• වේයන්ගොඩ පට්ටිපොළ වැසියකු මරා ගවයකු පැහැරගත්තේයැයි සැකපිට සිව් දෙනකු වේයන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මිය ගිය පුද්ගලයාගේ හත් දවසේ දානය අදට යෙදී ඇති අතර දින හතක් ඇතුළත පරීක්ෂණ පවත්වා සැකරුවන් අත්අඩංගුවට ගත් වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතා ඇතුළු පොලිසියේ සියලු දෙනාට ස්තිතු කරන බව පවසමින් ගමේ බැනර් ද ප්‍රදර්ශනය කර තිබේ.
  • අහුන්ගල්ල මරදානේ දී තරුණයකු (27)  වෙඩි තබා  මරා දමා අැතැයි පොලිසිය කියයි.
  • අනුරාධපුර  ඇලයාපත්තුව පුලියන්කුලම විද්‍යාලයේ  ගුරුවරියකට සහ ඇගේ පුතාට  පහර  දුන් බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 

ජායාරූප හා  විඩියෝ දිපාල් සිල්වා