- ඉගිනියාගල දමන මාර්ගයේ යතුරුපැදියක් ඇළකට වැටී 35 හැවිරිදි පුද්ගලයකු මියගියේය.
- හංවැල්ල කඩුවෙල මාර්ගයේ ආටිගල හන්දියේ දී ලොරියක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලැබූ යතුරුපැදි කරු නවගමුව රෝහලේ සිට ජාතික රෝහලට රැගෙන යන අතරතුර මියගිය රෝහල් ආරංචි පවසයි.
- නවගමුව පොලිසිය කරන ලද වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 02ක් හා මිලිග්‍රෑම් 150ක් සමග 21 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි. මෙම සැකකරු ගෙවල් බිදීම් හතකට සැකකරුවකු බවත් ඔහු සන්තකයේ තිබී පවුම් නමයක පමණ රන් භාණ්ඩ සොයාගත් බවත් පොලිසිය කියයි.
- ඉලවාලි සේන්දම්කුම් දී හෙරොයින් ග්‍රෑම් 104 හා මිලි ග්‍රෑම් 600ක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
- කොළඹ ගොල්ෆ් ක්‍රීඩාංගණය ආසන්නයේ දී හෙරොයින් ග්‍රෑම් 01ක් හා මිලි ග්‍රෑම් 800ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd