පිළිමතලාවේ විදුහලක පාසල් සිසුවකුට එම පාසලේම සිසුන් 10 දෙනකුට වැඩි පිරිසකගේ පහර කෑමට ලක්ව රෝහල්ගත කර ඇතැයි කඩුගන්නාව පොලිසිය කියයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පමුණුව ප්‍රදේශයේ පදිංචි සිසුවාට පාසලේම 12 වසරේ සිසුන් පිරිසක් ‘උඹේ ලේ බලන්න ආසයි‘ කියා වැසිකිලියට රැගෙන යාමට උත්සාහ කරද්දී සිසුවා එයට විරුද්ධ වී ඇති බවත් ඒ අවස්ථාවේදී සිසුවාගේ කකුල්වලට, බඩට, හිසට හා පපුවට දිගින් දිගටම පහර දී ඇති බවත් ඇඳ සිටි පාසල් ඇදුම් වල සපත්තු පහරවල් සිටින ලෙස සිසුවා බිම දමා පාගා ඇති බවත් පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන්ය.
මේ අතර පිළිමතලාව, ගඩලාදෙණියේ සිය නිවසේදී 7 හැවිරිදි දැරියකට පහරදුන් බව කියන මවක් සහ දියණියක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම දැරිය පේරාදෙණිය, හන්තානේ පදිංචිව සිට ඇති අතර පහරදුන් බව කියන ගඩලාදෙණියේ සිය හිතවතකුගේ නිවසේ අයට දැරිය රැකබලාගැනීමට බාරදී ඇගේ මව විදෙස් රැකියාවකට ගොස් ඇති බවත් කියති.
බදාදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර මව සහ දියණියට වෙන වෙනම ශරීර ඇප දෙකක් හා රුපියල් ලක්ෂ 2 බැගින් මුදල් ඇප නියම කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
133
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්
ඉඳුනිල් Thursday, 09 July 2015 09:34 AM
අර බීම මේ බීම මත් බීම රට හැම තැනම . ඒවා බලන්න කවුරුත් නෑ. නාමයෝජනා හොයන්න ඕන තරම් අය ඉන්නවා . (ම)