- මඩකලපුව පොළොන්නරුව මාර්ගයේ බෝඅත්තේ දී මාර්ගයේ ගමන්කළ 46 හැවිරිදි පුද්ගලයෙක් වැලිකන්ද රෝහලට ඇතුලත් කිරීමට ගෙනයමින් සිටිය දී මියිගියේය.
- මුලතිව් කොකිලාවි මාර්ගයේ හතර කණුව අසළ දී යතුරුපැදියක් හා පා පැදියක් ගැටීමෙන් පාපැදියේ ගමන්ගත් පුද්ගයා (72) මියගිය බව පොලිසිය කියයි.
- දෙහිවල වනරථනාරාම පාරේ නිවසකට ඇතුළු වී රුපියල් 203,000.00 ක් වටිනා දේපල සොරාගත් බවට සැකපිට දෙදෙනෙක් එම දේපල ද සමග අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
- ගිරිබාවේ වන්නිකුඩාවැව පදිංචි පුද්ගලයකු (56) ගංජා කිලෝ පහක් සහ ග්‍රෑම් 400ක් සමග අත්අඩංගුටව ගත් බව ගිරිබාව පොලිසිය පවසයි.
- පුත්තලම මලගුණ්ඩුව පාරේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු සමග බලපත්‍රනොමැති බෝර 12 තුවක්කුවක් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
- හිදෝගම පුද්ගලික ඉඩමක නිදන් ගැනීමේ අපේක්සාවෙන් කැණීම් කරමින් සිටි තිදෙනෙක් පූජා භාණ්ඩ ඇතුළු උපකරණ රැසක් සමග අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
- දොම්පේ වානලුවාවේ දී පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි ද තුවාල ලැබූ තවත් පුද්ගයකු දොම්පේ රෝහලෙන් ගම්පහ රෝහලට මාරුකර යවා ඇතැයි ද පොලිසිය කියයි. පැරණි කෝන්තරයක් මත මේ ඝාතනය සිදුව ඇති බවත් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
- නෝර්වුඩ් බිරට් වතුයායේ වැඩ කරමින් සිටි කාන්තාවන් හතර දෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්ව දික්ඔය රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටිති.
- බුලත්සිංහල නාරගල දී කළුගඟේ දිය නෑමට ගිය කොට්ටාවේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
- ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන විදේශගත වීමට තැත්කළ වව්නියාවේ පදිංචි පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd