මැදවච්චිය මන්නාරම් ප්‍රධාන මාර්ගයේ සෙට්ටිකුලමේ දී යුද හමුදා බස් රථයක් හා සුඛෝපභෝගි මෝටර් රථයක් ගැටීමෙන් රියදුරා මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූ බවට සෙට්ටි කුලම් පොලීසිය කියයි.
මාන්කුලම රක්ෂිතයේ බුරුත දැව පටවා ගත් ටිපර් රථයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අතඅඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
අනුරාධපුර ප්‍රදේශයේ චාරිකාවක යෙදුණූ ඉන්දීය ජාතිකයකු (63) සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියදී රෝගාතුර වීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මධ්‍යම පළාතේ පැවැති වර්ෂා කාලය පහව යාමත් සමඟ දැඩි මීදුම් තත්ත්වයක් හට ගෙන ඇති බව ප්‍රදේශවාසිහු කියති. මාර්ගය නොපෙනීම හේතුවෙන් වාහන හිමියන් දැඩි අපහසුතාවයකට ලක් වී ඇත.



![image-0b17f72e8a44640b3976885a632be82a98e569f2e3d6e93d7e57b751a387dd28-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/image-0b17f72e8a44640b3976885a632be82a98e569f2e3d6e93d7e57b751a387dd28-V1.jpg)
![image-080ae624fd30c2e7a9026b28760fed2d9981906d543d25d9eda5c74361e154b6-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/image-080ae624fd30c2e7a9026b28760fed2d9981906d543d25d9eda5c74361e154b6-V1.jpg)
![image-f844ed38fe5bd58cf5ebbc66b7e46450faf9d38c4090778e59bdcbe59931b030-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/image-f844ed38fe5bd58cf5ebbc66b7e46450faf9d38c4090778e59bdcbe59931b030-V1.jpg)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd