්ල රොක්හිල් ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගත් බව බදුල්ල පොලිසිය කියයි.


මිතුරන් පිරිසක් සමග එප්පාවල මැඩියාව වැවේ වානෙන් එපිට මාලු ඇල්ලිමට ගිය 36 හැවිරිදි පුද්ගලයෙකු අද (17) සවස ජලපහරට ගසාගෙනගොස් අතුරුදහන් වි ඇතැයි එප්පාවල පොලිසිය පවසයි.



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site