මොරගහහේන
මොරගහහේන මිල්ලෑව හන්දියේදී යතුරු පැදියක් හා ලොරියක් ගැටී යතුරු පැදියේ ගමන්ගත් අයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයාගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි කියයි.
යතුරු පැදියේ පැමිණි දෙදෙනා අඹන්පොළ පදිංචිකරුවන් බවද කියති.
මට්ටක්කුලිය
ලෝක මත්ද්‍රව්‍ය දිනය වන අද (26) මට්ටක්කුලිය ජාත්‍යන්තර පාසලක් අසලදී හෙරොයින් මත්කුඩු ග්රෑම් 20ක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් 1,60,000ක් පමණ වෙතියි කියති.
මොහු පසුගියදා පානදුරදී අත් අඩංගුවට ගත් ‘වෑකඩ කුඩු සඳමාලි‘ නමැති කුඩු ජාවාරම්කාරියගේ ගෝලයකු බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd